ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් ඊයේ (01) නියම කළේය.

    ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

    ඌවතැන්නේ සුමන හිමියන් සමඟ එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටි උන්වහන්සේගේ ගෝල හිමි නමක් වු මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහිව එල්ල කොට තිබු සිය`ථ චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

    2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වන 2010 ජනවරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

    මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පවත්වන ලද අතර එම දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගනිමින් සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

    මෙම නඩුවේදී පළමු විත්තිකාර ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට තිබුණත් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට උන්වහන්සේට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

    ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

    මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ‍්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.

    එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.

    ඔවුන්ට එරෙහි නඩුව නීතීපතිවරයා ඉවත් කර ගත්තත් ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි නඩුවේ සාක්කි මෙහෙයවන ලදී.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.


    mama danna ekek innawa karuna gawa idapu uge laga T56 8 tiyenawa...