ජූලි_1දා_වාහන

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මෙන්න මේ දේවල් සම්පූර්ණ කිරිමෙන් පමණයි ජූලි 1දා සිට වාහන ආනයනය කරන්න අවසර ලැබෙන්නේ


    ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කරන බව රේගුව පවසනවා.

    එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙය මෙම වසරේ මුල සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණ ද පාර්ශ්ව කිහිපයක ඉල්ලීම මත හේතුන් කිහිපයක් සලකා බලා කල් දැමු බවයි.

    ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වන බව සඳහන්.

    2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමනු ලැබුවා.

    මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.



    nethnews


    මේක නම් හොද වැඩක්:yes:
     
    • Like
    Reactions: Red-Cat

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    අවුරුදු ගණනාවකට කලින් ක්‍රියාත්මක කරන්න තිබුන නීතියක් , දැන් හරි ක්‍රියාත්මක කරන එක නම් ගොඩක් හොඳ වැඩක්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes: අවුරුදු ගණනාවකට කලින් ක්‍රියාත්මක කරන්න තිබුන නීතියක් , දැන් හරි ක්‍රියාත්මක කරන එක නම් ගොඩක් හොඳ වැඩක් :yes::yes::yes::yes:
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මම නම් හිතන්නේ නැ ඕක හරියට ක්‍රියාත්මක වෙයි කියලා ..ලංකාවේ උන් ගන්න කාර් වලින් 50% කම ඔය ගොඩේ තියන වාහන
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවුරුදු ගණනාවකට කලින් ක්‍රියාත්මක කරන්න තිබුන නීතියක් , දැන් හරි ක්‍රියාත්මක කරන එක නම් ගොඩක් හොඳ වැඩක්

    :yes::yes::yes::yes::yes::yes: