ජීවයට සුදුසු ග්‍රහලෝක 3ක්
ජීවයට සුදුසු ග්‍රහලෝක 3ක් සොයාගැනේ
ආලෝක වර්ෂ 22කට දුරින් පිහිටි තාරකාවක ‘ජීවයට සුදුසු කලාපයේ’ පිහිටා ඇති සුපිරි ග්‍රහලෝක 3ක් සහිත ග්‍රහමණ්ඩලයක් සොයා ගැනීමට තාරකා විද්‍යා පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
වෘශ්චික රාශියේ පිහිටා ඇති දීප්තියෙන් අඩුම තාරකාව වන ග්ලීසේ 667c නැවත නිරීක්ෂණය කළ ඔවුන් මෙම සොයාගැනීමෙන් විශ්මයට පත්ව ඇති බව පැවසේ.
සොයාගත් සූර්ය ග්රහමණ්ඩලයේ මුළු සාමාජිකයන් සංඛ්‍යාව 7කි. පර්යේෂණ වාර්තාවේ සම කතෘ බි්රතාන්යයේ හර්ට්ෆර්ඞ්ෂයර් විශ්වවිද්‍යාලයේ මිකෝ ටුවෝමි පවසන්නේ එක් පද්ධතියක් තුළ ජීවයට සුදුසු ග්‍රහලෝක 3ක් සොයාගත් පළමු අවස්ථාව මෙය වන බවයි.
ග්ලීසේ 667c තාරකාව ස්කන්ධයෙන් අඩු තාරකාවක් වන අතර එවැනි සූර්යයන් නෛසර්ගිකවම දීප්තියෙන් සහ උෂ්ණත්වයෙන් අඩු සෞම්‍ය තාරකාවන් ලෙස සැලකේ. පෘථිවියට සමාන හෝ එය මෙන් 15ගුණයකට අඩු, ග්රහමණ්ඩලයක ජීවයට සුදුසු කලාපයේ පිහිටන ග්‍රහයන් සුපිරි පෘථිවියන් ලෙස නම් කෙරෙන අතර මෙම ග්‍රහයන් තිදෙනා ස්කන්ධයෙන් අඩු පෘථිවියට සමාන වායුගෝලයකින් සහ ඝන පෘෂ්ඨයකින්ද සමහරවිට ද්‍රව ජලයෙන් ද සමන්විත විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.
එක්නෙකට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති මෙම ග්‍රහයන්ගේ එක් දිනක් එක් වසරකට සමාන බවත් එනයින් එක් අර්ධගෝලයක් සදාකාලික දිවා කාලයත් අනෙක් අර්ධගෝලය සදාකාලික රාත්‍රියත් උරුම කරගන්නා බව පර්යේෂණ වාර්තාවේ සම කතෘ රෝරි බාන්ස් වොෂිංටන් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර ඇත.
ග්ලීසේ 667c තාරකාව ඊට වඩා දීප්තිමත් තාරකාවන් 2ක් සමගින් ත්‍රිත්ව මණ්ඩලයක් ලෙස පවතින නිසා මෙම ග්‍රහයන්ට දිවා කාලයේ සූර්යයන් 3ක් පෑයීමත් රාත්‍රියට සූර්යයන් දෙදෙනෙකුගේ ආලෝකය ලැබීමත් තවත් සුවිශේෂී කරුණකි.
Link 01
Link 02

TFS!