Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙ ආර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ආකාරයේ ලිපි මීට පෙරත් එළකිරියේ තිබුනා. මම ඒවාට ප්‍රතිචාර දැම්මා. මේ පහලින් තියෙන්නේ ඒවායින් කිහිපයක් Cut & paste කරලා. ලංකාවේ දේශපාලනය හෝ මෑත ඉතිහාසය ගැන උනන්දුවක් නැති අය මේක කියවන්න කරදර වෙන්න එපා . සමහර කොටස් කාගේ හෝ ප්‍රතිචාරයකට ලියාපු පිළිතුරක් විය හැකි බැවින් අග මුල තේරුම් ගැනීමට අපහසු විය හැකියි. තනි පොස්ට් එකකට දිග වැඩි නිසා පොස්ට් 2 කට දානවා.

//ජේ ආර් 1977 දී අගමැතිකමට එනකොට රජයේ ඉඩම් සංචිතයේ ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තක්. ඒවා 1972 දී LRC (Land Reform Commission) එකෙන් රජයට පවරා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ සමාගම් වලටත්, ලාංකික වතු හිමියන් සුළු ප්‍රමානයකටත් අයිතිව තිබූ බහුතර තේ, රබර් සහ පොල් වතුයි. ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කර සියලුම රන් පවුම් වතු රාජසන්තක කිරීම ඉහත LRC මගින් සිදු කළා. ඒ සියළුම වතු ඉතාම ඉහල නඩත්තුවක් සහිතව පවත්වාගෙන ගිය අතර , ඉතාම ඉහල ආදායමක් ලබා ගත්තා. (ඒ ආදායම ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ද්‍රව්‍ය 3 යි. ) ඒ වතු හිමියන් හෝ පාලකයන් කිසිවෙකු තමන්ගේ මාසික වේතනය වෙනුවෙන් රැකියාව කල අය නොවෙයි. වතු වගාව ඔවුන්ගේ passion එකක් කීම නිවැරදියි. (මෙතැනදී සුදු ජාතිකයන් කල කී දේවල් උසස් කොට අපේ ජාතිය පහත් කරනවා නොවෙයි, එහි ඇත්ත තත්වය ඒකයි) නමුත් වතු ජනසතුවෙන් පසු රජයේ හිතවත්කම පමණක් සුදුසු කම ලෙස සලකා පත්කළ ජනවසම, උසවසම වතු අධිකාරී වරු වතු සියල්ලම විනාශ කළා. වතු වල නඩත්තුව සඳහා ලැබෙන මුදල් වංචා කර පොහොර නොයෙදීම බොහොම සුලභ දෙයක් වෙලා තිබුනා. රන් බිත්තර ලන තාරාවා මරා උගේ බඩේ තියන බිත්තර ගන්න ගිය කතාව මෙතනට ඉතාම හොඳට ගැලපෙනවා. 1977 වනවිට වතු වල ඉතිරි වූ දෙයක් තිබුනානම් ඒ සොරකම් කල නොහැකි තරම් විශාල දෙයක් පමණයි. බොහෝ වතු පාඩු පිට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින් නඩත්තු වූ අතර තවත් බොහොමයක් මුළුමනින්ම වසා දමා තිබුනා. ඉතින් JR බලයට එනකොට මුළු ලෝකයේම අංක එකට තිබුන Ceylon Tea නිපදවාපු, රජයේ විශාලතම විදේශ විනිමය උපදවාපු වතු වෙනුවට රජයේ මුදලින් නඩත්තු කල යුතු කම්කරුවන් සහිත හරිහමන් ආදායමක් නොලැබෙන ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තයි. //

//මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි. ඒවායේ හොඳ හෝ නරක ගැන විවේචනයක් තිබුනේ නැහැ. මොකද වෙනත් තරඟකාරී විදේශීය නිෂ්පාදන කිසිවක් ලංකාවට ආනයනය නොකළ නිසා ඒවා හොඳ උනත් නරක උනත් තිබුනේ එච්චරයි.

ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.

පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා.

උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.

සිරිමා බණ්ඩාරනායක රජය, උපාලි විජේවර්ධනගේ UMC මැස්ඩා එකේ සීට් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙද්දී කාර් වලට ඇනවුම් පවා ලබාගෙන තිබුන අවස්තාවක මුළු ව්‍යාපෘතියම අනාථ කිරීම තමයි ඒ රජයේ බලාපොරොත්තුව උනේ. කෙසේ නමුත් ලංකාවේ එවකට තිබුන ජපන් සමාගමක තිබුන මැස්ඩා (ජපානයේ හදාපු) වාහනයක ආසන ගලවා සාම්පල් ලෙස භාවිතා කරලා ඒ ආසන ලංකාවේම හැදුවා. ඉන්පසුවත් මේ වාහන ලංකාවේ ලියාපදිංචි කිරීමටත් බාධා පැමුනුවා.

70-77 කාලේ විශාල නියඟයක් තිබුනා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කාල සීමාවේ මගේ වයස අවුරුදු 8-15 දක්වායි. හැම වසරකම මෝසම් වැස්සට පෙර එන සාමාන්‍ය නියඟය මිසක් විශේෂිත නියඟයක් මම දන්නේ නැහැ. ඔය කියන වගා කිරීම් තියා සුද්දන් ඉතාම ඉහලින් නඩත්තු කරගෙන ආපු තේ වතු සියල්ලම LRC එක හරහා රජයට පවරාගෙන විනාශ කල බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.//

//මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.//

[QUOTE="1sam, post: 25446910, member: 557062"] මේ ආකාරයේ ලිපි මීට පෙරත් එළකිරියේ තිබුනා. මම ඒවාට ප්‍රතිචාර දැම්මා. මේ පහලින් තියෙන්නේ ඒවායින් කිහිපයක් Cut & paste කරලා. ලංකාවේ දේශපාලනය හෝ මෑත ඉතිහාසය ගැන උනන්දුවක් නැති අය මේක කියවන්න කරදර වෙන්න එපා . සමහර කොටස් කාගේ හෝ ප්‍රතිචාරයකට ලියාපු පිළිතුරක් විය හැකි බැවින් අග මුල තේරුම් ගැනීමට අපහසු විය හැකියි. තනි පොස්ට් එකකට දිග වැඩි නිසා පොස්ට් 2 කට දානවා. //ජේ ආර් 1977 දී අගමැතිකමට එනකොට රජයේ ඉඩම් සංචිතයේ ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තක්. ඒවා 1972 දී LRC (Land Reform Commission) එකෙන් රජයට පවරා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ සමාගම් වලටත්, ලාංකික වතු හිමියන් සුළු ප්‍රමානයකටත් අයිතිව තිබූ බහුතර තේ, රබර් සහ පොල් වතුයි. ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කර සියලුම රන් පවුම් වතු රාජසන්තක කිරීම ඉහත LRC මගින් සිදු කළා. ඒ සියළුම වතු ඉතාම ඉහල නඩත්තුවක් සහිතව පවත්වාගෙන ගිය අතර , ඉතාම ඉහල ආදායමක් ලබා ගත්තා. (ඒ ආදායම ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ද්‍රව්‍ය 3 යි. ) ඒ වතු හිමියන් හෝ පාලකයන් කිසිවෙකු තමන්ගේ මාසික වේතනය වෙනුවෙන් රැකියාව කල අය නොවෙයි. වතු වගාව ඔවුන්ගේ passion එකක් කීම නිවැරදියි. (මෙතැනදී සුදු ජාතිකයන් කල කී දේවල් උසස් කොට අපේ ජාතිය පහත් කරනවා නොවෙයි, එහි ඇත්ත තත්වය ඒකයි) නමුත් වතු ජනසතුවෙන් පසු රජයේ හිතවත්කම පමණක් සුදුසු කම ලෙස සලකා පත්කළ ජනවසම, උසවසම වතු අධිකාරී වරු වතු සියල්ලම විනාශ කළා. වතු වල නඩත්තුව සඳහා ලැබෙන මුදල් වංචා කර පොහොර නොයෙදීම බොහොම සුලභ දෙයක් වෙලා තිබුනා. රන් බිත්තර ලන තාරාවා මරා උගේ බඩේ තියන බිත්තර ගන්න ගිය කතාව මෙතනට ඉතාම හොඳට ගැලපෙනවා. 1977 වනවිට වතු වල ඉතිරි වූ දෙයක් තිබුනානම් ඒ සොරකම් කල නොහැකි තරම් විශාල දෙයක් පමණයි. බොහෝ වතු පාඩු පිට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින් නඩත්තු වූ අතර තවත් බොහොමයක් මුළුමනින්ම වසා දමා තිබුනා. ඉතින් JR බලයට එනකොට මුළු ලෝකයේම අංක එකට තිබුන Ceylon Tea නිපදවාපු, රජයේ විශාලතම විදේශ විනිමය උපදවාපු වතු වෙනුවට රජයේ මුදලින් නඩත්තු කල යුතු කම්කරුවන් සහිත හරිහමන් ආදායමක් නොලැබෙන ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තයි. // //මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්. වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ. කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්. unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි. ඒවායේ හොඳ හෝ නරක ගැන විවේචනයක් තිබුනේ නැහැ. මොකද වෙනත් තරඟකාරී විදේශීය නිෂ්පාදන කිසිවක් ලංකාවට ආනයනය නොකළ නිසා ඒවා හොඳ උනත් නරක උනත් තිබුනේ එච්චරයි. ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද? proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි. පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්. බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්. ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ?? ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි. 1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි. ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ. දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි. අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි . 70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා. 77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ. වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි. සිරිමා බණ්ඩාරනායක රජය, උපාලි විජේවර්ධනගේ UMC මැස්ඩා එකේ සීට් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙද්දී කාර් වලට ඇනවුම් පවා ලබාගෙන තිබුන අවස්තාවක මුළු ව්‍යාපෘතියම අනාථ කිරීම තමයි ඒ රජයේ බලාපොරොත්තුව උනේ. කෙසේ නමුත් ලංකාවේ එවකට තිබුන ජපන් සමාගමක තිබුන මැස්ඩා (ජපානයේ හදාපු) වාහනයක ආසන ගලවා සාම්පල් ලෙස භාවිතා කරලා ඒ ආසන ලංකාවේම හැදුවා. ඉන්පසුවත් මේ වාහන ලංකාවේ ලියාපදිංචි කිරීමටත් බාධා පැමුනුවා. 70-77 කාලේ විශාල නියඟයක් තිබුනා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කාල සීමාවේ මගේ වයස අවුරුදු 8-15 දක්වායි. හැම වසරකම මෝසම් වැස්සට පෙර එන සාමාන්‍ය නියඟය මිසක් විශේෂිත නියඟයක් මම දන්නේ නැහැ. ඔය කියන වගා කිරීම් තියා සුද්දන් ඉතාම ඉහලින් නඩත්තු කරගෙන ආපු තේ වතු සියල්ලම LRC එක හරහා රජයට පවරාගෙන විනාශ කල බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.// //මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්. එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා. 1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා. රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ. අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි. කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්. 1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.// [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom