ජෙ ආර්

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා. අක්කර 50 පනත 100 දක්වා වැඩි කරලා හිතවතුන්ට ඉඩම් කොල්ලකන්න දීලා බලං හිටියා, ප්‍රේමදාසගෙ අඹන්පොළ ඉඩමත් එහෙමයි. ලැවරියා විකුණලා අරං දාපු ඒවා නෙමේ. ඒ විතරක් නෙමේ තමන්ගේ කනාටු පොල් ඉඩම් ටික සරුසාර ඉඩම් වලට වංචාවෙන් මාරු කරගත්තා.
    රටේ නොතිබුණු කොටි, පාතාලේ, කුඩු යනාදී සියලුම අකටයුතුකම් ගෙනල්ලා බෝකරා.
    රටේ වැඩිම දෙනෙකුට යැපෙන්න තියන ප්‍රධානම රැකියා⁣ව දේශපාලනය කරා. ඒ සඳහා පලාත් සබා වැනි අලුත්ම ක්‍රම සහ මනාප වැනි බලුපොර ගෙනල්ලා ජාතියම අනාත කරා.
    කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. දැං රංජලාගේ ප්‍රධාන සටන්පාටේ JRම තමා හැදුවේ.
    ඡන්ද දූෂණ වංචා අලුත්ම ක්‍රම හඳුන්වා දුන්නා. කොටින්ම කියනවනම් තමන්ගේ opposition contestant ( විපක්ෂයේ තරඟකරු) කොබ්බෑකඩුව ඡන්දෙ දාන්න යනකොට ඒකත් හොරෙන් දාලා. වෙන රටක නම් ඡන්දෙ අහෝසි කරනවා. සිරිමාවොට ඉල්ලන බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරනවා. ඔන්න දිනන හැටි.
    පුතා රවී STF හදලා කොටි අඩවිය ආක්‍රමණය කරගෙන එනකොට දිඹුලාගල හාමුදුරුවෝ එක්ක ජන අනුපාතෙට අලුත් ගම්මාන හදාගෙන එනකොට කඩුවෙලින් මැරයො දාලා අහිංසක මිනිස්සුන්ට ගහනවා එදා අතපය අහිමි වූ අන්ත දුප්පත් මිනිස්සු අදත් ඉන්නවා. පුතාට තාත්තව තිත්ත වෙනවා. ( මාලිංග ගුණරත්නගේ පොත බලන්න)
    ජූලි කලබල නිදහසේ කරගෙන යන්න දින 3ක් දෙන්නෙත් මෙයාම තමා.
    කොහොමද ධර්මිෂ්ටර්ගෙ වැඩ... තව ලියන්න පුළුවන් පොතක් මෙයා ගැන.
    අර කිව්වා වගේ දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස්
    දරන්නට දැන ගැනීමටයි මේ ටික.

    සෝමාලියාව වගේ තිබ්බ ලංකාව ගොඩ ගත්තේ JR කියලා එක මනුස්සයෙක් කියලා තිබුනා.
    JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි. ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා මහා පාලම් කාප්ප දක්වා සියලුම වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.
    ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.
    Unique රේඩියෝව අපි හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.
    රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා. එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි. දාස සමූහ ආයතනය තමා නිශ්පාදනය කලේ. දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා. ඒ අර කියපු සෝමාලියා යුගයේ කල දේවල් තමා. JR, දාස මුදලාලි ශ්‍රී ලංකා කාරයා කියලා වැටෙන්නම ගහලා කුජීත කරලා දැම්මා.
    අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම්බා condensed milk. ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා 🐄 🐄 . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.
    ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් අපි ලෝකෙට හඳුන්වා දෙන්නම් කියලා බලාපොරොත්තු තිබුණු නිසා. සෝමාලියාවේ කාර් හදනවද? JR ඇවිල්ලා සියල්ල විනාස කරලම දැම්මා. උපාලි විජේවර්ධනව මරලා දැම්මා රහසිගත විදිහට.
    කුබෝටා ට්‍රැක්ටරය අපේ දෙයක් අද කෝ??.
    වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා, ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ ධර්මිෂ්ට නෑ කියලා ඒක නවත්තලා චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.
    අපි......
    ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka 🇱🇰 කියලා ලියලා, පොඩි අපි සතුටට පත්උනා මේවා දැකලා. කැළණි ටයරය ඔය කියන සෝමාලියාවේ හදන Yokohama, Dunlop ලොප් කරලාම දාලා තිබුණු යුගයක් අපට තිබුනා. අපි බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.
    ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති. ඔව් අපි චොකලට් 🍫 කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා. දැන් ගෑණු ඇඟ විකුණලා ගේන සල්ලි වලින් ජපන් වාහන අරගෙන පදින තිරිසන් ජාතියක් කරලා දැම්මේ ඔය jRම තමා. JR ගෙන් පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි.

    යූරී ගගාරීන් ලංකාවට එනවා මේ නිශ්පාදනය ආර්ථිකයක පිමි පනින ජාතිය ඇසින් දැක ගන්න. 59 කියුබානු විප්ලවය ඉවර කල චේ ගවේරාට පසු කාලෙක බාර දෙනවා විශාල වගකීමක් එරට ආර්ථිකය නගා සිටුවන්න. ඔහු තෝරා ගත් රටවල් කීපයකට එනවා සංවර්ධනය සැලසුම් හදාරන්නට. එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු ලංකාවට; අර කියපු සෝමාලියාවටත් ඔහු අමතක නොකරම බලන්න එනවා. දැං මොකාද ලංකාවෙන් ඉගෙනගන්න එන්නේ? මන්දපෝෂණය ගැන නම් පුළුවන් වෙයි අද ආවොත් ඉගෙන ගන්න.
    එතකොට සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. ඒ අරයා කියපු සෝමාලියාව එදා බැබලුණු අයුරුය. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න)
    කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා පාසැල් වලින්. ඒ අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.
    එදා අද මෙන් රෑපවාහීනී, mobile phones,☎ laptops, flat screens යනාදී gadgets ලෝකෙම තිබුනෙ නෑ.
    දැං සෝමාලියාවේත් ඕවා තියනවා ඒක නම් ⁣ඔය වගේ දේවල් කියවන්න හේතූවූ කාරණය, ඔබ විචාර බුද්ධිය මීට වඩා යෙදවිය යුතුයි. එකල ජර්මනිය, ජපානය වැනි රටවල් වලත් ඔය ගැජට් නෑ කොටින්ම කියනවනම් අද ඒවා සෝමාලියාවේ තියනවා. ඒ කියන්නෙ ඒ රටවලුත් ඒකාලේ සෝමාලියාව වගේ කියන එකද? මෙවන් දේ කතා කරන්නෙ ඔහුට කවදා හරි කවුරු හරි වැරදි අවබෝධයක් දී ඇති නිසයි.
    මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.
    එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ? ඒ දිනය අපිටනම් පැහැදිලියි.

    තව මෙවන් දේ පොත් ගණනක් ලියතැහැකි. අද අපේ මිනිස්සු දැනුවත් වෙලා නැති තැන් අපි කතා කරන්න ඕනේ. නැත්තං ඒ ලමයි කොහෙන් දැනගන්නද? අද හෙට ඉතිහාසය ගැන උනන්දුව නැති කරපු දාට මේ දේවල් දන්න කෙනෙක් නැති වෙලා යයි. එදාට හැමෝම කියයි ලංකාව ඉස්සර සෝමාලියාව වගේ. කියලා. මැරෙන්න කලින් මේ ටික හරි ඉන්න එකාලට කියලා දීම වගකීමක් ලෙස දකින නිසා ලියා තබමි.
    ලිඳ තුල ඉන්න මැඩියා තවත් එවැනිම වූ මැඩියන්ගේ ජක ජකය විතරක් අසා ඒ අනුව මුලු ලෝකය දන්නෙකු ලෙස කතාකරයි. නමුත් අඩුගානේ වතුර බොන්න එන මීහරකෙක්ගෙන් හරි යමක් අහන්න මොකද ඌ ගෙම්බට වඩා දුරක් ගොස් ඇත. අහම්බෙන් හරි මිනිසෙකු දුටුකල කතා කරන්න ජක ජක බාසාවෙන් නෙමේ මනුස්ස බසින්.
    අදහස් හොයන්න, අසන්න, කියවන්න, හිතන්න පුරුදුවෙමු එතකොට ඔය එක එකා අපේ මිනිස්සුන්ව අන්දගෙන යන එක අඩුවේවි.
    මෙසේ ලියා තැබීම සද්කාර්යක් මෙන්ම මෙය උපුටාගෙ ප්‍රචලිත කිරීමෙන් ජනතාවට යම් ආලෝකයක් 🔦 ලබා දී පිනක් කරගමු.

    උපුටා ගැණීමකි...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මේ රට විනාස කරේ ඔය බල්ලා තමයි, රටක් ජාතියක් විනාස කරාට ආත්ම ගානක් විඳවන්න වෙයි. කරුමේ කියන්නේ දැන් ඉන්න එකෙක්වත් මේවා දන්නෙත් නැ, දැනගන්න ඕනෙත් නැ. ඔහේ එන එන රැලි වල පාවී පාවී ආතල් ජිවිතයක් කියලා එකක් ගෙවනවා. ඒත් උන් දන්නෙත් නැ විඳිනවා කියල කරන්නේ විඳවන එක කියලා. අපි අන්න එහෙම මෝඩ ජාතියක්. සුද්දා ඇවිත් මේ රටේ ජේ ආර් වගේ වහල්ලු හදලා ගියේ නිකන් නෙමෙයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇමතිලගෙ, මන්ත්‍රීලගෙ ලියුම් වලට, සුදුසුකම් නැති මිනිස්සුන්ට රජයේ රස්සාවල් දෙන එක පටං අරං රාජ්‍ය සේවය විනාශ කරෙත් ඔය කාලෙ තමයි
     
    • Like
    Reactions: Lankaputhra16

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මේ ලිපිය ලියපු Heisenberg?( ඩුප්ලිකේට් ?) මහත්තයෝ ......
    මට මේ සරල දේට විතරක් උත්තරයක් දෙන්න .....
    දැන් JR බලයෙන් අයින් වෙලත් අවුරුදු 32 විතර වෙනවා ....(දැන් ඔහු මියගිහිනුත් අවුරුදු 23 කට වඩා වැඩියි) ..ඊට පස්සේ ඔහෙලගෙ කට්ටිය නේද(චන්ද්‍රිකා ,මහින්ද සහ දැන් ගොටභය) ඒ අවුරුදු 32 න් අවුරුදු 23 ක්ම රට පාලනය කලේ . සහ දැන් කරන්නෙත්.....
    ඉතින් JR ගේ ක්‍රමය ඔය තරම් නරක නම් උන්දැලා ඒ ක්‍රමයම පවත්වාගෙන ගියේ ..පවත්වාගෙන යන්නේ ඇයි ? ඒවා වෙනස් කරලා රටට හිතැති ක්‍රමයක් පවත්වාගෙන නොගියේ...
    ඔය කියපු උන්දැලත් JR හරිය කියලා හිතපු නිසාද ?
    නැත්නම් ඒ උන්දලාට වෙනසක් කරන්න කොන්දක් සහ මොළයක් නොතිබිච්ච නිසාද ??
    නැත්නම් රටේ ජනතාව වෙනසක් එපා කීවද ???
    එහෙමත් නැත්නම් JR වලෙන් නැගිටලා එපා කීවද????
    පවතිනා ක්‍රමය වෙනස් කරන්න අබමල් රේණුවකවත් ඒ අයට උවමනාවක් නොතිබුණු බව සහ ඔවුනට අවශ්‍ය වුනේ ලංකාව නොව පවුල ගොඩ ගැනීම බව කවුරුත් දන්නවා !!!
    අදත් රටේ වැඩිම දෙනෙකුට යැපෙන්න තියන ප්‍රධානම රැකියා⁣ව දේශපාලනය, පලාත් සබා සහ මනාප වැනි බලුපොර ,ගැහැනුන් මැද පෙරදිග යැවීම ,කුඩු,පාතාලය තාමත් එහෙමම හෝ JR කාලෙටත් වඩා හොඳින් තියෙනවා (කොටි ගෙනාවේ JR නෙවි... ඔය බෙදුම්වාදී අර්බුදයේ මුල බණ්ඩාරනායකගේ සිංහල භාෂා පනත දක්වා විහිදිලා යනවා ..ඒක වෙනත් ලිපියකින් දීර්ග වශයෙන් කතා කලයුතු මාතෘකාවක්, )

    ....රටට උහුලන්න බැරි තරමට නය අරගෙන තමනුත් පුළුවන් තරම් කොමිස් කාල අද රට මේ හිඟන තත්වයට පත් කරන්න මුල් වුනේ මැදමුලන පොල් රවුලා සහ සහෝදර පරම්පරාව මිස වෙන කවුද ???දැන් ඉන්න කෙනා යන්නෙත් ඒ පාරේම නේද ?

    ජනතාවට යම් ආලෝකයක් 🔦 ලබා දී පිනක් කරගන්න නම් මහත්තයෝ එක පැත්තක් වහලා තව පැත්තක අඩුපාඩු විතරක් උලුප්පන්න එපා ...ඒක තමා පක්ෂග්‍රාහී විවේචනය හෙවත් දේශපාලන කුඩුකේඩුකම...කතා කරනවා නම් මෑතකදී රට පාලනය කරපු හැම දේශපාලකයාගේම හොඳ නරක මැදහත්ව විවේචනය කරන්න...........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රට විනාස කරේ ඔය බල්ලා තමයි, රටක් ජාතියක් විනාස කරාට ආත්ම ගානක් විඳවන්න වෙයි. කරුමේ කියන්නේ දැන් ඉන්න එකෙක්වත් මේවා දන්නෙත් නැ, දැනගන්න ඕනෙත් නැ. ඔහේ එන එන රැලි වල පාවී පාවී ආතල් ජිවිතයක් කියලා එකක් ගෙවනවා. ඒත් උන් දන්නෙත් නැ විඳිනවා කියල කරන්නේ විඳවන එක කියලා. අපි අන්න එහෙම මෝඩ ජාතියක්. සුද්දා ඇවිත් මේ රටේ ජේ ආර් වගේ වහල්ලු හදලා ගියේ නිකන් නෙමෙයි.

    :yes: :yes: :yes: ජේ ආර් රනිල සජිය එකම බෝට්ටුවෙ ඉදන් සුද්දන්ට වහල්කම් කරන ජඩයො...

    JVP thama me rata goda ganne
    ගොඩ ගැනීම කෙසේවෙතත් මෙදා අඩුම ගානෙ එක මන්ත්‍රී ආසනයක් හරි දිනාගන්ඩ බලන්ඩ කියපන් ලපයට.. නැත්තන් වෙන්නෙ ලබන පලාත් සබාව ලන් උනාම රට හදන එක නතර කරල පලාත් සබාව හදන්ඩ පටන් ගන්ඩ... :lol: :lol: :lol:
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ""ජේ ආර් රනිල සජිය එකම බෝට්ටුවෙ ඉදන් සුද්දන්ට වහල්කම් කරන ජඩයො.."""
    එතකොට රාජපක්ස පරම්පරාවේ බාගයක් ඇමරිකානු පුරවැසියෝ
    උන් සුද්දොන්ට වහල්කම් කරන (ලංකාවේදී බොරු දෙසප්රේමය දෙසන) ජඩයෝ නෙවිද ???
     
    • Like
    Reactions: Lankaputhra16

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ රට ගොඩ දාන්න උත්සහ කරපු ජනාධිපතිලා ඉන්නේ දෙන්නයි. JR සහ MR. මේ රෙද්දේ රටේ මිනිස්සු වෛර කරන්නෙත් ඒ මිනිස්සු දෙන්නට. (දේශපාලන මතය අනුව වෛර කරන මිනිහ වෙනස් වෙනවා, එච්චරයි.) චන්ද්‍රිකා ගෑනි අවුරුදු 11ක් නිකන් ඉඳල ගියා, එකෙක් බනින්නේ නෑ නෙහ්. :D :D
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේ රට ගොඩ දාන්න උත්සහ කරපු ජනාධිපතිලා ඉන්නේ දෙන්නයි. JR සහ MR. මේ රෙද්දේ රටේ මිනිස්සු වෛර කරන්නෙත් ඒ මිනිස්සු දෙන්නට. (දේශපාලන මතය අනුව වෛර කරන මිනිහ වෙනස් වෙනවා, එච්චරයි.) චන්ද්‍රිකා ගෑනි අවුරුදු 11ක් නිකන් ඉඳල ගියා, එකෙක් බනින්නේ නෑ නෙහ්. :D :D
    uba danna tharama thama,JR gen thama ratata kelakarana culture eka hadune,JR thmai eeka patan gaththe

    මේ ලිපිය ලියපු Heisenberg?( ඩුප්ලිකේට් ?) මහත්තයෝ ......
    මට මේ සරල දේට විතරක් උත්තරයක් දෙන්න .....
    දැන් JR බලයෙන් අයින් වෙලත් අවුරුදු 32 විතර වෙනවා ....(දැන් ඔහු මියගිහිනුත් අවුරුදු 23 කට වඩා වැඩියි) ..ඊට පස්සේ ඔහෙලගෙ කට්ටිය නේද(චන්ද්‍රිකා ,මහින්ද සහ දැන් ගොටභය) ඒ අවුරුදු 32 න් අවුරුදු 23 ක්ම රට පාලනය කලේ . සහ දැන් කරන්නෙත්.....
    ඉතින් JR ගේ ක්‍රමය ඔය තරම් නරක නම් උන්දැලා ඒ ක්‍රමයම පවත්වාගෙන ගියේ ..පවත්වාගෙන යන්නේ ඇයි ? ඒවා වෙනස් කරලා රටට හිතැති ක්‍රමයක් පවත්වාගෙන නොගියේ...
    ඔය කියපු උන්දැලත් JR හරිය කියලා හිතපු නිසාද ?
    නැත්නම් ඒ උන්දලාට වෙනසක් කරන්න කොන්දක් සහ මොළයක් නොතිබිච්ච නිසාද ??
    නැත්නම් රටේ ජනතාව වෙනසක් එපා කීවද ???
    එහෙමත් නැත්නම් JR වලෙන් නැගිටලා එපා කීවද????
    පවතිනා ක්‍රමය වෙනස් කරන්න අබමල් රේණුවකවත් ඒ අයට උවමනාවක් නොතිබුණු බව සහ ඔවුනට අවශ්‍ය වුනේ ලංකාව නොව පවුල ගොඩ ගැනීම බව කවුරුත් දන්නවා !!!
    අදත් රටේ වැඩිම දෙනෙකුට යැපෙන්න තියන ප්‍රධානම රැකියා⁣ව දේශපාලනය, පලාත් සබා සහ මනාප වැනි බලුපොර ,ගැහැනුන් මැද පෙරදිග යැවීම ,කුඩු,පාතාලය තාමත් එහෙමම හෝ JR කාලෙටත් වඩා හොඳින් තියෙනවා (කොටි ගෙනාවේ JR නෙවි... ඔය බෙදුම්වාදී අර්බුදයේ මුල බණ්ඩාරනායකගේ සිංහල භාෂා පනත දක්වා විහිදිලා යනවා ..ඒක වෙනත් ලිපියකින් දීර්ග වශයෙන් කතා කලයුතු මාතෘකාවක්, )

    ....රටට උහුලන්න බැරි තරමට නය අරගෙන තමනුත් පුළුවන් තරම් කොමිස් කාල අද රට මේ හිඟන තත්වයට පත් කරන්න මුල් වුනේ මැදමුලන පොල් රවුලා සහ සහෝදර පරම්පරාව මිස වෙන කවුද ???දැන් ඉන්න කෙනා යන්නෙත් ඒ පාරේම නේද ?

    ජනතාවට යම් ආලෝකයක් 🔦 ලබා දී පිනක් කරගන්න නම් මහත්තයෝ එක පැත්තක් වහලා තව පැත්තක අඩුපාඩු විතරක් උලුප්පන්න එපා ...ඒක තමා පක්ෂග්‍රාහී විවේචනය හෙවත් දේශපාලන කුඩුකේඩුකම...කතා කරනවා නම් මෑතකදී රට පාලනය කරපු හැම දේශපාලකයාගේම හොඳ නරක මැදහත්ව විවේචනය කරන්න...........
    meka mama liyapu ekak neme,ussapu ekaqk

    danna labbak kiyapan bn,uba kiyala thiyana ewa okkoma wage waradi,danna ekekgen danaganin,ubata ugananna mata welawa na
     
    Last edited:

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    meka mama liyapu ekak neme,ussapu ekaqk

    danna labbak kiyapan bn,uba kiyala thiyana ewa okkoma wage waradi,danna ekekgen danaganin,ubata ugananna mata welawa na
    මහා ලොකුවට Heisenberg කියලා නමක් දාගෙන ඉන්න එකා කාගේ හරි දේශපාලන කුහකකමට සහ JR විරෝධයට , කොහේ හරි දාපු පොස්ට් එකක් ගෙඩි පිටින් උස්සලා තමන්ගේ තියෙන JR විරෝධයට සහ දේසපාලන කුහකකමට ගෙඩි පිටින් පල කරන එකෙක් !!! ...(උපුටා ගැනීමකි කීවට උපුටා ගත්තු තැන වත් දාල නැහැ)

    ඉතින් උඹ මහ ලොකු දන්නා එකා ???..දැන් ඔය පොස්ට් එක හරි කියලා උඹ දන්නා නිසානේ දැම්මේ ?...මම කියන දේවල් වලට තර්කානුකුල පිළිතුරක් නොදී නිකන් ගොන් කතා කීවට වැඩක් නැහැ බන් ..උඹෙන් ඉගෙනගන්න මට අවශ්‍යත් නැහැ.. ඒත් බොරුවට Heisenberg වගේ විද්‍යාඥයෙක් ගේ නමක් Copy paste කරලා දාගෙන බොරුවට රඟපාලා දේසපාලන කුහකකම පෙන්නන්න මට අවශ්‍ය නැහැ ...

    මම JR සම්පුර්ණයෙන් හරි කියන්නෙත් නැහැ..ඒත් රටේ සංවර්ධනයට ගොඩක් දේවල් වුනා ඒ කාලේ ,,,, කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ,ජල විදුලි බලාගාර ,යටිතල පහසුකම් සංවර්ධනය, රුපවාහිනී සේවා ආරම්භය ,විදේශ රටවල් (බටහිර සහ ජපානය)සමග සහයෝගයෙන් කටයුතු කිරීම ,කර්මාන්ත පුර ආශ්‍රිතව රැකියා නිෂ්පාදනය ,දිළිඳුකම පිටු දැකීමට ජනසවිය (දැන් ඉන්න අය සමුර්ධි කියලා ඒ ක්‍රමයම තමයි පවත්වාගෙන යන්නේ)සහ ගම් උදාව (ප්‍රේමදාස),මහපොළ ශිෂ්‍යත්වය(ඇතුලත්මුදලි) වගේ .... JR කියන්නේ උඹ කියනවා වගේ නරකම කරපු එකෙක් නෙවි බව සිහි බුද්ධියක් ඇති ඕනෙම වැඩිහිටියෙක් දන්නවා ..සමහරවිට උඹ ළදරුවෙක් නිසා දන්නේ නැතිව ඇති !

    ලැජ්ජයි බන් උඹ වගේ පොරක් අර Heisenberg වගේ විද්‍යාඥයෙක් ගේ නමක් දාගෙන ඉන්නවට (එහෙම බැලුවොත් උඹේ නමත් Copy & Paste )

    ...තවත් එකක් ඔය දැන් ඉන්න දෙසප්රේමය පුරෝගත්තු හොරු වගේ සංවර්ධන ව්‍යාපෘති වලින් JR මාටියා ගැහුවේ වත් පවුල්වල ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම දේසපාලනයටයි, රටේ සහ විදේශ සේවයේ ඉහල තනතුරු වලටයි ගත්තේ වත් නැහැ

    තව කිව යුතු බොහෝ දේවල් තිබුනට උඹට වගේම මටත් වෙලාව නැහැ බන් !
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේ ආකාරයේ ලිපි මීට පෙරත් එළකිරියේ තිබුනා. මම ඒවාට ප්‍රතිචාර දැම්මා. මේ පහලින් තියෙන්නේ ඒවායින් කිහිපයක් Cut & paste කරලා. ලංකාවේ දේශපාලනය හෝ මෑත ඉතිහාසය ගැන උනන්දුවක් නැති අය මේක කියවන්න කරදර වෙන්න එපා . සමහර කොටස් කාගේ හෝ ප්‍රතිචාරයකට ලියාපු පිළිතුරක් විය හැකි බැවින් අග මුල තේරුම් ගැනීමට අපහසු විය හැකියි. තනි පොස්ට් එකකට දිග වැඩි නිසා පොස්ට් 2 කට දානවා.

