ජෙනරාල්ට මඩ ගැසීමට ජාතික රූපවාහිනිය ගීයක
ජෙනරාල්ට මඩ ගැසීමට "බිංදු සෝම" ජාතික රූපවාහිනිය හා එක්ව ගීයක් හදයි
දේශීය 2010 ජනවාරි 18 වෙනි සදුදා, 10:59
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසීට අරමුණු කොට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක යැයි කියාගන්නා සෝමරත්න දිසානායක විසින් ගීතයක් නිර්මාණය කරවාගෙන ඇති අතර, මෙය ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
තමන් විසින් නිර්මාණය කළ බව පවසමින් මෙම ගීතය ජාතික රූපවාහිනියට රැගෙන ගොස් ඇති සෝමරත්න දිසානායක රෝහණ බැද්දගේ හා බන්දුල විජේවීර යන දෙදෙනා ලවා මෙය ගායනා කිරීමට කටයුතු යොදා ඇත. මේ අනුව අද (18) උදෑසන රෝහණ බැද්දගේ මහතා හා බන්දුල විජේවීර මහතා ජාතික රූපවාහිනියට කැඳවා ඇති අතර, ඉඩිඅමීන්ගේ චරිතයට සමාන කර රචනා කර තිබූ මෙම ගීතයේ පිටපත දුටු විගසම රෝහණ බැද්දගේ මහතා මෙම ගීතය ගායනා කිරීම ප්‍රතික්ෂේප කර රූපවාහිනී සංස්ථාවෙන් පිටව ගොස් ඇත.
මේ වන විට සෝමරත්න දිසානායක සහ ජාතික රූපවාහිනී බලධාරීන් විසින් මෙම ගීතය ගායනා කරවාගැනීමට ගායකයකයෙකු සොයමින් මෙහෙයුමත් දියත් කර ඇති බව රූපවාහිනී සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.