ජී.එස්.පී. ප්ලස් නැතිදා, ඇඟලුම් කර්මාන්තයේ
ජී.එස්.පී. ප්ලස් නැතිදා, ඇඟලුම් කර්මාන්තයේ අනාගතය
Sri Lanka apparel industry downplays loss of EU trade deal
යුරෝපීය සංගමය ලංකාවට ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කරගැනීම විශාල අර්බුදයක් නොවන බවත් එයින් වන පාඩු මගහරවා ගැනීමට විකල්ප සොයා බලමින් සිටින බවත් ඇඟලුම් කර්මාන්තයේ ප්රවීණයෙකු කියයි.
ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති මෙන්ම ඇඟලුම් අපනයන කරුවෙකුද වන, ඒ.සුකුමාරන් මේ බව කොළඹදී සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ව්යාපාරික සමුළුවට සහභාගී වෙමිනි.
ඇඟලුම් ඇතුළු භාණ්ඩ වර්ග රැසක් තීරු බදු රහිතව යුරෝපීය සංගමයට යැවීමට ලංකාවට ලබාදුන් තීරුබදු සහනය අගෝස්තු 15 වනදා සිට ඉවත් කරන බව මේ වනවිටත් යුරෝපා සංගමය විසින් නිළ වශයෙන් නිවේදනය කර තිබෙන අතර මෙම සහනය නැවත ලබාදීමට ඉදිරිපත් කළ කොන්දේසි මාලාවට රජය එකඟ නොවීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
“ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ අපනයනය කළේ මෙරට ඇඟලුම් වලින් තුනෙන් එකයි. තුනෙන් දෙකක් වූ අනිත් ප්රමාණය පිටරට යැව්වෙ මේ සහනය නොමැතිවයි. මේ නිසා, මෙරට ඇඟලුම් අපනයන වලින් වැඩි කොටසක් මෙම සහනය නොලැබීම නිසා අර්බුදයට පත්වෙන්නෙ නෑ. නමුත්, ඇඟලුම් අපනයන වලින් තුනෙන් එකකට මෙය බලපෑම ප්රශ්නයක් තමයි.”
යනුවෙන් සුකුමාරන් මහතා ව්යාපාරික සමුළුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජී.එස්.පී. සහනය නොලැබීම නිසා ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් වැසීයෑමේ තර්ජනයක් තිබෙන නමුත් මේ වනවිට, ඇඟලුම් කර්මාන්තයේ සේවක පුරප්පාඩු 25,000 ක් පමණ තිබෙන නිසා, වැසී යන කර්මාන්ත ශාලාවල සේවකයින්ට රැකියා සොයා ගැනීමට ගැටලුවක් නොවනු ඇතිබව හෙතෙම කීය.
“මම හිතන්නෙ නෑ, මේ ප්රශ්නය නිසා ඇඟලුම් කර්මාන්ත ශාලා විශාල වශයෙන් වැසී යාවි කියල.”
යනුවෙන් හෙතෙම පැවසීය.
ඔහු පවසන්නේ, මේ වසරේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 10 ත් 15 ත් අතර ප්රමාණයකින් පහත වැටෙනු ඇති බවයි.
ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නොමැතිවීම නිසා, අදාළ සහනය පැවැති භාණ්ඩ වලට මින්පසු යුරෝපීය සංගමය විසින් සියයට 9.6 ක තීරුබද්දක් පැනවීමට නියමිත අතර සමහර යුරෝපීය ගැනුම්කරුවන් මෙම බද්ද සම්පූර්ණයෙන් ගෙවීමට හෝ සමහරුන් බද්ද බෙදාගෙන ගෙවීමට හෝ එකඟවිය හැකි බවත්, එසේ අකමැති ගැනුම්කරුවන් ඇඟලුම් මිලදී ගැනීමට වෙනත් රටවලට යනු ඇතිබවත් සුකුමාරන් මහතා කීය.
පසුගිය කාලයේදී මෙරට උද්ධමනය විශාල ලෙස පහළ ගියත් පසුගිය වසරේදී ඇඟලුම් කර්මාන්තයේ මෙහෙයුම් පිරිවැය සියයට 10 ත් 12 ත් අතර ගණනකින් ඉහළ ගිය බවත් පවතින විනිමය අනුපාතය කර්මාන්තයේ ප්රගතියට හේතු නොවන බවත් සුකුමාරන් මහතා පෙන්වා දුන්නේය.
මේ වනවිට, යුරෝපීය සංගමය මතම වැඩිපුර රඳා නොසිට වෙනත් වෙළඳපොළවක් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවද එවැනි විකල්ප වෙළඳපොළවල වටිනාකම සියයට පහකින් වැඩිවුවද එය ඉතාමත් අස්වැසිල්ලක් වනු ඇති බවද හෙතෙම කීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ඇමරිකානු ජී.එස්.පී. සහනයද මෙරටට අහිමි වුවහොත් එයින්ද ඇඟලුම් කර්මාන්තයට බරපතල ප්රශ්නයක් නොවන්නේ එය යටතට ඇඟලුම් අයත් නොවන නිසා බවයි