ජෙපි තරිඳුලාගේ නාගැනීම 🙈

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,209
    113
    එකෙන් ඔය චෝදනා ඔප්පු උනොත් මමත් උඹ එක්ක හිටගන්නවා. හැබැයි සලේ අහිංසක නම් එහෙම ගන්න එක පට්ට අසාදරනයි. ගන්න ඕන තොරතුර මොකද්ද කියලා උසාවියට කියලා උසාවි නියෝගයකින් ඔය ලැප් එක සර්ච් කරා නම් වැඩේ සාදාරනයි නේද? නැත්නම් නිකන්ම ශානි ට පාස්වර්ඩ් එක දුන්නම පොර මොන මොන දේවල් ලැප් එකට දායි ද කියලා ෂුවර් කරන්න බෑ නේ උසාවියට ඉදිරිපත් කරන්න කලින්.
    ඔහොම ගන්න ඒව කොහොමත් ඔප්පු කරන්න ගියාම හෙන කේස්
     
    • Like
    Reactions: TheShadow

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    Fact එක වෙනස් වෙන් නෑ නේ මචන්. වලං හෝදලා දීලා නෑ ඒක ඕන පොඩි එකෙකුට තේරෙනවා. මෙතන තියන අවුල පොර රන්ජා වගේ පොලිටිකල් බුවා ලට ගොට්ට අල්ලලා තමා කේස් විසදන්නේ. රන්ජා මොකෙද්ද CID එකේ කේස් වලට මැදිහත් වෙන්න. පශු සම්පත් නියෝජ්‍ය ඇමති ද මොකෙද්ද එකෙක්නෙ ඒ කාලේ. මොකෝ ශානි පශු සම්පතක්ද රන්ජට රිපෝර්ට් කරන්න. වලං කේස් එක කියලා පොදුවේ කියන්නේ ඔය පොර පට්ට විදිහට දේශපාලුවන්ට ගොට්ට අල්ලන එක. ඒක පැහැදිලිවම අවුල්. එහෙම එකෙක්ගෙන් කවදාවත් ස්වාදීන පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න බෑ.


    හඬපට එඩිටඩ් නෑ නේ. පුද්ගලික දේවල් එලියට දාපු එක ටිකක් අවුල් තමා. හැබැයි එහෙම කරේ නැත්නම් මිනිස්සු කොහොමද දැනගන්නේ බුවා දේශපාලුවන්ට පට්ට විදිහට ගොට්ට අල්ලන බුවෙක් කියලා. ඔය ටික එලියට ආවේ නැත්නම් අපිත් හිතන්නේ පොර පට්ට ස්වාදීන ෂර්ලොක් හෝම්ස් වගේ බුවෙක් කියලා.
    ------ Post added on Jun 25, 2026 at 9:33 AM


    මේක දැනන් හිටියේ නෑ. තීන්දුව දෙන්න කල්ගියා කියන එක තමයි මන් හිතන් හිටියේ මේ ලින්ක් එකේ විදිහට.
    https://adaderana.lk/news/122511
    හොයලා බලන්න ඕන තව ටිකක් එහෙම තීන්දුවක් දුන්නද කියන එක.

    මම මේ අතින් ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන ටයිප් කරනවා මිසක් කාගෙවත් කැම්පේන් එකක් නෙවේ කරන්නේ. හැබැයි personally මම හිතනවා සලේ රටට වැඩක් කරපු පට්ට පොරක් ඒ නිසා පොර නිකරුනේ වද විඳින්න ඕන බුවෙක් නෙවේ කියලා. මට දැනට පේන විදිහට පොරට තියෙන්නේ මට විස්වාස කරන්න අමාරු විදිහේ චෝදනා. හැබැයි පොර ඇත්තටම එහෙම දෙයක් කරලා තියනවා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕන. හැබැයි පොර එහෙම දෙයක් කරලා නැතුව මේක මේ මිනිස්සු චූන් කරන්න කරන දෙයක්නම් මෙහෙම නිකරුනේ වද දෙන එක පට්ට අසාදරනයි.
    ------ Post added on Jun 25, 2026 at 9:50 AM
    ඔය නම එන්නේ පලවෙනි වතාවට නෙමෙයිනේ. ඔප්පු කරන එක උන් කරන්න ඕනි. සමහර දේවල් ගැන අනිත් උන් නොදන්න ඒවා දන්න නිසා තමයි මේක නිකන්ම වෑඩක් වෙන්න බෑ කියලා හිතෙන්නෙම. මනුස්සයෙක් අපරාද වරදක් කලාම එයාගේ අනිත් රස්සාව අපරාදෙට නිදහස හම්බෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.
     
    • Like
    Reactions: ENRIQUEADDS

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,413
    20,861
    113
    Panadura
    අනේ යකෝ. රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. 🤌🏼





    ඒ උනාට කාදිනල්ටයි @Candid-B ටයි පොන්න කුරුසයෝ කිව්ව එක වැරදියි. 🙁 මොනව උනත් කැන්ඩිඩ් උබලගෙ ටීම් එකේනෙ.
    ------ Post added on Jun 25, 2026 at 5:32 AM
    ඉන්න රටට වෙලා පාඩුවේ ඉදහන් පකෝ
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    180
    345
    63
    Malabe
    https://srilankabrief.org/administr...on-of-shani-abeysekara-after-six-year-ordeal/

    අඩු තරමේ ගූගල් කරලා හරි බලා කියන්න , වාස් ගුනවර්දන නඩුවට බොරු සාක්කි හැදුවා කියලා ගෝටනේ කිව්වේ, උසාවියෙන් ඒවා බොරු නඩු පටලවන්න බෑ කියලා තින්දු දුන්නේ, අනේ බන් දන්න තරම තමා. සාදාරන පරීක්ශ්නයක් තියලා ඉවර කරගත්තේ නැත්තේ ඇයි පාස්කුවලට ආන්ඩුව ගත්තේ ඒකටනේ, උන්ගේ නඩු ටික නන් ඉවර කරගත්තා, මහින්දලා ගෝටාලා DO ගහනකොට හිල්ටන් එකේ රූම් වලද නතර කලේ දැන් එක එක්කෙනාගේ කූඩුවල දාන්න, අනෙ බන් මිස්ඉන්ෆොර්මේශන් කැම්පේන් නන් කරන්නෙ එක එක්කේ එක්ක කියවගන්නේ නැතුව ඉන්න, පේනවනේ දැන් වෙලා තියෙන වින්නැහිය.

    ඔන්න මේ කියන්නේ මොකද්ද කියලා බැලුවා. නඩු තීන්දුවත් කියෙව්වා. මෙන්න ඔය කියන තීන්දුවේ ලින්ක් එක.

    https://adaptribunal.gov.lk/images/uploads/AAT_5_2024__NPC__20260609092055.pdf

    කතන්දරේ මෙහෙමයි,
    මුලින්ම මේක උසාවියක නඩුවක් නෙවේ. Administrative Appeals Tribunal එකේ දාපු කේස් එකක්. රාජ්‍ය සේවයේ උසස්වීම් ගැන තියන සමථ මණ්ඩලය වගේ එකක් ඒක. 2020 දී ශානි ඉන්ටර්ඩික් වෙනවා 2021 දී පෙන්ෂන් යන වයස එනවා ඉන්ටර්ඩික් වෙලා තියෙද්දීම. ඊට පස්සේ 2024 දී අනුර කුමාරට චන්දෙට වැඩ කරනවා. අනුර දින්නට පස්සේ අනුර ශානි ව CID Director කියලා පත් කරනවා. ඒක පොලිස් කොමිසමෙන් අනුමතත් කරනවා. ඔය ටික හැමෝම දන්න කතාව. ඒ අතරේ ශානි මොකක් හරි ජිල්මාර්ට් එකක් දාල අර ඉන්ටර්ඩික් කරපු මුළු කාලෙටම පඩියයි ඊටපස්සේ විශ්‍රාම වැටුපයි හදාගෙන තියනවා. මේක උනේ කොහොමද කියලා පැහැදිලි නෑ. දන්නවා නම් කියන්න reference එකක් එක්ක. ඊට පස්සේ AAT එකට මේ කේස් එක දානවා දාල කියනවා 2020දී එයාට ප්‍රොමෝෂන් එකක් එන්න තියනවා ඒකත් ඕන කියලා. පොලිස් කොමිසමෙන් කියනවා අවුරුදු 5ක් එක දිගට සර්විස් එක නැති නිසා ප්‍රොමෝෂන් එක දුන් නෑ කියලා. AAT එකෙන් මේක බලලා තීන්දුව දෙනවා ඉන්ටර්ඩික් වෙලා හිටපු කාලෙත් පඩි ගෙවල තියනවා නම් ඒ කාලෙත් ඇක්ටිව් සර්විස් තමයි ඒ නිසා ඒ නිසා ඔය කියන දවසට ප්‍රොමෝෂන් එකත් දෙන්න ඕන කියලා. ඕක තමයි මේ තීන්දුවේ තියෙන්නේ.
    මේ තීන්දුවේ නැත්තේ මොනවද කියනවා නම්,
    - ශානිට උනේ දේශපාලන පලිගැනීමක් වගේ කතා මේකේ නෑ .
    - ශානිට තියන මොහොමඩ් සියාම් / වාස් ගුණවර්ධන නඩුවේ බොරු සාක්කි හදපු කතා ගැන වචනයක් වත් මේකේ නෑ.
    - ශානි ගේ හඬ පටි ගැන වචනයක් වත් මේකේ නෑ.
    - ශානිට ඉන්ටර්ඩික් කරපු කාලෙට පඩි ගෙවන්න කියලත් මේකේ නෑ. දැනටම පඩි ගෙවල නිසා ප්‍රොමෝෂන් එකත් ඒ දවසට දෙන්න කියලා විතරයි තියෙන්නේ.

    පේන විදිහට SriLankan Brief කාරයා මේ පොඩි තීන්දුවක් අල්ලන් හෙන milestone එකක් කියලා දාර නයෙක් ඇරලා තියෙන්නේ.