ජීවිතයේ සැබෑ අරමුණ සතුටද?
ජීවිතයේ අර්ථය සතුටයි. එහි සමස්ත අරමුණ මිනිස් පැවැත්මයි. අප මිය යන තුරුම ප්‍රීතිමත් ජීවිතයක් ගත නොකළොත් ජීවිතයේ සැබෑ අරමුණ කුමක්ද? ජීවිතයේ සැබෑ අරමුණ ඉටුවේද යන්න ප්රශ්නයකි. එමෙන්ම සතුට ජීවිතයේදී ඉතාමත්ම අපේක්ෂිත ඉලක්කවලින් එකකි. එසේනම් අප සතුටින් සිටින්නේ කෙසේද?
සතුටින් සිටීමට හැකි සරල ක්‍රම 12ක් ලන්ඩනයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.
1. ඔබ කැමති දේ කරන්න
ඔබේ ආශාව පාපන්දු ක්‍රීඩාව හෝ වෙන යම් ක්‍රීඩාවක් නම් එය කිරීම තුළින් ඔබට මානසික සතුටක් ලැබෙනු ඇත. එමෙන්ම මොනයම් හෝ ඔබ කැමැති ක්‍රියාවක් කවි ලිවීම, පිහිනීම, , ඒ සඳහා කාලය ගත කරන්න. ඔබ කැමැති දේ කිරීමේදී ඔබ ප්‍රිතියෙන් පිනා යනු ඇති. ඔබ අකමැති දෙයක් බලෙන් කිරීමට වඩා එය ඔබට මහඟු සතුටක් වනු ඇති.
2. අන් අයට උදව් කරන්න
අපි අපේ පෞද්ගලික ඉලක්ක අත්පත් කර ගන්නවා වගේම අප ජීවිතයේ වෙනත් කෙනෙකු වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් ලබා නොදීම නිසා අප තවමත් හිස් බවක් දැනෙනවා ඇති. අප නොදැනුවත්වම අපි ස්වේච්ඡාවෙන් අන් අයට උපකාර කරන විට, අප විසින් සිදු කරන ලද එම හැඟිම අපේම සතුට සඳහා විශාල හේතුවක් වේවි.
3. හැකි සැමවිමට අනෙකාට ස්තුතියි කියන්න.
ඔබට යමෙකු කුඩා හෝ විශාල මොනයම් හෝ උපකාරයක් කළහොත් ඔහුට හෝ ඇයට ස්තුතියි කීමට අමතක නොකරන්න. ඔබ එසේ කියූ විට අනෙකාගෙන් ලැබෙන ප්‍රතිචාරට ඔහුගේ සතුට ඔබට සතුටක් එක් කරනු ඇති.
4. අන්‍යයන් සමග බෙදාගන්න
අපේ සිතුවිලි, අපේ කාලය සහ අපේ හැකියාවන් අන් අය සමඟ බෙදා හදා ගන්නා විට එය අපට වඩා යහපත් බව පර්යේෂකයින්ගේ අදහසය. බෙදාහදා ගැනීමකින් තොරව ජීවත්වූ ජීවිතය පාළු විය හැකිය. ඔබ අන් අය සමඟ ඕනෑම දෙයක් හුවමාරු කරගන්නා විට, එය ඔබේ ජීවිතයට මහත් ප්‍රීතියක් ගෙනඑනු ඇත.
5. සිනහ වෙන්න
ඔබ යමෙකු සමග හදවතින්ම සිනහා වන්නේනම් එය අභ්‍යන්තරව ඔබට බලපායි. ඔබට සිනහවක් ලබා දීමට සෑම විටම ඔබ සිනහා වන්න. සිනහවෙන් ඔබට ප්‍රීතියක් ලැබෙනු ඇත.
6. ව්‍යායාම ව්‍යායාම මානසික පීඩනය අඩු කරයි.
මානසික පීඩනය අඩු වනවා යනු ඔබ සතුට කරා රැගෙන යනවා යන්නයි.
7. මානසික පීඩනය පාලනය කිරීම සඳහා ක්‍රම සොයාගන්න
ව්‍යායාම මගින් මානසික පීඩනය නැතිකරනවා වගේම මානසික පීඩනය නැති කිරීමට තවත් ක්‍රම සොයා ගත යුතුව ඇත. ඔබේ සතුට මානසික පීඩාවට පාලනය කිරීමට ඉඩ නොදෙන්න. භාවනාව වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් මානසික ආතතිය වඩා හොඳින් පාලනය කර ගැනීමටත් , සුවදායී හැඟීමක් ඇති කිරීමටත් උපකාරී වේවි.
8. සෞඛ්‍ය සම්පන්න භාවය
ඔබ අසනීපයෙන් සිටින විට සැබවින්ම සතුටට පත් වීම අභියෝගයකි. නමුත් ශාරීරිකව හා මානසිකව හොඳින් සිටිනවානම් ඔබේ සතුටට නිතැතින්ම ඔබව සොයාගෙන ඒවි.
9. ඔබේ ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න
අන්තර්ජාලයේ ව්‍යාජ සබඳතා වෙනුවට සැබෑ සබඳතා වලට යොමුවන්න. ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමෙන් ඔබ කිසිවිටෙකත් හුදෙකතා නොවේවි. හොඳ මිතුරන් හා පවුලේ අය සමඟ කාලය ගත කිරීම මෙන්ම හොඳ සංවාදයක්,ගොඩනගා ගැනීමද, බැඳීම් ඔබට සතුට ගෙනෙනවා ඇති.
10. සෘණාත්මක චින්තනය වෙනුවට ධනාත්මක සිතුවිලි ඇති කර ගන්න.
ඔබ දැනටමත් දන්නවා ඇති සෘණාත්මක සිතුවිළි ඔබව පහතට ඇද දමන බව. ධනාත්මක සිතුවිලි වලට මනස යොමුකරවන්න. සෘණාත්මක සිතුවිලි වෙනස් කිරීමට උත්සාහ කරන්න.
11. සමාව දීමට අමතක නොකරන්න
කණගාටුවක්, තරහවක් ඇතිවුවහොත් එහි අනෙකුත් පාර්ශවයට වඩා බෙහෙවින් ඔබට හානි එක්කරනු ඇත. අතීතයේ එවැනි සිදුවීම් ඔබට ආව්ගය අසතුට ඒකරන්නේනම් එයින් ගැලවීමට මා කුමක් කළ යුතුද යන්න සිතා බලන්න. ඔබ තත්පර කිහිපයකට කෝපය ඔබට ගෙනෙන්නේ මහත් වූ දිගුකාලීන අසතුටකි.
12. ස්වභාව ධර්මය සමග කාලය ගතකරන්න
සොබාදහම සමග කාලය ගත කිරීම ඔබට සතුටක් සැනසීමක් ගෙන එනු ඇත. විශේෂයෙන් ඔබ ජීවත් වන කෘතිම මිනිස් ලොවෙහි ජීවත් වන විට එය ඔබට ඔබ නොදැනුවත්ම වේදනාවක් වනු ඇත. ඔබ වනාන්තර හෝ උද්‍යානය තුළ ඇවිදීමෙන් සහ නැවුම් වාතාශ්‍ර ලබා ගැනීමෙන් ස්වභාවික ලෝකයාගේ අලංකාරය විඳීමෙන් ඔබට සතුටක් එක් වනු ඇත.
ජීවිත ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි ආකාරය ඉහත දක්වා ඇත. උත්සහා කර බලන්න. ඔබට සැබෑ විටම සතුටක් ලැබෙනු ඇත.
උපුටා ගැනීම- www.her.lk