ජෙප්පෝ, පෙරෝට්ටෝන්ගේ hidden agenda

monson

Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113
    :lol:

    එහෙත් එක් සංවිධානයක් එහිදී දැඩිලෙස අවධාරණය කර ඇත්තේ, තමන් කිසිසේත් IMF යාමට ඉදිරි රජයකට ඉඩ නොදෙන බවත්, කිසිඳු රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොදෙන බවත් ය. පත්වෙන කිසිඳු රජයකට තමන්ගෙන් නොඅසා තීරණ ගත නොහැකි වන ආකරයට ඔවුන් දණ ගැස්සවීමට තමන්ට දැනටමත් හැකීවී ඇති බව ද එහිදී ප්‍රකාශ කර ඇත.

    අරගලය කණ්ඩායම් අතර මතගැටුම් ! - තීරණාත්මක සාකච්ජාවක් අද


    අරගලභූමියේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (12) සවස 2 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ය.

    අරගලයට සක්‍රිය ලෙස දායක වූ පාර්ශ්වයන් අතර මේවනවිට බරපතල මතගැටුම් මතුව ඇති මොහොතක දී අද පැවැත්වෙන සාකච්ජාව තීරණාත්මක වනු ඇතැයි වාර්තාවේ.

    මේ වනවිට ඇතැම් දේශපාලන ව්‍යාපාර තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය උපායශීලී ලෙස අරගලයේ පොදු න්‍යාය පත්‍රය බවට පත් කිරීමට උත්සහ ගනිමින් සිටින බවත්, එහිදී අනෙකුත් අරගලකරුවන් මත ඔවුන් ඇතිකරමින් සිටින පීඩනය නිසා බොහෝ අරගලකරුවන් ඉච්ඡාභංගත්වයට පත්වෙමින් පවතින බවත් 'ගෝඨා ගෝ ගම' අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


    මෙහි ආසන්නතම සිදුවීම ඊයේ දින (11) සවස සිදුව ඇත.



    එක්තරා සංවිධානයක් විසින් කඩිමුඩියේ තමන් විසින් තෝරාගත් දේශපාලන පක්ෂ කිහිපයක් හමුවීමට තීරණය කිරීමත් එම හමුව 'ගෝඨා ගෝ ගම' අරගලකරුවන්ගේ පොදු හමුවක් ලෙස පැවැත්වීමට තීරණය කිරීමත් මෙම අර්බුදයට හේතුවී ඇත.



    ඔවුන්ගේ තනිමතයට එම සාකච්ඡාව සූදානම් කර ස්ථානයක්ද වෙන්කර අවසන් වූ පසුව එම රැස්වීමට පැය දෙකකට පෙර ඒ බව 'ගෝඨා ගෝ ගම' ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් කැඳවීමට පියවරගෙන තිබුණි.

    එහිදී අදාල සංවිධානය විසින් සියල්ල තීරණය කිරීමෙන් පසුව මෙලෙස සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බව පවසා බොහෝ දෙනා ඊට විරුද්ධ වූ පසුව එම හමුව අද (12) පස්වරු දෙකට කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වීමට තීරණය කර ඇත.



    මෙහිදී දැඩි උද්ධච්ඡ ස්වරූපයකින් සහ ආවේගයකින් කතා කල අරගලකරුවන් දෙදෙනෙකු තමන් මෙම අරගලය ජයග්‍රහණය කර අවසන් බවත් සියලු දේශපාලන පක්ෂ තමන් ඉදිරියේ දණ නමා ඇති බවත් ප්‍රකාශ කර ඇති අතර තමන් තීරණය කරන ලද දේශපාලන හමුව නොපවත්වන්නේ නම් එය තම සංවිධානය තනිවම හෝ පවත්වන බවට තර්ජනය කර ඇත.



    පදනමක් නැති යෝජනාවලි !


    මෙහිදී වැදගත් කරුණක් වන්නේ 'ගෝඨා ගෝ ගම' අරගලයට සම්බන්ධ බොහෝ කණ්ඩායම් අර්බුදයට විසඳුම් ලෙස තමන්ගේ යෝජනාවලි ඉදිරිපත් කරද්දි ඒවායෙ පොදු ඒකමිතියක් තබා ගැනීමට උත්සුක නොවූ ඇතැම් දේශපාලන සංවිධාන ක්‍රියාකාරීන්, ගිය සතියේ කඩිමුඩියේ ම පොදු යෝජනාවලියක් ගෙන ඒමට කටයුතුකර තිබිණ.

    මෙම යෝජනාවලිය සම්බන්ධ රැස්වීම් බොහෝ විට රාත්‍රී ජාමයේ අරගත් අතර එහි පදනම වූයේ බොහෝ විවෙචන සහිත කණ්ඩායම් මඟහැර පොදු යෝජනාවක් ලෙස තමන්ට වැඩි බරක් සහිත මෙම යෝජනාව කෙසේ හෝ සම්මත කරගැනීමයි.



    අවසානයේ බොහෝ විරෝධතා මධ්‍යයේ විරෝධතා සහිත පාර්ශවයන්ට විරෝධතා සහිත කාරණාවන්ට විරුද්ධවීමට ඇති අයිතිය පිළිගනිමින් එම යෝජනාවලිය කරුණු 6 කින් සමන්විත පොදු යෝජනාවක් ලෙස එළිදැක්වීමට ඔවුන් කටයුතු කර තිබිණ.



    මේ සම්බන්ධව ද උක්ත රැස්වීමේ දී විවෙචන ඉදිරිපත්ව තිබේ. විශේෂයෙන් එහිදී අරගලයේ ආර්ථික අරමුණු වලට එකඟව නව පාලන තන්ත්‍රය කටයුතු කල යුතු බවට වන යෝජනාව පිළිබඳව විවේචනයන් ඉදිරිපත් ව ඇති අතර ආර්ථික අරමුණු මොනවාද යන්න පිළිබඳව පොදු එකඟතාවයකින් තොරව එවැනි දේ කතා කිරීමේදී IMF ක්‍රියාවලිය සම්බන්ධව අරගලභූමියෙ මතය පිළිබඳව බාහිර පාර්ශවයන් විමසන කාරණා වලට පිළිතුරු දීමට නොහැකි වන බව මධ්‍යස්ථ මත ධාරීන් පෙන්වා දී ඇත.

    එමෙන්ම මෙහිදී ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවට පිටින් මහජන කවුන්සිලයක් පිහිටුවීමේ යෝජනාවද මෙහිදී ඇතැම් අරගල ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව ඇති අතර එහි ප්‍රායෝගික නොවන බවටත්, ජනතා කවුන්සිලයට සාමාජිකයින් පත් කිරීමේ යාන්ත්‍රනය පිළිබඳවත් ප්‍රශ්න කෙරී ඇත.



    එහෙත් එක් සංවිධානයක් එහිදී දැඩිලෙස අවධාරණය කර ඇත්තේ, තමන් කිසිසේත් IMF යාමට ඉදිරි රජයකට ඉඩ නොදෙන බවත්, කිසිඳු රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොදෙන බවත් ය. පත්වෙන කිසිඳු රජයකට තමන්ගෙන් නොඅසා තීරණ ගත නොහැකි වන ආකරයට ඔවුන් දණ ගැස්සවීමට තමන්ට දැනටමත් හැකීවී ඇති බව ද එහිදී ප්‍රකාශ කර ඇත.



    එමෙන්ම ඉදිරි ඕනෑම පාලනයකට තමන් මූලිකව පිහිටුවන ජනතා කවුන්සිලයක් තුළින් අවසර නොගෙන කිසිඳු කටයුත්තක් කිරීමට ඉඩ නොදෙන බවත් එසේ වුවහොත් එම පාලකයින්ට පසුගිය නවවන දා මුහුණ දීමට සිදු වූ ආකාරයේ බරපතල ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇතිබවත් ප්‍රකාශ කර ඇත.

    - https://www.theleader.lk/news/12444-2022-07-12-07-15-44
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    එක එකාගේ ego පුම්බන්න ගිහින් අරගලය කක්කි අච්චාරුවක් වෙයි වගේ
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113

    අරලිය මැදුරේ AC රූම් එක බෙදාගන්න බැරිව 10 ක් රෝහල්ගතවීම​

    වාර්තාවන ආකාරයට ගැටුම ඇතිවී තිබෙන්නේ එහි තිබූ වායුසමීකරණය කරන ලද කාමරයක් ඊයේ රාත්‍රී නිදාගැනීම සඳහා වෙන්කරගැනීමේදීය. පෙරටුගාමී සමාජවාදී කණ්ඩායම හා ජවිපෙ කන්ඩායමේ දෙපිරිසක් :lol: අතර මෙම ආරවුල මුලින් බහින් බස්වීමක් ලෙසත් පසුව ගුටිබැට හුවමාරුවක් ලෙසත් අනතුරුව තියුණු ආයුධවලින් කපාගන්නා ස්වරූපයටත් වර්ධනය වී ඇත.
    පසුගිය කාලයේ නාමල් යෝෂිත රෝහිත ඇති තරම් බෙදාගනිමින් අරගල නොකර පරිහරණයට යොදාගත් මෙම කාමර ජනතාව අත්පත් කරගත් පසුව ඒසී ඇති හා නැති ඒවා වෙනුවෙන් රණ්ඩු සරුවල් කිරීම අරගලයේ මුක්‍ය අරමුණු වලට නොගැලපෙන්නක් බවට බොහෝ අය අදහස් දක්වා ඇත. - https://www.gossiplankanews.com/2022/07/ac-problem-temple-trees.html
     
    • Like
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113
    ව්‍යවස්ථාව පිළි නොගන්නා කණ්ඩායමක් අරගලය අරාජිකවාදී මාවතකට තල්ලු කරනවා – සර්ව පාක්ෂික අගරගලකරුවන්ගෙන් නිවේදනයක්

    රචණ්ඩකාරී නොවී ව්‍යවස්ථානුකූල නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් හරහා පමණක් අරගලය ක්‍රියාත්මක කරන ලෙසට සර්ව පාක්ෂික අරගලකරුවන් ඉල්ලා සිටී.

    නිවේදනයක් නිකුත් කරමින් සර්ව පාක්ෂික අරගලකරුවන් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා කණ්ඩායමක් විසින් ජන අරගලය අරාජිකවාදී මාවතකට යොමු කිරීමට උත්සාහ ගන්නා බවද එම නිවේදනයේ සදහන් වේ.

    Screenshot_20220713_142719.jpg


    - http://srilankanews.lk/breaking-news/2022/07/13/සර්ව-පාක්ෂික-අගරගලකරුවන්/

    සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කරන්න - Black Cap Movement​


    සියලු පුරවැසියන් මේ මොහොතේ සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අරගලයේ පාර්ශවකාර සංවිධානය වන Black Cap Movement සංවිධානය

    අවධාරණය කර සිටියි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මෙසේ පවසයි.

    පසුගිය මාර්තු පළමුවැනිදා කොහුවල මංසන්ධියේ ඇරඹි පළමු නිහඬ විරෝධතාවයේ සිට පුරවැසි අරගලයේ නිරත සංවිධානයක් ලෙස අප සියලු පුරවැසි අරගලකරුවන් සහ පුරවැසි ප්‍රජාව ඇමතීම සඳහා මෙය අවස්ථාවක් කරගනිමු.

    සියලු සහෝදර සහෝදරියනි,

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මේ වන විට රට හැරගොස් ඇති නිසා පුරවැසි අරගලයේ පළමු සහ ප්‍රමුඛ අරමුණ වූ #GotaGoHome ඉටුවීමට අත්‍යාසන්න මොහොතකට පුරවැසි අප එළඹ සිටිමු.



    මෙම ජයග්‍රහණය සියලු පුරවැසියන් අත්පත් කර ගනු ලැබුයේ සාමකාමී අරගලයක් තුලින් බව යලි සිහිපත් කරන අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් කිසිඳු ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බව අප දැඩිව විශ්වාස කරමු.



