ජෙප්පන්ට කෙල වෙලා

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ජෙප්පන්ට කෙල වෙලා

    ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික තලයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ඇමරිකානු රාජ්‍යයේ ඉහළම නිලධාරීන් පවා මේ වනවිට මෙරට තුළ වේගයෙන් ක්‍රියාකාරී වී සිටින බවට කරුණු අනාවරණය වේ.

    මිලින්ද මොරගොඩට අයත් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් වන “ෆාත්ෆයින්ඩර්” ආයතනයේ මෙහෙයැවීමෙන් ඇමරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් මෙම ප්‍රවර්ධන කටයුතුවලට යොදා ගනිමිනි සිටියි.

    “ඇමරිකා එක්තස් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය චීනයට දකුණු ආසියාවට සහ ශ්‍රී ලංකාවට බලපාන ආකාරය” යනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 07 වෙනිදා ප්‍රචාරක සම්මන්ත්‍රණයක් පැවැත්විණි.

    එහි ප්‍රධාන සම්පත්දායකයා වශයෙන් දේශනය පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් ය. එහිදී අදහස් දක්වමින් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන ලද්දේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බවය. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලංකාව ගොදුරුවී ඇති මේ අවස්තාවේ ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඉහළ පෙළේ ආරක්ෂක විශේෂඥ ඒකකයක් ස්ථාපති කළ යුතු බවත් අවධාරණය කරනු ලැබීය. ඇමරිකාවට 2001 සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරය එල්ලවීමෙන් පසුව ද එවැනි විශේෂඥ ආරක්ෂක ඒකකයක් පිහිටවූ බවද, එම අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ද විශේෂඥ ආරක්ෂක ඒකකයක් ස්ථාපිත කළ යුතු බව අවධාරණය කර තිබේ.

    “පසුගිය යුද්ධ සමයේ ශ්‍රී ලංකාවේ එවැනි කණ්ඩායමක් සිටියා. එම කාලයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පෞද්ගලිකව මැදිහත් වී අදාල වගකීම් ඉටු කළා” යනුවෙන් දේශපාලන සහතිකයක් දී තිබිණි. එසේම අර්බුධයට තුඩු දී තිබෙන ශ්‍රී ලංකා – ඇමරිකා ආරක්ෂක ගිවිසුම ද 2007 වසරේ රොබට් ඕ. බ්ලෙක් සහ ගෝඨාභය රාජපක්ෂ අතර අත්සන්කර ඇතිකර ගත් ගිවිසුමක දිගුවක් ද වේ.

    ගෝඨාභය වෙනුවෙන් ජාත්‍යන්තර සහ මෙරට ඉහළ පෙලේ කණ්ඩායම් අතර ප්‍රවර්ධන කටයුතු මිලින්ද මොරගොඩගේ “ෆාත්ෆයින්ඩර්” ජාත්‍යන්තර ආයතනය කරමින් සිටින අතර දේශීය හෝ ජාතිකවාදී ස්වරූපයේ ප්‍රචාරක කටයුතු සඳහා උරුමයක “උල්පත ආයතනය” පිහිටුවා තිබේ.

    – ලංකා ඉරිදා සංග්‍රහය –