ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද?

    crawling-businessman-jupiter-200549493-001.jpg


    තාක්ෂණයේ දියුණුව අහස උසට නැග තිබුණත් යාන වාහන ගේ දොර සැප සම්පත් අහස උසට ගොඩනගාගෙන තිබුණත්
    මිනිසුන් එයින් සතුටක් ලබන්නේද? නැත. සැපසම්පත් පසුපස වේගයෙන් හඹායන මිනිසුන් අවසානයේ නවතින්නේ සතුටක් ලැබීමකින්
    නොව ඉමහත් වූ විඩාවකිනි. එය සැපසම්පත් පසුපස හඹා ගිය ඒවා ළඟාකරගත්තවුන්ගේ මෙන්ම ඒවා ළඟා කර නොගත්තවුන්ගේ ද
    එකම අවසාන අදහසයි. හෙට සතුට ලැබේවී හෙට සතුට ලැබේවී යැයි බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් එසේ නොවුනි.
    එසේ නම් කුමක්ද ‍මේ විඩාව? කුමක්ද මේ විඩාවට හේතුව? කුමක්ද මේකට විසඳුම?

    අපි විමසමු...


    ලිපි පෙළ උපුටාගැනීම
    - අපි නිවෙමු -
     
    • Like
    Reactions: CuteBaby

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Human-Life-Birth%20to%20Death.jpg



    අඬාගෙන ඉපදුන දවසේ ඉඳලම කෙමෙන් කෙමෙන් වැඩෙන කාලය පුරාවට ඉන් පස්සෙ විවිධ වගකීම් වලට හිර උන වැඩිහිටියෙක් ලෙස කොයි තරම් මානසික පීඩාවන්ට අපි ලක් වෙනවද? දවස පුරා වැඩ ගොඩ ගැහුන දවසක් නම් ඔබ දවස ගත කරන්නෙ කොයි තරම් පීඩනයකින්ද? ඔබේ හිතෙන්ම අහලා බලන්න ඔබේ හිතේ තියෙන පීඩනය නිසාම නිකරුණේ කී දෙනෙක් දවසකට ඔබෙන් බැනුම් අහනවද? ඔබේ හිතේ එදා දවසේ පීඩනය නිසා ඔබ කී දෙනෙක් ගැන කේන්තියෙන් ඉඳලා තියෙනවද? මේ විදිහට බැලුවම කුඩා අවදියෙන් පස්සෙ පාසල් වියේ ඉඳලම දවසින් දවස අපිට හිතේ පීඩාවන් වැඩි උනා මිස අඩුවීමක් තිබිලා නැහැ. එසේ හිතේ පීඩා අවසන් වෙනවා නම් ඒ වයස් ගත අවදියේ. නමුත් හිතේ පීඩා අඩු වෙනකොටම පටන් ගන්නවා නේද ගතේ පීඩා? ඔබ මදක් අවදානයෙන් ඉන්න ගෙදර ඉන්න ආච්චී, සීයා දිහා. ඔබට නිතරම අතන මෙතන රිදෙනවා කියා කන් කෙඳිරි ගාන නිසා ඔබට දැන් ඒක සාමාන්‍ය සිද්ධියක් වෙන්නත් ඇති. නමුත් හොඳට අවධානයෙන් බලන්න ඒ අය ශාරීරිකව දුර්වල වීමත් එක්ක කොයි තරම් පීඩාවක් විඳිනවද කියලා. ඒ විතරක්ද ඒ අය පිටතට නොපෙන්නුවට දවසින් දවස මරණය ලඟා වෙනවා කියලා දැනෙනකොට ඒ අය ඇතුලේ කොයි තරම් පීඩනයක් හිර වෙලා ඇතිද?

    මේ විදිහෙන් බැලුවම ඔබට තේරෙනවා ඇති මේ තරඟකාරී ලෝකයේ අපි දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට අපි දියුණුවෙන්න ජීවිතේ සතුටු වෙන්න හිතාගෙන දිවා රාත්‍රී වෙහෙසුනාට අවසාන වශයෙන් ජිවිතේ පුරාවට අපි සැබෑ සතුටක් නිදහසක් භුක්ති විඳිනවද? ඔබ සමහර විට මට විරුද්ධ වේවි ඔබ කියාවි අපිට නැති උනාට සල්ලි තියෙන කෝටිපති මිනිස්සු කොයි තරම් සතුටින් ඉන්නවද කියලා. ඒ අයට මොන ප්‍රශ්ණද කියලා. ඇත්තටම මම ඔබට එසේ නම් අභියෝගයක් කරනවා සැප සම්පත් වෙනුවෙන් හඹා ගිහිල්ලා අද වෙනකොට සතුට හිතේ නිදහස හොයාගත්ත කෝටිපතියෙක් හොයලා කියන්න. ඔබට වගේම තමයි ඒ අය එතන රැඳෙන්න පුදුම වෙහෙසක් දරනවා තමන්ගෙ සම්පත් ආරක්ෂා කරන්න, නඩත්තු කරන්න, කොච්චර වෙහෙසක් දරනවද? ඒ සම්පත් නැති වේවි කියලා කොයි තරම් හිතේ පීඩනයකින් ඉන්නවද. මේ දේවල් එසේ නොවේවියි කියලා හිතේවි නමුත් ඇත්තටම එවන් අයෙකුගේ ජීවිතය අධ්‍යයනය කරලා බැලුවොත් වැටහේවි කොයි තරම් චිත්ත පීඩාවක් ඔහු තුළ තියෙනවද කියලා.

    හොඳ උදාහරණයක් කියන්නම් මේ ලෝකෙ වැඩියෙන්ම සම්පත් එකතු කරගත්තු රට රාජ්‍ය ආක්‍රමණය කරගෙන ගිය 'මහා ඇලෙක්සැන්ඩර් රජු' අවසාන කැමති පත්‍රය ලියනවා.

    1) මරණයට කරගහන්න අවසර තියෙන්නෙ රාජකීය වෛද්‍යවරුන්ට විතරයි
    2) තමන් උපයපු රන් රිදී මුතු මැණික් සියල්ල මරණය ගෙන යන පාරේ අතුරන්න
    3) තම අත් දෙක පෙට්ටියෙන් පිටතට දිගහැර එළියට පෙනෙන්න තබන්න

    මෙච්චර රාජ්‍ය අල්ලගත්තු මට ඉන්නෙ ලෝකයේ විශිෂ්ඨම වෛදවරු. එයාලා පාවිච්චි කරන්නෙ විශිෂ්ඨම වෛද්‍ය ශෘස්ත්‍රය. ඒ අයට බැරි උනා මගේ දිවි බේරගන්න. මම උපයපු මුතු මැණීක් කිසිවක් මට ගෙනියන්න බැරි උනා බලන්න මේ අත් දෙක හිස්, කියන පණිවිඩය ජනතාවට දෙන්නයි එතුමන්ට අවශ්‍යය උනේ. එතුමා නියම අවබෝධයක් ලබලා තිබුණා සම්පත් හඹායාමේ අවසාන විඩාව ගැන. එසේ නම් ඔබට ඊට වඩා කුමන උදාහරණයක් පෙන්වන්නද?

    ඒ විඩාව විතරක් ද, මේ ජීවිත කාලය තුළ ඔබ රෝගපීඩා නිසා කොච්චර අසරණ වෙලා ඇත්ද? තමන්ගෙ එදිනෙදා වැඩ කරගන්න පවා බැරි මට්ටමට රෝගාතුර වූ විට ඔබ කොතරම් අන් අය ඉදිරියේ අසරණ වෙනවාද, කොතරම් චිත්ත පිඩාවට ලක් වෙනවාද? ඔබ ඉපැයූ කෝටි ප්‍රකෝටි ගණනින් මිල මුදල් තිබුණත් අතට පයට සියලු දෑට සේවකයන් කොපමණ හිටියත්, හිතන්න ඔබ රෝගාතුරව සිටිනා විට ඔබට හිතේ සැනසීමක් ඇත්ද?

    කුමක් ද මේ උපතේ සිට මරණය දක්වාම විඳවන පීඩාව? කුමක්ද මෙයට හේතුව? සතුට සතුට යැයි කොයි තරම් පසුපස ගියත් ඔබ අවසන ලැබූ සතුටක් ඇත්ද? ඔබ මින් පෙර ඒ ගැන සිතා තිබේද?

    ගවේශණය ඉදිරියටම...
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    මහන්සි තමයි. ඒත් මැරීගෙන නම් සල්ලි හම්බකරන්නෑ. අඩුපාඩුවකුත් කියන්න නෑ. ඒත් අතේ සතේ නැති කාලයක් තිබ්බා සතුට ඉතිරෙන. ඉස්කෝලෙ යන දවස් වල. ඒත් දැන් නම් සල්ලි වියදම් කරල තමයි සතුට ලබාගන්නේ....