ජීවිතයට_පාඩමක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජීවිතයට_පාඩමක්

    f6.jpg


    දශකයේ මුල්භාගය වනවිට ජනක විසිහැවිරිදි තරුණයකු විය. ඒ වනවිට ද ඔහුගේ මව ඇතුළු පවුලේ බොහෝ දෙනෙක්‌ ඉතාලියේ රැකියාවල නියුතුව සිටි අතර ජනකගේ සිහිනය වී තිබුණේ හැකි ඉක්‌මනින් ඔවුන් වෙත යැමය. ජනකගේ පවුල් පසුබිම තුළ එය එතරම් අසීරු කටයුත්තක්‌ නොවීය. ටික දිනකින් අනතුරුව හේ ඉතාලිය බලා පිටත්ව යන අතර දින කීපයක්‌ යැමට මත්තෙන් සැලකිය යුතු වැටුපක්‌ සහිත රැකියාවක හිමිකරුවකු වන්නේය. අතමිට මිල මුදල්ද ජීවිතයට නිදහස ද හිමිවීම තුළ ජනක විනෝදකාමී ජීවිතයක හිමිකරුවකු වන්නේ ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක්‌ සමග හිතමිතුරුකම් ගොඩනගා ගනිමින්ය.

    මේ අතර දිනක්‌ තමන්ට ලැබුණ රාජකාරි නිවාඩුව නිදහසේ ගත කිරීම පිණිස ජනක තම හිතමිතුරන් පිරිසක්‌ සෙයා ඉතාලියේ වෙනත් ප්‍රදේශයකට යන අතර එහිදී ඔහුට තම ජීවිතයේ ඉරණම්කාරිය හමු විය. සැබැවින්ම රූමතියක්‌ වූ අනුපමාගේ දැස්‌ ජනකගේ දැසත් එකිනෙකට මුණගැසුණු පළමු දිනම ඇය කෙරෙහි ජනකගේ සිත තුළ අපමණ ආදරණීය හැඟීම් මතු වූයෙන් දෙවරක්‌ නොසිතූ ජනක තම සිතැඟි අනුපමාත් සමග පවසා සිටියේය.

    වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අනුපමාත් ගාල්ල ප්‍රදේශයේ උපත ලද ජනකත් ඉතාලියේදී ඇති කරගත් ආදරය විවාහයකින් කෙළවර කොට සොඳුරු ජීවිතයක්‌ ගත කිරීමට ගිවිස ගන්නා අතර කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණෙන ඔවුන් තමන්ගේ විවාහය දකුණු මුහුදු තීරයේ වූ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පවත්වන අතර එයට දෙපාර්ශ්වයේම නෑ සියන්ගේ ආශිර්වාදය හා සහභාගිත්වය හිමි විය.

    ජීවිතයේ සොඳුරුතම දින කීපය ලංකාවේ ගත කළ ඔවුන් නැවත විදේශගත වන්නේ තාරුණ්‍යයේ මිහිරියාව රිසි සේ විඳිමින් එක සෙවණක්‌ යට හිඳිමින් නැවත රැකියාවේ නිරත වීම පිණිසය.

    දින සති මාස වෙමින් කාලය ගලා යන අතර අනුපමා මවක්‌ වීමේ පෙරනිමිති පළ කරන්නට වූවාය. ඒ වනවිට සැලකිය යුතු ධනයක හිමිකරුවන් වී සිටි ඔවුන් තමන්ගේ ලොවට අලුතින් එකතුවීමට සිටින මල් කැකුළ බිහිවන තුරු ඇඟිලි ගණින්නට වූ අතර ටික දිනකින් සිඟිති පුත් රුවනක්‌ අනුපමාගේ කුසින් මෙලොව එළිය දකින්නට විය. නිම්හිම් නැති සතුටක හිමිකරුවන් වූ ජනක - අනුපමා දෙපළ අතර එකිනෙකා අතර වූ ආදරය තව තවත් දැඩි වෙන්නට විය. අනාගතය පිළිබඳ සිහින ද ඒ අතර විය.

    "අපිට හැමදාම ඉතාලියේ ඉන්න බෑනේ. කවද හරි ලංකාවට යන්න ඕනේ. අපි ඉඩමක්‌ අරගෙන ගෙයක්‌ හදන්න පටන් ගමු."

    දිනක්‌ අනුපමා තම අදහස ජනකට පවසන්නට විය. සෙල්ලක්‌කාර ජීවිතයකට බර ජනකට තම බිරිඳගේ යෝජනාවට පිටුපෑ නොහැකිය. ජනක අනුපමාගේ යෝජනාව අනුමත කරන්නට විය. මාස කීපයකින් අලුත උපන් පුත් රුවනත් තුරුලු කරගත් ජනක අනුපමා යුවළ නැවත ලංකාවට එන්නේ නිවසක්‌ තැනීම පිණිස ඉඩමක්‌ මිලට ගැනීමටත් දින කීපයක්‌ විවේකීව තම නෑහිත මිතුරන් ඇසුරේ ගත කිරීමත් පිණිසය.

    අනුපමාගේ සිත තුළ ඇඳී තිබූ සිහින මන්දිරය ඉදිකිරීම පිණිස ප්‍රසිද්ධ නගරයක්‌ වන ගාල්ලට ආසන්නයේ තැනක ඉඩමක්‌ මිලයට ගන්නා ඔවුන් නිවස ඉදිකිරීම පිණිස භාර දෙන්නේ මෙරට ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්‌ වෙතය. ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකුගේ සැලසුමකට අනුව ඉදිකිරීමට නියමිත ගෙය සඳහා මූලික වියදම වන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලින් කොටසක්‌ ඉදිකිරීම් සමාගම වෙත ලබාදෙන ඔවුන් තම ඥති සහෝදරයකු වෙත එහි වගකීම භාර දෙන්නේ ඔහුටද මාසික වැටුපක්‌ ලබා දෙන බවට වන පොරොන්දුවත්a සමගින්ය.

    කෙටි නිවාඩුව හමාර වූ සැණින් නැවතත් විදේශගත වන ඔවුන් හැකි සෑම වෙලාවකම දුරකථනය මගින් ඉදිකරනු ලබන නිවසේ තොරතුරු විමසන්නට වූ අතර මාස තුනකට වරක්‌ ලංකාවට පැමිණෙන ජනක නිවස ඉදිකිරීමට වැයවන වියහියදම් ලබාදෙමින් දින කීපයක්‌ විනෝදයෙන් ගත කොට නැවත සිය බිරිඳත් දරුවාත් වෙසෙන ඉතාලිය බලා යන්නේ ඔවුන් නොදැක සිටීමට නොහැකි වීමත් රැකියාවේ නිරත වීමට ඇති උවමනාවත් හේතුවෙන්ය.

    ඒ වනවිට ද සැලකිය යුතු ධනයක හිමිකරුවකුව සිටි ජනකගේ ඉරණම විසඳෙන තීරණාත්මක දිනය උදාවන්නේ ඔය අතරය. තමන් ඉතාලියේ සේවය කරන ආයතනයෙන් ඔහුට හිමිවිය යුතුව තිබූ විශාල වන්දි මුදලක්‌ තමන්ට ලැබෙන්නට යන බව දැන ගන්නා ජනක එම සතුටුදායක පුවත තම බිරිඳට පවසන්නේ රටක්‌ රාජ්‍යයක්‌ හිමිවූ තරමේ සතුටකින් යුතුවය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි දහතුනක්‌ තරම් විශාල මුදලක්‌ වූ වන්දිය ලැබීම තුළින් සියලු සැලසුම් වෙනස්‌ කළ ඔවුන් ඉන් අනතුරුව තීරණය කරන්නේ හැකි ඉක්‌මනින් ලංකාව වෙත නැවත පිටත්ව ඒමටය. මේ වනවිට අනුපමා දෙවැනි වරටද මවක්‌ වී සිටි අතර එවර ඇය බිහිකර තිබුණේ දියණියක්‌ වීම ජනකගේ සිත සතුටින් පුරවාලන කාරණාවක්‌ විය.

    වසර විස්‌සකට ආසන්න කාලයක්‌ ඉතාලියේ ගත කළ ඔවුන් නැවත ලංකාවට පැමිණෙන දිනය ළංවීමත් සමග අලුතින් ඉදිකරන නිවසට අවශ්‍ය ඉස්‌තරම් වර්ගයේ බඩු භාණ්‌ඩ ද රැගෙන ඔවුන් මීට වසර හතරකට පමණ පෙර නැවත සිය ගම්බිම් බලා පැමිණෙන්නේය.

    මහා ධනස්‌කන්ධයක හිමිකරුවන් වෙමින් මෙරටට පැමිණෙන ජනක, අනුපමා යුවළ එතැන් සිට සැලසුම් කරන්නේ තමන් සතු මුදල් කුමන කටයුත්තක්‌ සඳහා යෙදවිය යුතු ද යන්න පිළිබඳවය. මේ සඳහා වැඩිහිටියන්ගේ අවවාද ඔවුන්ට හිමිවන අතර ඉන් අනතුරුව රටේ විවිධ ප්‍රදේශවලින් ඉඩකඩම් මිලදී ගැනීමත් විවිධ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීමත් සිදු කරන්නේ තව තවත් ධනය ඉපයීමේ අරමුණ සහිතවය.

    ලංකාවට පැමිණ වසරක්‌ ගතවීමත් සමග තවත් දරු උපතක්‌ සඳහා සූදානම් වන අනුපමා එවර ද දියණියක්‌ බිහි කරන අතර ගෙදර වැඩ කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු නිසි පරිදි ඉටු කරන්නේ සැබෑ ඕනෑකමින්ම වීම ජනකගේ සිතට මහත් සැනසීමක්‌ විය.

    සුර විමනක්‌ බඳු නිවසක්‌ ආදරණීය බිරිඳක්‌ ඇතුළු දරුවන් තිදෙනෙක්‌ නවීන පන්නයේ වාහන තුනහතරක හිමිකරුවෙක්‌ වූ ජනක එතැන් සිට නිදහසේ කෙළිලොලින් ජීවිතය ගත කරන්නට වූයේ රිසිසේ වියදම් කිරීමට අතේ මිටේ යහමින් මුදල් ගැවසීමත් කුමන දේ කළත් එය ඉවර කළ නොහැකි මුදලක්‌ බවට වූ විශ්වාසයත් සමගින්ය.

    ජනකගේ මෙම වෙනස තේරුම්ගත් අනුපමා ඒ පිළිබඳ විපරම් කරන්නට විය. කවදත් සැහැල්ලු ජීවිතයක්‌ ගත කිරීමට ප්‍රිය කළ ජනකගේ හැසිරීම පිළිබඳ සැකයක්‌ නොසිතූ අනුපමා ජනක ඉදිරියේ වඩ වඩාත් ආදරණීය වන්නට වූයේ ඔහු කෙරෙහි වූ ගරුත්වය හේතුවෙන්ය.

