ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කර&

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කර&

ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ඇති ආණ්ඩුව එය සාධාරණීකරණය කිරීම සදහා නොයෙක් නොයෙක් බංකොලොත් ප්‍රකාශ සිදුකරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා මහතා ෆොන්සේකා මහතාට එරෙහිව නඩු විභාගයකදී ටිල්වින් සිල්වා මහතාටද සාක්ෂි දීමට සිදුවනු ඇති බවට මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමිනි.

ටිල්වින් සිල්වා මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.

පසුගිය ජනාධිපතිවරණයේදී නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ හා අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති ආණ්ඩුව දැන් ඒ පිළිබඳව ජනතාව නොමඟ යන සුළු ප‍්‍රකාශ ද කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 12 දා ඉංග‍්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබූ අන්දමට කැබිනට් ප‍්‍රකාශක අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර තිබුණේ ජවිපෙ ප‍්‍රධාන ලේකම් ලෙස මා හට සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඩු විභාගයේදී සාක්‍ෂි දීමට සිදුවන බවත් ඒ ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ලෙස කටයුතු කරද්දී මා සමඟ කතා කර ඇති නිසා බවත්ය. මීට සමාන අදහසක් තවත් පුද්ගලයන් විසින් ද පවසා තිබුණ ද කැබිනට් ප‍්‍රකාශක අනුර ප‍්‍රියදර්ශන මහතා මෙවැන්නක් ප‍්‍රකාශ කිරීම බරපතල ලෙස සැලකිය යුතුව ඇත.

ෆොන්සේකා මහතා නීතියට පටහැනිව හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් ආණ්ඩුව මේ උත්සාහ කරනුයේ එක් අතකින් තමන් කළ වැරැද්ද සාධාරණීකරණය කර ගැනීමටත්, අනෙක් අතින් ෆොන්සේකා මැතිතුමා වෙත මුදාහැර ඇති මර්දනකාරීත්වය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ නායකයන් වෙතද මුදා හැරීමටත් බව පැහැදිලිය.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙන කටයුතු කරද්දී හෝ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ‍වන මා සමඟ කිසිවිටෙකත් කථාකර නැති අතර එවැන්නක් මා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ පවසාද නැත.

ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස කටයුතු කරන කාලයේ ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේ එහි අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යංශය ලංකාවේ කොටි ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී සිදුවූ දේ විමසා එතුමාගෙන් ප‍්‍රශ්න කිරීමට සුදානම් විය. එයට අපේ රට තුළ විශාල ප‍්‍රසිද්ධියක් ද මාධ්‍ය මගින් ලබාදෙන ලදී. අප දකින ලෙසට එය සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් හෝ හමුදාවේ ප‍්‍රශ්නයක් නොව ශ‍්‍රී ලාංකික අප කාටත් බලපාන ප‍්‍රශ්නයක් විය.

විශේෂයෙන්ම බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන මතයේ නොසැලී සිට ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ පක්‍ෂයක් ලෙස හා අප රටට එල්ල වන විදෙස් මැදිහත්වීම් වලට එරෙහිව මව්බියේ ස්වෛරීභාවය වෙනුවෙන් කටයුතු කළ පක්‍ෂයක් ලෙස ඉහත සිදුවීම් හමුවේ නිහඬව සිටීමට අපට හැකියාවක් නොතිබුණි.
එසේ තිබියදී කිසියම් ප‍්‍රසිද්ධ රැස්වීමක කියූ කථාවක කොටසක් තමන්ට අවශ්‍ය පරිදි උපුටා ගෙන ජනතාව නොමග යවන අන්දමේ ප‍්‍රකාශ කිරීම ආණ්ඩුවේ බංකොළොත්කම පෙන්වන්නක් ලෙස දකින අපි මෙවැනි ප‍්‍රකාශයන්ගෙන් නොමග නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ෆොන්සේකා මහතාගේ නිර්දෝෂීභාවය සනාථ කිරිම වෙනුවෙන් පෙනී සිටීමට අපට සිදුවන්නේ නම් ඕනෑම ස්ථානයක ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවද අවධාරණය කරමු.


source - http://www.lankatruth.com/sin/index...-38-43&catid=35:2008-10-13-08-30-14&Itemid=63
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Shavendrala Sudu kodi aran ena unta wedi thibbanam, wandi gewanna oni. eeka kiyana kena desha drohiyek nemei.... :baffled:

ඔව් මොකද ශවේන්ද්‍ර වෙඩි තිබ්බේ පුලිතේවන් පොන්සෙකාගේ යලුවනේ ඒකයි............
sarath-fonseka9878tsftc0416.jpg