ජීඑස්‌පී නොදෙන්නැයි සාවද්‍ය වාර්තා

ජීඑස්‌පී නොදෙන්නැයි සාවද්‍ය වාර්තා

ජීඑස්‌පී බදු සහන නොදෙන්නැයි
සංවිධාන 200 කින් සාවද්‍ය වාර්තා

කීර්ති වර්ණකුලසූරිය>දිවයින

ශ්‍රී ලංකාවට ජී එස්‌ පී ප්ලස්‌ බදු සහන නොදෙන ලෙස ඉල්ලමින් දෙස්‌ විදෙස්‌ ජාත්‍යන්තර සංවිධාන 200 ක්‌ රහසිගත සාවද්‍ය වාර්තා යුරෝපා සංගමය වෙත යවා ඇතැයි රජය වෙත හෙළිවී ඇත.

මේ හැර ඇමරිකානු ටැග් නමැති කොමිසම සම්බන්ධ සංවිධානය චැනල් 4 වීඩියෝ පටය සත්‍ය වීඩියෝපටයක්‌ බවට ඇමරිකානු සමාගමක්‌ ලවා ලබාගත් වාර්තාවක්‌ ද යුරෝපා සංගමයට ඉදිරිපත් කර තිබේ.

මෙයට අමතර කොටින්ට සම්බන්ධ පාර්ශ්වයන් විසින් විද්යුත් ලිපි දහස්‌ ගණනක්‌ යවා ඇතැයි අනාවරණය වී ඇත.

යුරෝපා සංගමය වෙත මෙවන් සාවද්‍ය වාර්තා යවා ඇත්තේ ජිනීවා නගරයේ සිට යෑයි ද රජය වෙත හෙළිවී තිබේ.

මේ අතර ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය විසින් ඇමරිකානු කොටි ඒජන්ත කරුණාහරන් හෙවත් කරුණා නමැත්තා අත්අඩංගුවට ගැනීමත් සමඟම වසර දහයක්‌ තිස්‌සේ "මිස්‌ටර් බී" නමින් කොටින්ට අරමුදල් සපයා ඇත්තේ ද රාඡ් රාජරත්නම් යෑයි සොයාගෙන ඇත.

කරුණාගේ මැදිහත්වීමෙන් රාඡ් රාජරත්නම් හා ප්‍රභාකරන් අතර හමුවීමක්‌ පවා ක්‍රියාත්මක කර ඇතැයි එෆ්. බී. අයි. පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2000 වසරේදී අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර කොටින් විසින් අල්ලා ගැනීමෙන් පසු මිස්‌ටර් බී හෙවත් රාඡ් රාජරත්නම් ඩොලර් 1000,000 ක මුදලක්‌ ටී ආර් ඕ සංවිධානයට ලබාදී තිබේ.

මේ හැර පොට්‌ටු අම්මාන්ගේ ටොසි බුද්ධි සේවාව විසින් පවත්වාගෙන ගිය කිලිනොච්චියේ වන්නි වෙබ් නමැති පරිගණක මධ්‍යස්‌ථානයට අරමුදල් පවා සපයා ඇත්තේ රාඡ් රාජරත්නම් යෑයි එෆ් බී අයි පොලිසිය කළ විමර්ශනවලින් තහවුරු වී ඇත