    කාලය කෙමෙන් ගතවන්නට වූ අතර පමණ ඉක්‌මවා මිතුරන් ඇසුරු කිරීමත් නිස්‌සාර දේ සඳහා අධිකව මුදල් වියදම් කිරීමත් ජනක තුළ වෙනදාට නොදකින වෙනස්‌කම් මතුවීමත් දිනෙන් දින වැඩිවෙන්න ගනිද්දී ඒ පිළිබඳ ජනකගෙන් නොවිමසූ අනුපමා මේ සියලු දෙය සියුම් නිරීක්‍ෂණයට බඳුන් කරන්නට වූවාය. ක්‍රමයෙන් දෙදෙනා අතර වූ සමගිය ආදරණීය බව මාලිගාවක්‌ බඳු නිවසින් පලා යන්නට වූ අතර ඇතැම් දිනවල දෙදෙනා අතර සිදුවන අඬදබර හේතුවෙන් විවිධ ගැටුම් ද හට ගත්තේය. කුමන ගැටුම් ඇති වුවද අනුපමා කෙරෙහි වූ විශ්වාසය බිඳකුදු අඩු නොකරගත් ජනක දිනපතා විවිධ දේ කියමින් නිවසින් පිටව ගොස්‌ බීමත්ව යළි නිවසට පැමිණීමත් ඔහුත් සමග දන්නා හඳුනන මිතුරන් මෙන්ම නාඳුනන පිරිස්‌ ද නිවසට පැමිණීමත් හේතුවෙන් ඒ වනවිටත් අනුපමාගේ සිත ගිනිගොඩක්‌ බවට පත්වෙමින් තිබුණේය.

    දිනෙන් දින ජනකගේ හැසිරීම් වෙනස්‌ වීමට පටන් ගැනීමත් ඔහු පිළිබඳ විවිධ දූෂමාන ආරංචි ලැබෙන්නට ගැනීමත් සමග සතුට පලා ගිය නිවස තුළ බෝවෙමින් තිබුණේ බැණ අඬ ගසා ගැනීම්ය.

    දෙදෙනාගේම බැංකු ගිණුම්වල විශාල වශයෙන් මුදල් තැන්පත් කොට තිබීමත් ඉඩකඩම් ආදිය දෙදෙනාගේම නමටත් වෙන වෙනම මිලදී ගෙන තිබීමත් එකෙකු අනිකා ඉදිරියේ නොනැමීමට හේතුවක්‌ විය. දෙදෙනාට රිසි සේ වියදම් කිරීමට මුදල් ප්‍රමාණවත් විය.

    මේ සියල්ල සිදුවෙද්දී ජනක ළඟින්ම ඇසුරු කළ මිතුරෙක්‌ ජනකගේ සෙවණැල්ල සේ ළඟින්ම විය. ජනක හා අනුපමා අතර ඇතිවන ආරවුල් නිමාවට පත්වන්නේ මිතුරාගේ මැදහත්වීමත් සමගය.

    තමන්ගේ වැරදි හැසිරීම් හේතුවෙන් විරසක වන බිරිඳව යළි සන්සුන් කිරීමේ වගකීම් ද තම අතිජාත මිත්‍රයා වෙත භාර දෙන ජනක ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේ තම සහෝදරයකු පරිදිය. තමන්ගේ නොමනා හැසිරීම් පිළිබඳ සියලු තොරතුරු දන්නා එකම තැනැත්තා තම මිතුරා වීමත් ජනකගේ නිවසේම අයෙකු මෙන් තමන්ගේ මෙන්ම බිරිඳගේ විශ්වාසය දිනා ගැනීමට ඔහු සමත් වීමත් තුළින් සියලු දේ යහපත් අයුරින් සිදුවේ යෑයි ජනක තුළ වූයේ ලොකු විශ්වාසයකි.

    එහෙත් කාලයට බොහෝ දේ වෙනස්‌ කිරීමට ගත වූයේ නිමේෂයකි. දිනක්‌ දුරකථනයෙන් ආ පුවතකින් කියවුණේ ජනකට විදුලිය වැදෙන්නාක්‌ බඳු පුවතකි. මීට වසර තුන හතරකට පෙර මහා ධනස්‌කන්ධයක හිමිකරුවකු වීමේ ආරංචියට වඩා බරපතළ අහිමිවීමක්‌ තමන්ට සිදුව ඇතැයි තේරුම් ගැනීමට ගත වූයේ කෙටි කාලයකි. දුරකථනය මගින් ජනක ඇමතූ අනුපමා කියා සිටියේ තමන් තීරණයක්‌ ගත් බවත් ඒ වනවිටත් ඇය ජනකගේ මිතුරා සමග අලුත් ජීවිතයක්‌ ගත කරන බවත්ය.

    ජනකට එය විශ්වාස කළ නොහැකි පුවතක්‌ විය. තම සෙවණැල්ල සේ උන් මිතුරා බිරිඳවත් රැගෙන පලා යැම කිසිසේත් විශ්වාස කළ නොහැකි පුවතක්‌ බඳුය. දරුවන් තිදෙනාත් තමාත් අඳුරු අගාධයක ගිලී යන අයුරක්‌ ජනකට දැනෙන්නට විය. එහෙත් ඒ වනවිටත් සියල්ල සිදුවී හමාර බව තේරුම් ගත් ජනකට කළ යුත්තේ කුමක්‌ද නොකළ යුත්තේ කුමක්‌දැයි තේරුම් නැති විය.

    තමන්ගේ ලෝකය දෙපා මුල බිඳවැටී ඇති අයුරු තේරුම් ගත් ජනක ඉන් අනතුරුව ගේ දොර පිරික්‌සන විට දැක ගත හැකිව ඇත්තේ බැංකු පොත් ඇතුළු වටිනා ලියකියවිලි විශාල ප්‍රමාණයක්‌ ද අනුපමා සමග අතුරුදන්ව ඇති බවයි.

    ජනකට ජීවිතයේ තනිකම දැනෙන්නට විය. තමන් පරාජිතයකු බව හැඟෙන්නට විය. කොතෙක්‌ ඇවිටිලි කළ ද අනුපමා ගත් තීරණය වෙනස්‌ නොකරන බව පවසා සිටි ඇය ජනකට වැඩිදුරටත් කියන්නට වූයේ නීතිය ඉදිරියට ගොස්‌ සියල්ල විස¹ ගන්නා ලෙසත්ය.

    දරු තිදෙනාත් තමාත් හැර දැඩි තීරණයක්‌ ගන්නට සිය බිරිඳ එඩිතර වීමත් තමන්ට අයත් ධනයෙන් කොටසක්‌ ඇය සන්තකයේ වීමත් හේතුවෙන් ජනකට සිදුව ඇත්තේ එතැන් සිට නීතිය ඉදිරියට යැම පමණකි.

    දැඩි ආදරයත් විශ්වාසයත් කරණ කොට අනුපමා නමින්a මිලට ගත් වාහන කීපයකත් ඉඩකඩම් රාශියකත් අයිතිය ඒ වනවිටද ජනකට අහිමිව තිබූ අතර එහි වටිනාකම කෝටි ගණනක්‌ විය. ඒ වනවිට අනුපමා පසුවූවේ ජනකට අයත් දේපළ සහ මිල මුදලින් කොටසක්‌ තමන් සන්තක කර ගැනීමට ය. ඒ සඳහා නීති උපදෙස්‌ පිට වරින් වර අනුපමා විසින් ජනකව අමතන්නට විය. තමන් දැන් ජනකට අයිති නැති බවත් ඔහුට අයත් දේපළවලට පමණක්‌ තමන්ද අයිතිකාරියක්‌ බැවින් තමන්ගේ කොටස ලැබිය යුතු බවත් වරින්වර පවසන්නට වූ අනුපමා මේ වනවිට ඒ සඳහා නීතිය ඉදිරියට ගොස්‌ අවසන්ය.

    වසර විසි ගණනක්‌ පුරා නොරට දුක්‌විඳ උපයාගත් මහා ධනස්‌කන්ධය විනාශ කර ගැනීමට ජනකට ගත වූයේ වසර දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ය. මේ වනවිට ඔහුට ඉතිරිය පිණිස ඇත්තේ දරුවන් තිදෙනා පමණය. ඉදිරියේදී ඔහුට අයත් දේපළ පිළිබඳව තීරණය කරන්නේ නීතිය විසින්ය. මේ වනවිටත් ඔහුට අයත් ගේ දොර යාන වාහන, වතුපිටි ජනකට අහිමි වෙමින් පවතී.

    ගසක්‌ උස්‌ මහත්වීමට කාලයක්‌ ගත වන අතර නුහුරු සුළඟකට එය සැණෙකින් බිම දැමිය හැක. සොබාදහමේ එම නියමය ජීවිතයට ද පොදුය. කාලයක්‌ තිස්‌සේ ගොඩනඟන දෙය බිඳී යැමට ගතවන්නේ නිමේෂයක්‌ බව පෙන්වීම පිණිස ජනක එක්‌ උදාහරණයක්‌ පමණි. අනුපමාට ලෝකයක්‌ වූ ජනකගේ ආදරය ඒ හා බැඳුණු ආදරණීය මතකයන් පමණක්‌ නොව ඉඩකඩම් මිල මුදල් දේපළ පවා ඇය විසින් යළි උදුරාගෙන ඇත්තේ කොතැනක වූ වරදකින්දැයි නීතිය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇත.


    රුවන් ජයවර්ධන

    දිවයින
     
    • Like
    Reactions: Diego97

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒ උනාට මන්නම් කියන්නේ මචන් මෙතැනදී මිනිහත් වැරදි, මොකද මිනිහ හොදින් හිටියනම් ගැනී පිට යන්නේ නැහැ, මිනිහගේ වැරදි වැඩ නිසා තමයි ගැනී මිනිහ ගැන කලකිරිලා වෙන එකෙක් එක්ක යන්නේ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ උනාට මන්නම් කියන්නේ මචන් මෙතැනදී මිනිහත් වැරදි, මොකද මිනිහ හොදින් හිටියනම් ගැනී පිට යන්නේ නැහැ, මිනිහගේ වැරදි වැඩ නිසා තමයි ගැනී මිනිහ ගැන කලකිරිලා වෙන එකෙක් එක්ක යන්නේ.
    :yes:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Navina panneta hedichcha genu ohomai ban :P Game Kellek bendaganin uba chater dial ekak nam eki ubata hukola thiyena depala aran vena eun ekka yanne nehe ubata bena bena randu wevi ubava hadala gannava... ada benda ganna kiala geniyek hoyaganna behe bola :P
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ සියල්ල සිදුවෙද්දී ජනක ළඟින්ම ඇසුරු කළ මිතුරෙක්‌ ජනකගේ සෙවණැල්ල සේ ළඟින්ම විය. ජනක හා අනුපමා අතර ඇතිවන ආරවුල් නිමාවට පත්වන්නේ මිතුරාගේ මැදහත්වීමත් සමගය.

    තමන්ගේ වැරදි හැසිරීම් හේතුවෙන් විරසක වන බිරිඳව යළි සන්සුන් කිරීමේ වගකීම් ද තම අතිජාත මිත්‍රයා වෙත භාර දෙන ජනක ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේ තම සහෝදරයකු පරිදිය. තමන්ගේ නොමනා හැසිරීම් පිළිබඳ සියලු තොරතුරු දන්නා එකම තැනැත්තා තම මිතුරා වීමත් ජනකගේ නිවසේම අයෙකු මෙන් තමන්ගේ මෙන්ම බිරිඳගේ විශ්වාසය දිනා ගැනීමට ඔහු සමත් වීමත් තුළින් සියලු දේ යහපත් අයුරින් සිදුවේ යෑයි ජනක තුළ වූයේ ලොකු විශ්වාසයකි.

    menna muta kela una thna.

    lagin inna ewun thmai apita kelinne.eka nisa kawuru hari yaluwek onawata wada hithawath wenawanam poddak hoyala balapan.parissamin.

    http://www.elakiri.com/forum/showpost.php?p=17832703&postcount=24