ජීවත් උනානම් ලංකාවේ පළමු කෝටිපතියා ! - උපාලී විජේවර්ධන

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    ජීවත් උනානම් ලංකාවේ පළමු කෝටිපතියා ! - උපාලී විජේවර්ධන

    256832161_445108637003231_3884487471372051756_n.jpg



    ලෝකයේ පලවෙනි කෝටිපතියන් කිහිපය අතරට ලංකාවේ කෙනෙක් ඉන්නවද? නෑ.. පළවෙනි දසදහස අතරවත් ලංකාවේ කෙනෙක් නෑ. ඒත් උපාලී විජේවර්ධන අද ජීවතුන් අතර හිටියානම් බොහෝ විට ඔහු ලෝකයේ පළවෙනි කෝටිපතියන් දහදෙනා අතරට එනවා.​
    කොහොම හරි ඒ කාලේ ලංකාවේ පළවෙනි කෝටිපතියා වුනු උපාලී විජේවර්ධන මීට වසර 33 කට කලින් අතුරුදහන් වුනා. මේ අතුරුහන් වීම ගැන නොයෙකුත් මත තිබුනත් සමහර අය කියන්නේ මේක ව්‍යාපාරික සතුරන් විසින් සිදු කල කෘමන්ත්‍රණයක් කියලා.
    උපාලී විජේවර්ධන 1970 වන කොට ලංකාවේ මෝටර් රථ හදන්න පටන් ගත්තා. ඉතින් මේ හදපු පළවෙනි කාර් එකේ නම තමා යූ එම් සී මැස්ඩා කියන කාර් එක.
    කොහොම හරි මේ මැස්ඩා කියන වර්ගයේ මෝටර් රථ 500 ක් පලවෙනි වටයට නිෂ්පාදනය කරලා තියෙනවා. මේ කාර් සුදුපාටීන් හා රතුපාටීන් ලස්සනට වර්ණ ගන්වලා තිබිලා තියෙනවා . මේ නිෂ්පාදනය කරපු කාර් රථ විකුණන්න කලින් මින් එකක් කැලණිය පන්සලට පූජා කරන්න උපාලි විජේවර්ධන කටයුතු කරලා තියෙනවා . එයින් අනතුරුව මෙම කාර් රථයේ පළමු වැනි ගැනුම්කරුවා වූයේ ලෝරන්ස් නැමති ව්‍යාපාරිකයෙක් .
    ඔහු එකල මෙම කාර්රථය මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 29,000 කට. ඊට පස්සෙ මේ මෝටර් රථ ලංකාවේ ප්‍රබල චරිත රැසක්ම භාවිතා කරලා තියෙනවා . ඒ අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, අගමැති ඩඩ්ලි සේනානායක, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දෙර, ආචාර්ය ජී. එම්. ආටිගල, යූ. එන්. ගුණසේකර, ජෝර්ජ් ගෝමස්, මර්වින් පෙරේරා, ආචාර්ය සීවලි රත්වත්ත වැනි ප්‍රබල චරිතද වෙනවා.
    මේ කාර් රථ වලින් දෙකක් උපාලී විජේවර්ධන මහතා පාවිච්චි කරලා තියෙනවා. . මේ කාර් රථ වල ලියාපදිංචි අංක වුනේ 5 ශ්‍රී 9115 සහ 6 ශ්‍රී 9999 කියන ඒවා . කොහොම හරි මෙයින් එක මෝටර් රථයක් රන්වන් පැහැයෙන් පාට කර ඇති අතර උඩු කොටස තද දුඹුරු පාටින් පාට කරලා තියෙනවා. . මේ මෝටර් රථ දැනටමත් නුවර එලියේ තියෙන උපාලි විජේවර්ධගේ බංගලාවේ තියෙනවලු. කොහොම හරි මෑතකදි ධර්මසේන අතුපත්තු මහතාට අයිතිව තිබු පැරණි මැස්ඩා මෝටර් රථයක් ගංගාරාම විහාරයට පරිත්‍යාග කරලා තියෙනවා. අද උපාලි විජේවර්ධන මහතා හිටියනම් ලංකාවේ ආර්ථිකයත් ඒක විශාල උපකාරයක් වෙන්න තිබ්බා .
    ඒ වගේම ආඩම්බරයෙන් කියන්න තිබ්බා අනෙක් රටවල අයට ඔයාල පදින මැස්ඩා කාර් එක අපේ රටේ හදන එකක් කියලා. ඒත් උපාලි විජේවර්ධන අද හිටියනම් ලෝකේ පලවෙනි කෝටිපතියන් අතරට එනවා කියලා කියන්නේ මේ මැස්ඩා කාර් එක හදපු නිසාම නෙමෙයි. රට පුරා හා ලෝකය පුරාම පැතිර ගිය දැවන්ත ව්‍යාපාර රැසක් උපාලි විජේවර්ධන සතුව තිබුනා. කොහොම හරි උපාලි විජේවර්ධන නැති වීම රටට ලොකු පාඩුවක් කියන එක නොරහසක්.

    මේ තියෙන්නෙ ඉස්සර Made in Sr lanka


    257434901_445108560336572_8902073161138996762_n.jpg
    257720264_445108943669867_5959754426495461029_n.jpg

    256435854_445108997003195_7902431913921500935_n.jpg
    257952713_445109320336496_220668136541551283_n.jpg
    256428411_445109210336507_3621513964063231858_n.jpg
    256802590_445108780336550_7064879671115392851_n.jpg


    256497697_445108693669892_6640667489761632810_n.jpg
    257230724_445108827003212_4600578856621569490_n.jpg


    කවුරුත් දන්න ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොක්ලට් වල අයිතිකරු වෙන්නෙ උපාලි විජේවර්ධන මහත්මයා..
    පළවෙනි බිස්නස් එක වෙන්නෙ සීනි බෝල හදන එක. තාත්ත අතඇරල දාපු සීනි බෝල හදන මැශින් එක ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා. මුලින්ම අතින් හදන්නේ.
    උපාලි විජේවර්ධන ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා හැරපු භාණ්ඩ වලට තමයි “UNIC” කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වුණේ.
    ඔහු තමයි ආසියාවේ මුලින්ම වාහන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ එකලස් කිරීමේ කර්මාන්තශාලා ඉදිකලේ. ඒ කාලෙ ආසියාවෙ අනිත් රටවල් ඒව කරන්න හිතලවත් නැහැලු.
    "උපාලි ෆියට්" "උපාලි මැස්ඩා" කියන්නෙ ලංකාවේ හදපු කාර්. පොඩි ආඩම්බරයක් ආව නේද හිතට?
    පළමු එකලස් කරපු කාර් දෙක දීල තියෙන්නෙත් ඩඩ්ලි සේනානායක මැතිතුමාට හා කැළණිය පන්සලට.
    ලංකාවේ උපාලි ෆියට් කාර් 500ක් එකලස් කරල තියෙනවා. ඒවායින් 499කම මුල් පාට සුදු අනිත් එක තමයි ඔය පහළ ෆොටොවේ තියෙන කාර් එක! ඒකේ ගොල්ඩ් කලර් එකට හේතුව තමයි උපාලි විජේවර්ධන මහත්තයා තමන්ගෙම පාවිච්චියට තමයි ඒක හදාගත්තෙ.
    උපාලි මැස්ඩා රථය ඒ කලේ සුඛෝපභෝගි රථයක්. එකක මිළ රු.90,000/=යි. ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ ඒ රථ අපනයනය කරන්නත් එයාල
    සැළසුම් කරලා තිබිල තියනව.
    ඒ වගේම ඔහු “උපාලි ඒවියේෂන්” ආයතනය ආරම්භ කළා. මේ තමයි ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම.
    කැන්ඩොස් චොක්ලට් සාර්තක වනවාත් සමගම උපාලි සමූහය “පාරිභෝගික භාණ්ඩ” නිෂ්පාදනයට පටන්ගන්නව. “සිකුරු”, “ක්‍රිස්ටල්” සහ “ටිංගල්” කියන සබන් වර්ග තුන බිහි වෙන්නේ ඒ තුලින්.
    ඒ වගේම 1981 අවුරුද්දේ බිහි වුණු උපාලි පුවත්පත් සමාගම "දිවයින" සහ "අයිලන්ඩ්" පුවත්පත් මුද්‍රණය කරමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වෙනවා.
    ඒත් ඔය අතරේ 1970 දී ශ්‍රී.ලං.නි.පක්ෂය සමසමාජ
    කොමියුනිස්ට් පක්ෂ සමග බලයට ආ සැණින්ම ධනපතියන්ට අපේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට ඉඩනොදිය යුතුයි යන තේමාව යටතේ ඒ සියලුම කර්මාන්ත ශාලා වහලා සේවකයොත් අනාථ කලා.
    ලංකාවෙ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඔහු අන්තර්ජාතික ව්‍යාපාර වලට පිවිසිලා වැඩි කාලයක් යන්න කලින් ඔහුට මැලේසියාවේ කොකෝවා වගාවක්, නිව් යෝක් නුවර මූල්‍ය සමාගමක් සහ සිංගප්පූරුව පුරා ව්‍යාපාර ගණනාවක හිමිකරු වෙන්න පුළුවන් වෙනවා.
    උපාලි සමූහ ව්‍යාපාරය වඩාත්ම සාර්ථකව පැතිරිලා තිබුණු කාලයේ ලෝකය පුරා සේවකයන් 33,000කටත් වඩා ඔහුට අයත් සමාගම් වල සේවය කරමින් සිටියා. මේ සේවක සංඛ්‍යාව අද තියෙන විශාලම ආයතන එක්ක බැලුවත් කරට කර තියෙන අගයක්.
    1983 අවුරුද්දේ පෙබරවාරි 13 වැනිදා, ඔහු ගමන් කරමින් හිටපු ඔහුගේ සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත තැනකදී අතුරුදහන් වෙලාලු.
    අදටත් එය නොවිසඳුණු අභිරහසක්!
    ඔහු විදේශ රටක අදටත් ජීවත් වෙන බවට පවා කටකතා ඇති වෙලා තියෙනවා. තවත් සමහරු කියන විදිහට ඔහු සිරගත කරල කියාලත් කතාවක් තියනව,
    කොහොම උනත්,
    උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ට වඩා ඉහලින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි.
    - රංජන් ප්‍රසාද් ජයසේකර -

    උපුටාගැනීමකි :-)🤗
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Dan nam me kathawa ahala ahala athi wela thiyenne. Harinam melahakata uplila seeyak withara athi wela thiyenna one.
     

    Sen-lu

    Well-known member
  • අතුරුදහන් වෙලාලු namyi අතුරුදහන් kala
    මැලේසියාවෙදි කුඩු වලට ඇල්ලුවා කියල උපාලි ෆියට් එකේ වැඩකරපු අංකල් කෙනෙක් කීව. රජයෙ උන්දලත් සම්බන්ධ නිසා වැඩේ යට ගැහුව කියල තමයි කියන්නෙ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    මැලේසියාවෙදි කුඩු වලට ඇල්ලුවා කියල උපාලි ෆියට් එකේ වැඩකරපු අංකල් කෙනෙක් කීව. රජයෙ උන්දලත් සම්බන්ධ නිසා වැඩේ යට ගැහුව කියල තමයි කියන්නෙ.
    singapore eke mata mathka vidiyata. pora awurudu ganak hire giya lu. plane crash eken nathi wuna kiyala chater eka wahagatha. lankawata kudu introduce kaleth pora lu.