ජිවිතේ ජයගමු- Keep Trying

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    ජිවිතේ ජයගමු- Keep Trying

    ගොඩක් මිනිස්සු තමන්ගේ හීන තමන්ගේ අරමුණු සැබැ කරගන්න බයයි. ගොඩක් මිනිස්සු බයයි පටන් ගන්න කලින්ම වැටෙයි කියලා ඒ නිසා කවදාවත් එයාලා ජිවිතේ Risk එකක් ගන්නේ නැහැ. මොකද එයාලා බයයි එයාලා අසාර්තක වෙයි කියලා ඉතින් ගොඩක් මිනිසුන්ගේ හීන අරමුණු පටන් ගන්න කලින්ම බොද වෙලා යනවා.

    ජිවිතේ ජයගන්න ඔනීනම් අපි පටන් ගන්න ඔනී මෙතන ඉදන් දැන්ම අපි පටන් ගන්න ඔනී. අපි වැටෙයි කමක් නැහැ අපි නැගිමු අපි අයෙමත් අයෙමත් අයෙමත් වැටෙයි කමක් නැහැ අපි නැගිටිමු අපි උත්සහ හරි කරමු දිගටම අපි උත්සහ කරමු කවදාවත් අත්හරින්න එපා කවමදාවත් අත්හරින්න එපා.

    මේ ලොකේ සාර්තක උනු කිසිම කෙනෙක් එක දවසින් ඒ තැනට ඇවිත් නැහැ. කවදාවත් එහෙම එන්නත් බැහැ. ඒ නිසා ඔයාලට හිනයක් තියෙනවද? ඔයාලට අරමුණක් තියෙනවද? ඔයාලගේ හිත කියනවද අනිවාර්‍යෙන් මම මෙතනට එන්න ඔනී මේ තැනට එන්න ඔනී කියලා? කවමදාවත් ඒ කිසිම දෙයක් අත්හරින්න එපා කමක් නැහැ කොච්චර කාලයක් ගියත් කමක් නැහැ කොච්චර අසාර්තක උනත් දිගටම අපි උත්සහ කරමු.

    අසාර්තක වීම් ජිවිතේට පාඩමක් කරගන්න අසාර්තක වීමෙන් ඉගෙන ගන්න ඒ අසාර්තක වීමම ඔයාලව දවසක හිතාගන්න බැරි තැනකට අරන් යයි. ඒ අසාර්තක වීමම ඔයාලව සාර්තක මිනිහෙක් කරයි ඔව් ඔයාට පුලුවන් අනිවාර්‍යෙන් පුලුවන් කවමදාවත් කිසිම දවසක අතහරින්න එපා.

    ඔයාගේ සාක්කුවේ සල්ලි නැද්ද? ඔයාට ඉන්න ගෙයක් නැද්ද? ඔයා කන්නේ එක වේලයිද දවසකට? අන්න ඒදේම ඇති ඔයාගේ ජිවිතේ වෙනස් කරන්න අන්න ඒ දේම ඇති ඔයාගේ ජිවිතේ සාර්තක කරගන්න ඔව් ඔයාට පුලුවන් පුලුවන් පුලුවන් ඔව් ඔයාට පුලුවන්.

    ඔව් අපි අසර්තක වෙන්න ඔනී අපි අසාර්තක උනොත් තමයි අපි හොදම තැනකට යන්නේ ඉගෙන ගන්න ඇයි ඔයාට වැරදුනේ ඉගෙන ගන්න කොතනද වරද උනේ හදාගන්න ඒක අයෙත් උත්සහ කරන්න ඔව් උත්සහ කරන්න මොකද ඔයාට පුලුවම් කවුරු මොනවා කියුවත් ඔයාට පුලුවන්.

    මේලෝකේ අලුත් දේවල් හදපු මිනිස්සු බය උනා නම් අසාර්තක වෙන්න බය උනා නම් මේ දේවල් මිනිස්සු ගනිද කියලා බය උනා නම් මොකද වෙන්නේ? ඉතින් ඔයාගේ හිතේ තියෙනවද අලුත් දෙයක් පටන් ගන්න ඔයාගේ හිතේ තියෙනචද වෙනස් දෙයක් පටන් ගන්න? එතන තමා ඔයාගේ සාර්තකත්වය.

    දිගටම උත්සහ කරන මිනිස්සු ඉන්නේ මේ ලොකේ 1% ඔයාට ඉතුරු 99% වගේ වෙන්න ඔනීද? නැත්නම් අද ඉදන් මේ දැන් ඉදන් දිගටම උත්සහ කරලා ජිවිතේ දිනන්න ඔනීද? කවමදාවත් දෙයක් පටන් ගන්න කලින් බය වෙන්න එපා ඔයා හිතනවා නම් මෙතන තමා තැන මෙතනින් තමා මම ජිවිතේ ජය ගන්නේ කියලා ඔයා ඔයාවම තදින් විශ්වාස කරන්න.

    හෙට දවසේ නෙමේ ඊලග තප්පරේ ඉදන් ඔයාගේ අරමුණ වෙත යන්න. ඔව් ඔයාට පුලුවන්..



    Rep ලබාදෙන කට්ටියටත් අනිත් කට්ටියටත් ගොඩක් ස්තුතී.
    අසා සිටි බලා සිටි ඔබ සැමටත් ස්තුතී.
    පින් ඇත්තෝ අනුමෝදන් වෙත්වා!!
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    11.gif