ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ කතක් නිදොස් කොට නිදහස් කරයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

    මෙසේ අභියාචනාධිකරණය තීන්දු කළේ ඇය විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

    අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතාගේ එකගත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.

    හෙරොයින් ග්‍රෑම් 2.78ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින් 2019 ජනවාරි 18 වැනි දින පතිරගේ ජයන්ති නැමැත්තියට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කෙරිණි.

    මෙම තීන්දුවෙන් අගතියට පත් පෙත්සම්කාර චූදිත කාන්තාව විසින් එම දඩුවමට එරෙහිව මෙම අභියාචන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්ති පාර්ශවයේ සාක්ෂි පිළිබද නිසි සැලකිල්ලට ගෙන නොමැති බවත් පැහැදිලි වන බවද තීන්දුවේ සදහන් වේ.

    මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවෙකු වන ෆොන්සේකා නැමැත්තාගේ සාක්කිය සම්බන්ධයෙන් නොමග ගොස් ඇති බවද තීන්දුවේ සදහන් ව ඇත.

    පෙත්සම්කාර චූදිත කාන්තාව තමාට මුහුණුපෑමට සිදුවූ සිද්ධිය නිවැරදිව විස්තර කර ඇති බවත් , කුසුමා නැමැති සාක්කරුගේ සහ චූදිත කාන්තාවගේ දියණියගේ සාක්ෂි වලින් චූදිත කාන්තාව නිවසේදී අත්අඩංගුවට ගෙන ඇය සන්තකයට හෙරොයින් දමා ඇතැයි ද අභියාචනාධිකරණ තීන්දුවේ පැහැදිලිව සදහන් වේ.

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ඩී.එන්.පාණ්ඩේට එදිරිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය යන නඩුවේ තීන්දුව අනුව විත්ති පාර්ශවයේ සාක්කිකරුවන්ට ද පැමිණිල්ලේ සාක්කිකරුවන්ට හා සමානවම සැලකිය යුතු බව පෙන්වා දී ඇතැයි ද අභියාචනාධිකරණය තීන්දුවේ සදහන් වේ.

    සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

    පෙත්සම්කාර චූදිත කාන්තාව වෙනුවෙන් නීතීඥ නිරංජන් ජයසිංහ මහතා පෙනී සිටියේය.

    නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ රියාස් බාරි මහතා පෙනී සිටියේය.


    ඒ කියන්නේ මේ මනුස්සයාව කුඩු දාලා බොරු නඩුවකට පටලවලාද?
    ------ Post added on Sep 20, 2021 at 7:38 PM
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දුමින්ද සිල්වාට නිදහස දුන්නනම් මේ වගේ දෙයකට නිදහස දෙන එක සාධාරණයි,
     
    • Like
    Reactions: TNHM