ජෙපි බළලුන් ලවා , unp කොස් ඇට බාවා ගැනීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ජෙපි බළලුන් ලවා , unp කොස් ඇට බාවා ගැනීම


    බදාදා (හෙට) විවාදයට ගැනීම සදහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවකි.

    ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය පදනමේ සිට මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, එම වගන්තිය අනුව අගමැතිවරයාගේ මරණය, ධූරයෙන් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම යන තත්ත්වයන් යටතේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මහ මැතිවරණය පැවැත්වීම දක්වා වන කාලයට, අගමැතිවරයා සතු බලතල ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයකු පත්කිරීමට ජනපතිවරයාට හැකියාව ඇත. එසේත් නැතිනම් එම බලතල තමන් වෙතම පවරාගැනීමට ද ජනපතිවරයාට අවසරය තිබේ.

    මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙකි. විජයපාල හෙට්ටිආරච්චි, හර්ෂණ රාජකරුණා, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔවුහුය.

    2018 ඔක්තෝබර් 26 වන දින අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ හෙයින් ද,

    2018 නොවැම්බර් 16 වන දින ගරු කතානායකතුමා, 2018 නොවැම්බර් මස 14 වන දින සම්මත වූ යෝජනාවේ පළමුවන ඡේදය ඉවත් කර ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම යෝජනාව සම්මත වූ හෙයින් ද,

    ඒ අනුව 2018 නොවැම්බර් 14 වන දින සම්මතවූ යෝජනාවේ පළමු ඡේදය ඉවත් කර ඇති හෙයින් ද,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති හෙයින් ද,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වන වගන්තිය ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස මෙම සභාව අතිගරු ජනාධිපතිතුමාට යෝජනා කර සිටී.

    මෙම යෝජනාව ඉදිරිපත් කිරීම පසුපස කතාවක් ද තිබේ. මෙවන් යෝජනාවක් ඉදිරිපත් කිරීම අරභයා තිරය පසුපසින් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවේ, යෝජනාවේ සිංහල කෙටුම්පත (බොහෝ විට රජයේ ඉහළම තැනක් හරහා) ජනතා විමුක්ති පෙරමුණ වෙත ලැබිණ. මෙම යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ගැනීම ඔවුන්ගේ අදහස විය.


    :lol::lol::lol:
     

    Similar threads