Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙනරාල්ගේ පටලැවිල්ල!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතරම් පරස්පර විරෝධී කතාවක් අපට දේශපාලකයෙකුගෙන් වත් පහසුවෙන් අසන්නට ලැබෙන්නේ නැත. හිටපු හමුදා නිලධාරියකුගෙන් මෙවැනි පරස්පර විරෝධී කතා අසන්නට ලැබීම ඇත්ත වශයෙන්ම ජුගුස්සා ජනකය. හිටපු හමුදා නිලධාරියෙකුට අන් අයට වඩා පැහැදිලිව යමක් ගැන ප්‍රකාශයක් කිරීමට හැකියාව තිබිය යුතුය.

සරත් ෆොන්සේකා මහතා මේ කියන පරස්පර විරෝධී කතාවලින් බොහෝ අය අවධානය යොමු කරන්නේ එක කොටසකට පමණි. මීට සති 3 කට පමණ පෙර රූපවාහිනි නාලිකාවකින් ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුවත්පත්වල උපුටා දැක්වුණේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවට කළ ප්‍රකාශය පමණි. ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ අධිකරණයකට ගොස් සාක්ෂි දීමට තමන් සූදානම් බවත් යුධ අපරාධවලට හවුල් අය ආරක්ෂා කිරීමට දේශප්රේaමය නොවන බවටත් කී ප්‍රකාශය වැඩි අවධානයකට යොමු වූයේ නැත. මේ කතාව බොහෝ අයට ඇසුනත් එය මොළයේ "රෙජිස්ටර්" වෙන්නේ නැති ගතියක් ඇතුවා විය හැක. ෆොන්සේකා යනු යුද්ධය අවසන් කිරීමට සම්මාදම් වූ යුද විරුවෙක් නිසා ජාත්‍යන්තර යුද අධිකරණයක් ඉදිරියට ගොස් සාක්ෂි දෙනවාය කියන කතාව බොහෝ අයට ඇසුනත් ඒ ඇසුනු දේ මොළයට ධාරණය වන්නේ නැත. "ඔහු එසේ කීවත් එහෙම කරන එකක් නෑ" ය යන්න බොහෝ අයගේ උපකල්පනයයි.

පසුගිය කාලයේ ෆොන්සේකාට විරුද්ධව තියෙන සියලු චෝදනා වලින් නිදහස් කොට ඔහු සිරයෙන් මුදා හැරිය යුතු යෑයි මහානායක හිමිවරුන් සාමූහිකව කල ඉල්ලීමට පදනම වූයේද ෆොන්සේකා මහතාගේ ඇතැම් ප්‍රකාශන ඇසුනත් ධාරනය කර ගැනීමට අසීරුවීමේ මෙම ප්රශ්නයයි. ගරුතර මහානායක හිමිවරුන් ද රූපවාහිනි බලන නිසාත් පුවත්පත් කියවන නිසාත් උන්වහන්සේලාට ජනාධිපතිවරණ සමයේදී ෆොන්සේකා මහතා කී කතා කොතෙකුත් ඇසෙන්නට ඇත. සුදු කොඩි ඔසවාගෙන ආ කොටි නායකයන්ට වෙඩි තැබීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අණදීම ගැනත් වැරදි කළ අය ආරක්ෂා කිරීමට තමන් බෙල්ලදීමට සූදානම් නැති බවත් ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ අධිකරණයකදී තමන් සතුව ඇති සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමට ඇති සූදානම ගැනත් සරත් ෆොන්සේකා මහතා කළ සියලුම ප්‍රකාශන උන් වහන්සේලාට ඒ කාලයේදීම වාර්තා වන්නට ද ඇත. නමුත් උන්වහන්සේලාට ද එය ඇසුණත් විශ්වාස කිරීමට නොහැකියාවක් තිබෙනවා විය හැක. "ඔහොම කිව්වට කරන එකක් නෑ". යෑයි උන්වහන්සේලා ද විශ්වාස කරන බවක් පෙනේ.

එක පැත්තකින් ෆොන්සේකා මහතා මේ කියන භයානක දේශදෝෂී කතාව මිනිසුන්ට ඇසුනත් විශ්වාස නොකිරීම ගැන අප පුදුම විය යුතු නැත.

ඒ මන්දයත් මෙවැනි දෙයක් මීට පෙර අපි ලෝකයේ කිසිම රටකින් දැක නැති නිසාය. යුද අපරාධ පිළිබඳ විමර්ශන ලෝකයේ කොතෙකුත් තිබුණත් කිසිමදාක යම් රටක හමුදා ප්‍රධානියෙක් තමන්ගේම පාර්ශ්වය විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ පිළිබඳ සාක්ෂි දීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අවස්ථා ගැන අපි කොතනින්වත් අසා නැත. එපමණක් නොව එවැනි හමුදා නිලධාරියෙක් අදාළ රට තුළ සිටම තමුන් යුද අධිකරණයකදී සාක්ෂි දීමට සූදානම් යෑයි නිතර නිතර කීමේ පුවතක් වුවත් අපට වාර්තා වී නැත. සරත් ෆොන්සේකා මහතා දැන් මාස 6 කට වඩා වැඩි කාලයක් තිස්සේ තමන් ඕනෑම යුද අධිකරණයක් ඉදිරියට ගොස් සාක්ෂි දීමට සූදානම් බව පුන පුනා පවසයි. "ශ්‍රී ලංකාව ලෝකයටම එකයිෘ" යන ආදර්ශ පාඨයට සරත් ෆොන්සේකා මේ කියන කථාවද ඇතුළත් කළ යුතුය. ඒ මන්ද යත් මෙවැනි කථා ලෝකයේ කිසිම රටකින් අසන්නට නොලැබෙන නිසාය.

[QUOTE="surabada, post: 7530247, member: 38991"] [B][SIZE="4"][COLOR="DarkRed"][B]මෙතරම් පරස්පර විරෝධී කතාවක් අපට දේශපාලකයෙකුගෙන් වත් පහසුවෙන් අසන්නට ලැබෙන්නේ නැත. හිටපු හමුදා නිලධාරියකුගෙන් මෙවැනි පරස්පර විරෝධී කතා අසන්නට ලැබීම ඇත්ත වශයෙන්ම ජුගුස්සා ජනකය. හිටපු හමුදා නිලධාරියෙකුට අන් අයට වඩා පැහැදිලිව යමක් ගැන ප්‍රකාශයක් කිරීමට හැකියාව තිබිය යුතුය. සරත් ෆොන්සේකා මහතා මේ කියන පරස්පර විරෝධී කතාවලින් බොහෝ අය අවධානය යොමු කරන්නේ එක කොටසකට පමණි. මීට සති 3 කට පමණ පෙර රූපවාහිනි නාලිකාවකින් ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුවත්පත්වල උපුටා දැක්වුණේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවට කළ ප්‍රකාශය පමණි. ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ අධිකරණයකට ගොස් සාක්ෂි දීමට තමන් සූදානම් බවත් යුධ අපරාධවලට හවුල් අය ආරක්ෂා කිරීමට දේශප්රේaමය නොවන බවටත් කී ප්‍රකාශය වැඩි අවධානයකට යොමු වූයේ නැත. මේ කතාව බොහෝ අයට ඇසුනත් එය මොළයේ "රෙජිස්ටර්" වෙන්නේ නැති ගතියක් ඇතුවා විය හැක. ෆොන්සේකා යනු යුද්ධය අවසන් කිරීමට සම්මාදම් වූ යුද විරුවෙක් නිසා ජාත්‍යන්තර යුද අධිකරණයක් ඉදිරියට ගොස් සාක්ෂි දෙනවාය කියන කතාව බොහෝ අයට ඇසුනත් ඒ ඇසුනු දේ මොළයට ධාරණය වන්නේ නැත. "ඔහු එසේ කීවත් එහෙම කරන එකක් නෑ" ය යන්න බොහෝ අයගේ උපකල්පනයයි. පසුගිය කාලයේ ෆොන්සේකාට විරුද්ධව තියෙන සියලු චෝදනා වලින් නිදහස් කොට ඔහු සිරයෙන් මුදා හැරිය යුතු යෑයි මහානායක හිමිවරුන් සාමූහිකව කල ඉල්ලීමට පදනම වූයේද ෆොන්සේකා මහතාගේ ඇතැම් ප්‍රකාශන ඇසුනත් ධාරනය කර ගැනීමට අසීරුවීමේ මෙම ප්රශ්නයයි. ගරුතර මහානායක හිමිවරුන් ද රූපවාහිනි බලන නිසාත් පුවත්පත් කියවන නිසාත් උන්වහන්සේලාට ජනාධිපතිවරණ සමයේදී ෆොන්සේකා මහතා කී කතා කොතෙකුත් ඇසෙන්නට ඇත. සුදු කොඩි ඔසවාගෙන ආ කොටි නායකයන්ට වෙඩි තැබීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අණදීම ගැනත් වැරදි කළ අය ආරක්ෂා කිරීමට තමන් බෙල්ලදීමට සූදානම් නැති බවත් ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ අධිකරණයකදී තමන් සතුව ඇති සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමට ඇති සූදානම ගැනත් සරත් ෆොන්සේකා මහතා කළ සියලුම ප්‍රකාශන උන් වහන්සේලාට ඒ කාලයේදීම වාර්තා වන්නට ද ඇත. නමුත් උන්වහන්සේලාට ද එය ඇසුණත් විශ්වාස කිරීමට නොහැකියාවක් තිබෙනවා විය හැක. "ඔහොම කිව්වට කරන එකක් නෑ". යෑයි උන්වහන්සේලා ද විශ්වාස කරන බවක් පෙනේ. එක පැත්තකින් ෆොන්සේකා මහතා මේ කියන භයානක දේශදෝෂී කතාව මිනිසුන්ට ඇසුනත් විශ්වාස නොකිරීම ගැන අප පුදුම විය යුතු නැත. ඒ මන්දයත් මෙවැනි දෙයක් මීට පෙර අපි ලෝකයේ කිසිම රටකින් දැක නැති නිසාය. යුද අපරාධ පිළිබඳ විමර්ශන ලෝකයේ කොතෙකුත් තිබුණත් කිසිමදාක යම් රටක හමුදා ප්‍රධානියෙක් තමන්ගේම පාර්ශ්වය විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ පිළිබඳ සාක්ෂි දීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අවස්ථා ගැන අපි කොතනින්වත් අසා නැත. එපමණක් නොව එවැනි හමුදා නිලධාරියෙක් අදාළ රට තුළ සිටම තමුන් යුද අධිකරණයකදී සාක්ෂි දීමට සූදානම් යෑයි නිතර නිතර කීමේ පුවතක් වුවත් අපට වාර්තා වී නැත. සරත් ෆොන්සේකා මහතා දැන් මාස 6 කට වඩා වැඩි කාලයක් තිස්සේ තමන් ඕනෑම යුද අධිකරණයක් ඉදිරියට ගොස් සාක්ෂි දීමට සූදානම් බව පුන පුනා පවසයි. "ශ්‍රී ලංකාව ලෝකයටම එකයිෘ" යන ආදර්ශ පාඨයට සරත් ෆොන්සේකා මේ කියන කථාවද ඇතුළත් කළ යුතුය. ඒ මන්ද යත් මෙවැනි කථා ලෝකයේ කිසිම රටකින් අසන්නට නොලැබෙන නිසාය.[/B][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom