එක්තරා පුද්ගලයකු භික්ෂුවක් ලඟට ගිහිල්ලා ඇහුවා "ස්වාමිනී වෙලාවකට මට මං ගැනම දුක හිතෙනවා මං කිසි වැදගත්කමකට නැති කෙනෙක් කියලා. මන් ඒකට මොකද කරන්නේ කියලා. භික්ෂුව ඒ පුද්ගලයාට දිලිසෙන වර්ණවත් ගලක් දීලා කිව්වා '' ඔබ මේක අරන් වෙළඳ පලට යන්න ගිහින් එබට හමුවන අයගෙන් මේ ගලේ වටිනාකම අසන්න. හැබැයි කාටවත් මේ ගල විකුණන්න එපා. වටිනාකම අහලා ආපසු මෙතනට එන්න” කියලා.
පුද්ගලයා තමන්ට ලැබුණු ගලත් අරගෙන වෙළද පලට ගියා. එලවළු වෙලෙන්දෙක් ගාවට ගියා ඔහු ඒ වෙළෙන්දාට ගල දීලා වටිනාකම ඇහුවා. වෙළෙන්දා ඒ ගල එහෙමෙහෙ පෙරලලා බලලා කිව්වා “මන් ඔහේට මේ ගලට එළවළු කිලෝ කිහිපයක් දෙන්නම්. කැමති නම් මට මේ ගල දීලා යන්න”කියලා. එළවළු වෙළන්දගෙන් ගල ඉල්ලගෙන අර පුද්ගලයා ඊළඟට ගියේ පළතුරු වෙළෙන්ද ලඟට. පළතුරු වෙළෙන්දා කැමති වුනා ගලට පලතුරු මල්ලක් දෙන්න. ඉන්පස්සේ ඒ පුද්ගලයා ගියා මාළු වෙළෙන්දෙක් ලඟට. මාළු වෙළෙන්ද ගලට මාළු හුවමාරු කරන්න එකඟ වුනා. මේ විදියට එක එක වෙළෙන්දෝ ලඟට ගල රැගෙන ගියාම ඒ ඒ අය ඒ ගලට එක එක වටිනාකම් දුන්නා. ඔහොම ඉද්දි මේ පුද්ගලයා රන් කරුවෙක් ලඟටත් ගල අරගෙන ගියා. රන්කරුවා ගල බලලා කිව්වා ගලට රු. ලක්ෂ 100 ක් දෙන්නම් කියලා. අර පුද්ගලයා තුෂ්ණිම්භූත වුනා ඒක ඇහුවම. එලවළු කිලෝ කීපයක් නැත්නම් පලතුරු මල්ලක් වටිනා ගලකට රු. ලක්ෂ 100 ක් දෙන්නම් කිව්වම ඇතිවෙන හැගීම හිතාගත හැකිනෙ ඉතින්.
එතැනින් පස්සේ මේ පුද්ගලයා ගලත් අරන් ගියා මැණික් ගල් වෙළෙන්දෙක් ලඟට. ඒ වෙළෙන්දා ගල පරික්ෂා කරලා බලලා කිව්වා 'මා ලඟ මේ ගල ගන්නා තරම් සල්ලි නැහැ, මේ ගල නොසැහෙන්න වටිනවා. මේක අරන් නගරෙට ගියොත් ලොකු මුදලක් ගත හැකි. මගේ මුළු වත්කම දුන්නත් මේකෙ වටිනාකමට සමාන වෙන්නෙ නෑ.” කියලා. අර පුද්ගලයාට හරි පුදුමයි.
ඒ පුද්ගලයා ගලත් අරන් භික්ෂුව ලගට ඉක්මනින් ආවා. ඇවිත් වෙච්ච දේ භික්ෂුවට කිව්වා. භික්ෂුව සිදුවීම සාවධානව ඇහුම්කන් දුන්නා. අවසනයේ අර පුද්ගලයට මෙහෙම කිව්වා. ' ඔබ මේ ගල එක එක අයට පෙන්නුවා. එතකොට ඒ ඒ අය ඒ අයගේ දැනුම අනුව ඒකේ වටිනාකම කිව්වා. අපේ වටිනාකමත් එහෙම තමයි. අපි අපිට වටිනාකමක් දෙනවා නම් ඒ වටිනාකම දන්නා අය අපිට වටිනාකම දෙනවා. නොදන්න අය මේ ගලට වටිනාකම දුන්න වගේ තමයි.” කියලා.
සමහරක් වෙලාවට ඔබටත් හිතිලා ඇති ඔබ මහ වැඩක් නැති කාලකන්නි පුද්ගලයෙක් කියලා. සමහරු තමන්ටම කාලකන්නියා, මුසලයා කියලා බැන ගන්නවා. සමහරු සමහරුන්ට එහෙම බනිනවා. ඔබට හිතිලා ඇති ඔබට ඔබටම නොවටිනා නොවැදගත් අයෙක් බව. එහෙම දැනෙන්නෙ විශේෂයෙන්ම ඔබේ වටිනාකම ඔබට නොදැනෙන නිසාත් ඔබ විසින් අනිත් අය ඔබට දෙන වටිනාකම ගැන සිතන නිසාත්. බුද්ධ දේශනාවට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයි. අනෙක් ආගම් වලට අනුවත් මනුෂ්‍ය ජීවිතයක් ලැබීම එහෙම තමයි. ඒ අතරිනුත් මන්ද බුද්ධික නොවී, උමතු නොවී, ආබාධිත නොවි සම්පුර්ණ ජීවිතයක් ලබනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙයි.
සමස්ථයක් ලෙසට ගත්තම මනුස්ස ජිවිතයට වටිනාකමක් දෙන්න බැහැ. මිල කල නොහැකියි. අන්න එහෙම ජිවිතයක් දැන් ඔබ සතුයි. ඉතින් එහෙම වටිනාකමක් ඇති ජිවිතයක් ඔබ සතු වෙලා තිබියදී රටේ ලෝකේ මිනිස්සු ඔබට වැදගත්කමක් වටිනාකමක් නොදෙනවා කියලා ඔබ දුක්වෙන්නෙ ඇයි ? එහෙම දුක්වෙනවා නම් ඔබ සාර්ථක වෙයිද? කිසිසේත් නැහැ. ඔබේ වටිනාකම වැදගත්කම සැම දෙනාටම හඳුනා ගන්න බැහැ. එහෙම හිතන්නත් එපා. බලාපෙරොත්තු වෙන්නත් එපා. අර කථාවෙදි කියපු ගලට මිනිස්සු දුන්න වටිනාකම වගේ තමයි. ඔබට කවදහරි සාර්ථක වෙන්න ඕන නම් අනෙක් මිනිස්සු ඔබට දෙන වටිනාකම, වැදගත්කම ගැන හිතන්න එපා. එහෙම දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. බුදුරජාණන් වහන්සේටත් බැනපු මිනිස්සු සිටියා. ජේසු තුමාවත් මිනිස්සු කොටසක් එකතු වෙලා කුරුසේ ඇණගැසුවා. ඉතින් අපිට මොනවා නෙවෙයිද? මේ නිසා තමුන්ගේ වටිනාකම තමුන් විසින්ම අනුන්ට යටත් වෙලා පහල දාගන්න නැතුව තමුන්ට හොඳ වටිනාකමක්, වැදගත්කමක් දෙන්න. ජීවිතේ සාර්ථක කරගන්න.