ජීවිතේ කෘතවේදී බව රැක ගන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,350
    100,212
    113
    post by
    Dr. Lakmal Kulasekara

    ජීවිතේ කෘතවේදී බව රැක ගන්න...

    මේ රටෙන් හම්බ වෙච්ච දෙයක් නෑ
    දෙමව්පියන් අපට කරපු දෙයක් නෑ
    මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ

    මෙන්න මේ ලයින් එකේ චින්තන රටාවක් එහෙම නැතිනම් මතවාදයක් සමාජ මාධ්‍යයේ පැතිරෙනව හෝ පතුරන්න උත්සහ කරනව නේද ?

    මේ මතවාද පතුරන්න උත්සහ කරන උදවිය දිහා පරිස්සමෙන් බලන්න...

    ඔවුන් තමන්ගෙ ජීවිතවල සාර්ථකද ?
    ඔවුන් සතුටෙන් ඉන්න මිනිස්සු ද ?
    ඔවුන්ගෙ සමීපතමයන් හිනා වෙල ඉන්න මිනිස්සු ද?

    බොහෝ විට නෑ මිත්‍රවරුනි...

    ජීවිතේ සාර්ථක මිනිස්සු දිහා බලන්න...
    ජීවිතේ සතුටෙන් ඉන්න අය දිහා බලන්න...

    මේ අය ලග අපූරු ගුණයක් චූටියට හරි තියෙනව...

    ඒ අපූරු ගුණය තමා "කෘතවේදී බව"....

    කෘතවේදී මිනිස්සු තමන්ට ලැබිච්ච, තමන්ට තියෙන පුංචි දේ පවා මතක තියා ගන්නව...
    තමන්ට වෙන පුංචි හොඳ දේත් අගය කරනව...

    මේක හරි වැදගත්...

    ඕන මනුස්සයෙක් වටේට තියෙනව Aura එකක්...සිංහලෙන් කිව්වොත් කිරණ වලල්ලක් කියමුකො...

    ඔය Aura එක පොසිටිව් මිනිහෙක් හෝ ගැහැණියක් තැනකට එනකොට තේරෙනව...ඒක දැනෙනව...ඒ වගෙ මිනිස්සු ඉන්න තැන් හැදෙනව...වැඩ කෙරෙනව...වටේ ඉන්න මිනිස්සුත් වැඩ කරනව...සතුටෙන්...ඒ තැන් දියුණු වෙනව...

    කෘතවේදි මිනිස්සුන්ගෙ Aura එක පොසිටිව්...

    ආදරණීය මිත්‍රවරුනි,

    ජීවිතේ ඉස්සරහට යන්න ඕන නම්
    ජීවිතේ දියුණු වෙන්න ඕන නම්
    සන්තෝසෙන් ජීවත් වෙන්න ඕන නම්

    කෘතවේදි බව රැක ගන්න..
    ඔබ සාර්ථක වෙයි...සතුටෙන් ඉඳියි...

    ඒ නිසා ඇත්ත ජීවිතේ වේවා
    සමාජ මාධ්‍යයේ වේවා

    මොන තරම් දාර්ශනික වුනත්
    කෘතවේදී බවක් නැති උන්ගෙ කතා
    පරිස්සමෙන් අහන්න...

    ලක්මාල් කුලසේකර
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මේක ඇත්ත. මාත් ගිය අගෝස්තු අරගලේ දේවල් එක්ක පොලිටික්ස් රටට බැන බැන නිව්ස් බල බල හෙනට ඩිප්‍රෙශන් වෙලා හිටියේ.
    ඩ්‍රිප්‍රෙශන් කොච්චරද කිව්වොත් වර්ක් ප්‍රෙශර් හින්දා ජොබ් එකෙන් අයින් වෙන්නත් උනා.
    පස්සේ කල්පනා උනේ, මගේ ලයිෆ් එකට පොලිටික්ස් හින්දා නේමේ කෙලවෙලා තියෙන්නෙ කියලා. (හැමෝටම නොවෙන්න පුලුවන්.)

    මොකද මන් අනිත් උන්ටබැන්නෙත් රට කරන්නෑ කියලා හරියට, මගේ ලයිෆ් එකවත් කරගන්නේ නැතුව හරියට.:baffled:
    එදා අයින් වෙලා, ඩ්‍රග්ස් ඔක්කොම අයින් කරලා මේ මාස 8 කට සෑහෙන දුර ගමනක් ආවා...

    මන් කරපුදේවල්,
    -andrew huberman daily routine එක වගේම ගොඩක් ලයිෆ් එක මොරාල් කරනදෙවල් ඉගෙනත්තා
    -Maladaptive daydreaming වගේම ගොඩක් මටතියෙන mental problems ගැන හොද awareness එකක් හදාගත්තා
    -නෙගටිව්දේවල් News වගේම ඔවා කියවන කන්වර්සෙශන්ශෙප් එකේ අයින් කලා.
    -ගොඩක් දේවල් දුරතියාලා හිත හිත වොරි වෙන එක අයින් කරලා Situation එකට ඇක්ට් කරන්න මන්ඩ් එක හදාගත්තා.(ඉස්සර ම්න් overthinking ගියා ගොඩක් දේවල් පටන් ගන්න බයේ. මෙකට කියන්නේ Imposter Syndrome ද කොහෙද)ඒ උනාටතාම පොඩ්ඩක්තියෙනවා.
    -online wagema dayto day හම්බෙන මිනිස්සුත් හොද fresh mood ekak දෙන අයව follow කරන්න පටන් ගත්තා.

    මන් හිතන්නේ නෙගටිව් වගේම පොසිටිව් එකත් ඔවර් යන්නැතුව බැලන්ස් එකේ ගියාම ගොඩ කියලා.

    පස්සේ මෙක තව ඩීටෙල්ව ත්‍රෙඩ් එකක් දාන්නම් ඩිප්‍රෙශන් එකෙන් බේරුන එක ගැන.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් මූ කියන්නේ මේ රටට දියුනුවක් නෑ...

    මේ රට කාපු කාලකන්නි භල්ලොන්ට කෘතවේදී වෙන්න කියලද??

    මී හරක් වගේ දෙන්නන් වාලේ කතිරේ ගහලා රට නැති බංගස්තාන කරපු බයියෝ ටොයියොන්ට කෘතවේදී වෙන්න කියලද??

    මහන්සි වෙලා නිදිමරන් හම්බකරන තුට්ටු දෙකෙන් විසාල පංගුවක් බදු ගහලා හූරන් කාලා ඒකෙන් දේශපාලුවෝ පිනට කන එකට කෘතවේදී වෙන්නද??

    කොටින්ම මූ කරන්නෙත් කොන්ත්‍රාත්තුවක්...කෘතවේදී වෙලා, පොන්නයා අරින එක ඉවසගෙන, ටැක්ස ගෙවපල්ලා, මේකෙන් යන්න එපා කියලා ඔලුවට දාන්නේ...සහ, යන උන් ගැන වැරදි චිත්‍රයක් මවන එක...

    උන් යන්නේ රට කාලකන්නි එකතු වෙලා කාපු නිසා නෙමෙයි,, කෘතවේදී නැති නිසා කියලා..

    අම්මගේ රෙද්ද
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,042
    22,097
    113
    ගම මහනුවරයි
    ඔවුන් තමන්ගෙ ජීවිතවල සාර්ථකද ? ow
    ඔවුන් සතුටෙන් ඉන්න මිනිස්සු ද ? ow
    ඔවුන්ගෙ සමීපතමයන් හිනා වෙල ඉන්න මිනිස්සු ද? ow

    කෘතවේදී wela hodama eken hambenta yanne :yes:
    passe therei... ai mehema ewa man liwwe kiyala :lol: amathaka karanta epa meka lankawa...
    waddage idan arinta enne... hodamai
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,350
    100,212
    113
    කෘතවේදි වෙන්න කිව්වම මහින්ද මතක් වෙන එක. කලගුණ සලකන්න නන් බුලත් කොලේට චන්දෙ දෙන්න කිව්ව එකේම ඔපොසිට් කැම්පෙන් එක වගේ නෙ.