ජිහාඩ්වාදී

r runner

Member
May 12, 2015
2,396
781
0
මේ කාත්තන්කුඩි, සමන්තුරේ නොවේ මහනුවරය… මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි…



මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි. එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .!



මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය.



ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය.” මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !”ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි.



ඊයේ එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ”දෙමාපියන්” නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි .
” අපේ ඉස්කෝලෙන් පලයල්ලා !”

මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි .

මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය.

මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි!



කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ?


උපුටා ගැනීම facebook ... සංවාදයට විවෟත අතර මෙයත් පාලන තන්ත්‍රයක නොහැකියාවේ සහ ගැතිකමේ තවත් එක් ප්‍රථිපලයක් යැයි කිව නොහැක්කේ කාහටද ?
 
Last edited:

r runner

Member
May 12, 2015
2,396
781
0
දිය බොර කලදි කවුරුත් වල ඉහගත්තූ...
ගියවර වගේ නොවේ දෙකොනම ගිනිගත්තූ...:yes::yes: