Tuesday, 15 December 2009 04:05
Top Lanka News දෙසැම්බර් 14
යුද්ධය අවසාන අවස්ථාවේ යටත්වීමට සුදුකොඩි රැගෙන පැමිණි කොටි නායකයින් මියගිය හැටි පිළිබදව ආයෙත් ගින්නක් ඇවිලේ. මෙය ද සන්ඬේ ලිඩර් පුවත්පත විසින් අවුලූවන ලද්දකි. සන්ඬේ ලිඩර් පුවත්පත ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අසත්‍ය පුවත් පළ නොකරන බවට අධිකරනය ඉදිරියේ පොරොන්දු වු පත්තරයකි. පසුගිය ඉරිදා එහි පළවු ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් යුද්ධයේ අවසාන අවස්ථාවේ යටත්වීම සදහා සුදුකොඩි වනමින් පැමිණි ඇල්ටීටිඊ නායකයින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස්මත කටයුතු කළ බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මෙහෙයවු හමුදා කාණ්ඩය ව්සින් මරා දැමු බව හිටපු හමුදාපති ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා පත‍්‍රයට ප‍්‍රකාශ කළේ යයි සදහන් ව තිබුණි. මෙය ආරක්ෂකක ලේකම්වරයාට එරෙහිව නැගෙන බලවත් චෝදනාවකි. මන්ද ජාත්යන්තර යුද්ධ නිති හා සම්මුතින්ට අනුව යුද්ධයකදී යටත් වෙන හමුදාවේ සෙබලූන් මරා දැමිම යුද්ධ අපරාධයක් බැවිනි.
යුද්ධය ආරම්භවීමට පෙර සිට ඇල්ටීටීඊය ගොඩනංවමින් පෝෂණය කරමින් ලංකාව ස්වාධින රටක් වශයෙන් පවතිනවා දකින්ඩ අකමැතිව කටයුතු කළ රටවල් සහ ඔවුන්ගේ රටවල සිට ක‍්‍රියාත්මක වෙන මානව හිමිකම් සංවිධාන නම්වු ඔවුන්ගේම සංවිධාන සහ ශ‍්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රධාන ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරයන් පතුරවමින් උන්හ. යුද්ධ කාලයේ ඔවුන් ඒ ප‍්‍රචාර උග‍්‍ර කළහ. ඇල්ටීටීඊය යුද්ධයෙන් පැරදුන පසුව ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝණය කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මහජනයා පාලනය කරන බවට නොයෙකුත් අන්දමේ චෝදනා නගන්ඩ ගත්හ. ලංකාවේ විරුද්ධ පක්ෂ එක කණ්ඩායමක් බවට පත්කර ජෙනරාල් සරත් ෆොන්සේකා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමේ ව්‍යාපාරයක නියමුවා වශයෙන් නම්කරගෙන නටන නාඩගමත් එම කුමන්ත‍්‍රණයේම කොටසකි.
මෙවැනි තත්වයක් පවතිද්දී සන්ඬේ ලිඩර් පත‍්‍රයේ පළවු ප‍්‍රවෘත්තිය වැදගත් වන්නේ ඉහතකී ශ‍්‍රී ලංකා රජය නොඉවසන රටවලට හා ඔවුන්ගේ සංවිධානයන්ට මෙය ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආරක්ෂක හමුදාවට පහරදීමට ගජායුධයක් වෙන බැවිනි. කොටි හිතවාදියෝ ඒ ගජායුධය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප‍්‍රධාන ආරක්ෂක හමුදාවන්ට පහර දෙන්ඩ ගත්කල්හි ශ‍්‍රී ලංකා සමාජයේ ඊට ප‍්‍රතිවිරෝධයක් පැන නැගීම පරසතුරන් කිසිවෙක් අපේක්ෂා නොකළ දෙයකි. රටවැසියා සියලූ විවේචන අතහැර දේශයේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගැනිමට ජනාධිපතිවරයා වටා ඒකරාශි වෙන්ඩ පටන්ගති.
ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ පිරිස කවුරුන් වුවත් දැන් ඔවුන් බලාපොරාත්තු වු දෙය සිදුනොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙරටත් වඩා ජනප‍්‍රිය බවට පත්වෙමින් සිටී. ජනතා විමුක්ති පෙරමුණු එක්සත් ජාතික පක්ෂ නායකයින් හිරු අසල කලාමැදිරියන් ගේ තත්වයට පත්වුනි. 'සන්ඬේ ලිඩර් පත‍්‍රයේ ප‍්‍රකාශනය වැරදියි. මම හමුදාව එහෙම වරදක් කළ බවක් කීවේ නෑ. හමුදාව යුද්ධය අවස්ථාවේ හැම දෙයක්ම ජාත්්‍යන්තර නීතියයට අනුව විනය ගරුකව සිදුකළා යයි හමුදාවෙන් සිදුවු හැම ක‍්‍රියාවකටම වගකීම එහි නායකයාව සිටි මම බාරගන්නවා' යයි විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවු ජෙනරාල් සරත් ෆොන්සේකා කීවේය.
මේ අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත පාලිත කොහාන සී ඇන් ඇන් ප‍්‍රවෘත්ති සේවය වෙනුවෙන් ක‍්‍රිස්තිනා අමන්පෝරි සමග කළ සාකච්ඡාවේදී යුද්ධයේ අවසාන අවස්ථාවේ කොටි නායකයින් ඝාතනය වෙන්ඩ ඇත්තේ ඔවුන්ගේම තුවක්කු වලින් බව පවසයි. මෙය ප‍්‍රබල තර්කයකි. රජයේ හමුදා වලට හසුනොවීම සදහා සගයින්ගේ ගෙලවටා සයිනයිඞ් කරල් එල්ලූ කොටි නායකයින් සුදුකොඩි වන වනා රජයේ හමුදාවලට යටත් නොවේ. ලොව අප දන්නා හිට්ලර් වැනි ම්ලේච්ඡ යුද්ධ නායකයින් කිසිවෙක් සුදු කොඩි ඔසවා සතුරන්ට යටත්වී නැත.
දැන් වැදගත් ප‍්‍රශ්නය මෙයයි. ජෙනරාල් සරත් ෆොන්සේකා මෙබදු ප‍්‍රකාශයක් කළේ නම් ඔහු ආරක්ෂක රහස් හෙළිකළ යුද්ධ හමුදාපතිවරයෙක් වශයෙන් දඩුවම් ලැබිය යුත්තෙකි. ජෙනරාල් සරත් ෆොන්සේකා එවැනි පාවාදීමේ කතාවක් නොකළ බව ඔහු කියයි. එසේනම් සන්ඬේ ලීඩර් පත‍්‍රය බරපතල අපරාධයක් සිදුකර තිබේ. එම පත‍්‍රය ජාතිය එල්ලූම් ගස් යැවිමට වෙහෙසෙයි. ජාතිය නැසීමට සැරසෙන එබදු පත‍්‍රයක් රටට අවශ්‍ය නැත.
Thanks Sakibura!