    එමෙන්ම මෙම සංක්‍රාන්ති සමය හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා දේශපාලන සමාජය එක්ව කටයුතු කල යුතු බව ද අප අවධාරණය කරමු. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හැකි ඉක්මනින් ලබාගෙන එය රටට නිවේදනය කරන මෙන් අප සියලු බලධාරීන්ට බලකර සිටිමු.

    මිත්‍රවරුනි, අප සමාජය මේ මොහොතේ සිටින්නේ ගිනි කන්දක් මුදුනේ බව අප අමුතුවෙන් ඔබට සිහිපත් කල යුතු නොවේ. රටේ දැවැන්තම අර්බුදය වන ආර්ථික අර්බුදය අපේ පරම්පරාවේ අනාගතය අඳුරු අගාධයක මුවවිටක් කරා ගෙන ගොස් ඇත. මේ තත්ත්වය තුළ රාජ්‍ය තව තවත් අරාජික වීම ජන ජීවිතය තවදුරටත් බිඳවැටීමට හේතුවනු ඇත.

    මේ බව අප බුද්ධිමත්ව සිතා නීතියේ ආධිපත්‍ය සුරැකීමට කටයුතු කිරීම මේ මොහොතේ අප උරමත පැටවුණු වගකීමක් වී තිබේ.



    අපගේ රාජ්‍යය අරාජික කර සිය භූ දේශපාලනික වුවමනාවන් ඉටුකර ගැනීමට වෙර දරන්නාවූ භූ දේශපාලනික බලවේගයන්ගේ අතකොළු බවට පත්වූ දේශීය දේශපාලන බලවේගවල කූට උපක්‍රමයන්ට නතු නොවීමට අප අදිටන් කරගත යුතුව ඇත. විටෙක ඔවුන් ගේ හස්තයන් අරගලකරුවන්ගේ වේශයෙන් ද ක්‍රියාත්මක විය හැකිය.



    අප මෙම අරගලය ක්‍රියාත්මක කරන ලද්දේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉරා දැමීමට නොව අත්තනෝමතික පාලනයකට ඉවත්වන ලෙස බලකිරීමටය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් අනුව භාෂණයේ ප්‍රකාශනයේ නිදහස සහ සමාගමයේ නිදහස අනුව එම අරගලය අවිහිංසාවාදීව ක්‍රියාත්මක කලෙමු.

    අප තවදුරටත් අපගේ අරගලය ක්‍රියාත්මක කල යුත්තේ අවිහිංසාවාදීවම පමණක් බවත් නීතියේ ආධිපත්‍ය අප සුරැකිය යුතු බවත් අප අවධාරණය කරමු.

    එම නිසා කිසියම් පාර්ශවයක් නීතිය යනු අරගලයයි යන මතයේ පිහිටා නීතියේ ආධිපත්‍ය බිඳ දැමීම සඳහා කටයුතු කිරීමට ජනතාව පොළඹවන්නේ නම් එවැනි පෙළඹවීම් වලට හසු නොවී සිටින ලෙස අප සියළු අරගලකරුවන්ගෙන් ආයාචනය කරමු. එලෙස කටයුතු කරන්නන් පසුපස ක්‍රියාත්මක වන භූ දේශපාලනික අරමුණු පිළිබඳව සවිඥ්ඥානික වීමට කටයුතු කරමු.

    අප මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව ජයග්‍රහණය කරා ගෙනයමු. ව්‍යවස්ථානුකූලව සහ නීතියේ ආධිපත්‍ය මත අවිහිංසාවාදීව අප අපේ ජයග්‍රහණය ලෝක ඉතිහාසය තුළ ආදරයේ අරගලයක් ලෙස සනිටුහන් කරමු.''


    (Black Cap Movement)

    - https://www.theleader.lk/news/12470-black-cap-movement-3

    ------ Post added on Jul 13, 2022 at 3:52 PM
     
    • Dislike
    Reactions: Die-hard