ජෙනරාල්ගේ පටලැවිල්ල!!!
ජෙනරාල්ගේ පටලැවිල්ල හෙවත්
ඔව්-නෑ-හා නැවත ඔව්!
ඉකුත් සතියේ විවිධ දේශපාලකයන් කී කතා තුරින් මගේ අවධානයට වඩාත්ම යොමු වූයේ ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට කරන ලද ප්‍රකාශයකි. ඔහු මීට සති 3 කට පමණ කලින් වෙනත් නාලිකාවකින්ද එවැනිම ප්‍රකාශයක් කරන ලදී. එම නාලිකාව එම ප්‍රකාශය විකාශනය වීමෙන් පසු පුවත්පත් ගණනාවකම ඔහු කී දෙයින් කොටසක් පලවිය. මා අද සලකා බලන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ නිතර නිතර කියමින් ඇවිදින කතාවය.
මීට සති 3 කට පමණ පෙර එක්තරා රූපවාහිනි නාලිකාවකට ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මේ රටේ සිදු වූ යුද අපරාධ පිළිබඳව ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ විමර්ශනයකට ගොස් සාක්ෂි දීමට තමන් සූදානම් බවත් යුද අපරාධ සිදුකළ අය ආරක්ෂා කිරීම දේශප්‍රේමය නොවන බවත්ය. තමන් සතුව ඇති සියලු විස්තර ඕනෑම යුද අපරාධ පරීක්ෂණයක් ඉදිරිපිට තැබීමට තමන් සූදානම් බවත් එහිදී කීවේය. එසේම ඊළඟ හුස්මට ඔහු කීවේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවයි. ඊළඟ දින බොහෝ පුවත්පත් වලින් ජෙනරාල් ෆොන්සේකා මහතාගේ කතාව උපුටා දක්වමින් කීවේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවට ජෙනරාල් කියා සිටි බවයි. නමුත් එසේ කීමට මොහොතකට කලින් කී දේවල් ගැන පුවත්පත් අවධානය යොමුකළේ නැත.
මේ සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කියන කතා අවුල් සහගතය. එක් පැත්තකින් ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ විමර්ශනයකට ගොස් සාක්ෂි දීමට තමන් සූදානම් බව ද තමන් සතුව පවතින සියලු විස්තර එවැනි යුද අපරාධ අධිකරණයක් ඉදිරිපිට තැබීමට සූදානම් බව ද පවසයි. එවැනි දෙයක් කී පසු ඊළඟ හුස්මට කියන්නේ ලංකාවේ යුද අපරාධ සිදුනොවූ බවයි. ලංකාවේ යුද අපරාධ සිදුනොවුණා නම් ඔහු හරිනම් කිවයුත්තේ ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව හෝ දේශීයව කිසිදු විමර්ශනයක් අවශ්‍ය නැති බවත් එවැනි විමර්ශනයක් පැවැත්වුවත් තමන්ට ඔවුන් ඉදිරියේ තැබීමට කිසිදු විස්තරයක් නොමැති බවත් නොවේද? මේ අතින් බලන කල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ගැන කරන ප්‍රකාශන ඉතාමත්ම පැහැදිලිය. ඔහු එකහෙලාම පවසා සිටින්නේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවත් කිසිදු විමර්ශනයකට ඉඩනොතියන බවත්ය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉහත දක්වන ආකාරයට ව්‍යාකූල ප්‍රකාශන කිරීමට පටන් ගත්තේ අද ඊයේ නොව ඔහු දේශපාලනයට පිවිසි මුල් කාලයේ සිටමය. මෙය පටන්ගත්තේ සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණි කොටි ප්‍රධානීන් වෙඩි තබා මරා දැමීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදා නිලධාරීන්ට උපදෙස් දුන්නේ යෑයි කියමින් ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතට කළ ප්රකාශනයයි. පසුව එ.ජා.ප.යෙන් හා ජ.වි.පෙ. දේශපාලන බලපෑම් මත ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතට එවැනි ප්රකාශනයක් නොකළ බවට පුවත්පත් සාක්ච්ඡාවකදී කියා සිටියේය. නමුත් ඊට පසුව පවත්වන ලද මහජන රැස්වීම් වලදී වැරදි කළ අය ආරක්ෂා කිරීමට තමන් සූදානම් නැති බව කියමින් සන්ඩේ ලීඩර් පුවත්පතට කී කතාවම නැවතත් ප්‍රසිද්ධ වේදිකාවල කීවේය. මේවා වීඩියෝ පටිවලින්ද සනාථ වෙයි. ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍යවේදීන්ට කතා කරමින් ද ඔහු කියා සිටියේ අනුන් කරන ලද වැරදි වැසීමට තමුන් බෙල්ලදීමට සූදානම් නැති බවත් ලෝකයේ ඕනෑම යුද අපරාධ අධිකරණයකදී තමන් සාක්ෂි දීමට සූදානම් බවත් තමන් සතුව ඇති සියලු විස්තර එයට ඉදිරිපත් කරන බවත්ය. මේ නිසා ජනාධිපතිවරණ සමයේදී ද ජෙනරාල් ෆොන්සේකා කළේ ඔව්, නෑ සහ නැවතත් ඔව් යෑයි කීමය. මැතිවරණයෙන් පසු සමයේදී ඔහු මේ යුද අපරාධ කතාව සම්බන්ධයෙන් ඔව් සහ නෑ යන කතාව එකම අවස්ථාවකදී කියයි.