ජීවිතය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ජීවිතය ?

කෙළින් තබා කශේරුකා
අද නුඹගේ හෙළුව රුවා
අමතා හෙට නුඹ අනෙකා
නොහඬන් විහිළුවක් වෙලා

විලි වසා ගන්න
පියරු උලාගන්න
නෙතඳුන් ගල්වාගන්න
නෙක වර්ණ දවටාගන්න

ජීවිතය විඳින්න
භූමිකා රඟා
කුසලාන දිනන්න
මරණයත් මරා

- මාලන් විදානපතිරණ
 
Last edited: