ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්තම ආදායම් උපයන මර්මස්ථානයක් වන කටුනායක අධිවේගී මාර්ගය මේ වන විට අරාජිකත්වයේ සංකේතයක් බවට පත්ව ඇත. "වාහන තදබදය අඩු කිරීම" යන සටන් පාඨය පෙරදැරිව කෙරවලපිටිය පිවිසුම වසා දැමීමට බලධාරීන් ගත් තීරණය, අද වන විට ජනතාවට මහමග රස්තියාදු වීමට සිදු වූ තවත් එක් ශාපයක් බවට පත්ව තිබේ.
කෙරවලපිටියේ ටිකට් දෙන එක නතර කරලා, සීදුවෙන් සහ පෑලියගොඩින් ටිකට් දෙන්න ගත්තේ තදබදය අඩු කරන්න කියලා. හැබැයි ප්‍රතිඵලය? පෑලියගොඩ සහ සීදුව පිවිසුම්වල දැන් වාහන පෝලිම්. කටුනායක Exit එකේ විනාඩි 20කට වඩා රස්තියාදු වෙන්න සිද්ධ වෙලා. ටිකට් එක ගන්න තැන ඉඳන්ම පෝලිම පටන් ගන්නවා නම්, මේ වෙනසෙන් ජනතාවට ලැබුණු සහනය මොකක්ද?
පෝලිම අඩු වුණාද? වැඩි වුණාද?
බලධාරීන් පැවසුවේ කෙරවලපිටිය පිවිසුම වසා දැමීමෙන් අනෙක් පිවිසුම්වල තදබදය අඩුවන බවයි. නමුත් අද පවතින යථාර්ථය නම්, කටුනායක පිවිසුමේ සිට කිලෝමීටර් ගණනාවක් දුරට වාහන පෝලිම් නිර්මාණය වීමයි. විනාඩි 20කට වඩා වැඩි කාලයක් එකම ස්ථානයේ රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති අතර, ටිකට් කවුන්ටරය පෙනෙන මානයකවත් නැති තරමට තදබදය උග්‍ර වී ඇත.
විද්‍යාත්මක පදනම කොහේද?
ඕනෑම අධිවේගී මාර්ග පද්ධතියක පිවිසුම් සහ පිටවීම් සැලසුම් කරන්නේ වාහන ගමනාගමන රටාවන් (Traffic patterns) පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් පසුවය. පෙර රජය විසින් වරාය සහ කටුනායක ගුවන් තොටුපළ යා කරමින් ඉදිකළ මෙම පිවිසුම කිසිදු විද්‍යාත්මක හැදෑරීමකින් තොරව වසා දැමීම හරහා පෙනී යන්නේ වත්මන් පාලනයේ ඇති "දේශපාලන හීනමානය" මිස තාක්ෂණික විසඳුමක් නොවේ.
රුපියල් මිලියන ගණනක මහජන මුදල් කාබාසිනියා කිරීම
තදබදය පාලනය කරගැනීමට නොහැකි වූ තැන, බලධාරීන් කළේ ගාස්තු අය කිරීම තාවකාලිකව නැවැත්වීමයි. මෙය හරියට "හිසරදයට කොට්ටය මාරු කිරීමක්" වැනිය. රට ආර්ථික අර්බුදයක පවතින මොහොතක, දිනකට ලැබෙන මිලියන ගණනක ආදායම අහිමි කිරීම ජාතික අපරාධයකි. මෙම පාඩුව පියවීමට නැවතත් සිදුවන්නේ සාමාන්‍ය ජනතාව මත බදු බර පැටවීමටය. මෝඩ පප්පලා බලයට ගෙනත් අවසානයේ ජනතාවට ඉතුරු වුණේ සිත සතුටින් යන්න ඕන ගමනක හදට සෝගිනියි, රස්තියාදුවයි, රටට ඉතුරු වුණේ ආදායම් පාඩුවකුයි පමණි!