    //ජේ ආර් 1977 දී අගමැතිකමට එනකොට රජයේ ඉඩම් සංචිතයේ ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තක්. ඒවා 1972 දී LRC (Land Reform Commission) එකෙන් රජයට පවරා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ සමාගම් වලටත්, ලාංකික වතු හිමියන් සුළු ප්‍රමානයකටත් අයිතිව තිබූ බහුතර තේ, රබර් සහ පොල් වතුයි. ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කර සියලුම රන් පවුම් වතු රාජසන්තක කිරීම ඉහත LRC මගින් සිදු කළා. ඒ සියළුම වතු ඉතාම ඉහල නඩත්තුවක් සහිතව පවත්වාගෙන ගිය අතර , ඉතාම ඉහල ආදායමක් ලබා ගත්තා. (ඒ ආදායම ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ද්‍රව්‍ය 3 යි. ) ඒ වතු හිමියන් හෝ පාලකයන් කිසිවෙකු තමන්ගේ මාසික වේතනය වෙනුවෙන් රැකියාව කල අය නොවෙයි. වතු වගාව ඔවුන්ගේ passion එකක් කීම නිවැරදියි. (මෙතැනදී සුදු ජාතිකයන් කල කී දේවල් උසස් කොට අපේ ජාතිය පහත් කරනවා නොවෙයි, එහි ඇත්ත තත්වය ඒකයි) නමුත් වතු ජනසතුවෙන් පසු රජයේ හිතවත්කම පමණක් සුදුසු කම ලෙස සලකා පත්කළ ජනවසම, උසවසම වතු අධිකාරී වරු වතු සියල්ලම විනාශ කළා. වතු වල නඩත්තුව සඳහා ලැබෙන මුදල් වංචා කර පොහොර නොයෙදීම බොහොම සුලභ දෙයක් වෙලා තිබුනා. රන් බිත්තර ලන තාරාවා මරා උගේ බඩේ තියන බිත්තර ගන්න ගිය කතාව මෙතනට ඉතාම හොඳට ගැලපෙනවා. 1977 වනවිට වතු වල ඉතිරි වූ දෙයක් තිබුනානම් ඒ සොරකම් කල නොහැකි තරම් විශාල දෙයක් පමණයි. බොහෝ වතු පාඩු පිට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින් නඩත්තු වූ අතර තවත් බොහොමයක් මුළුමනින්ම වසා දමා තිබුනා. ඉතින් JR බලයට එනකොට මුළු ලෝකයේම අංක එකට තිබුන Ceylon Tea නිපදවාපු, රජයේ විශාලතම විදේශ විනිමය උපදවාපු වතු වෙනුවට රජයේ මුදලින් නඩත්තු කල යුතු කම්කරුවන් සහිත හරිහමන් ආදායමක් නොලැබෙන ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තයි. //

    //මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි. ඒවායේ හොඳ හෝ නරක ගැන විවේචනයක් තිබුනේ නැහැ. මොකද වෙනත් තරඟකාරී විදේශීය නිෂ්පාදන කිසිවක් ලංකාවට ආනයනය නොකළ නිසා ඒවා හොඳ උනත් නරක උනත් තිබුනේ එච්චරයි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

    වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.

    සිරිමා බණ්ඩාරනායක රජය, උපාලි විජේවර්ධනගේ UMC මැස්ඩා එකේ සීට් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙද්දී කාර් වලට ඇනවුම් පවා ලබාගෙන තිබුන අවස්තාවක මුළු ව්‍යාපෘතියම අනාථ කිරීම තමයි ඒ රජයේ බලාපොරොත්තුව උනේ. කෙසේ නමුත් ලංකාවේ එවකට තිබුන ජපන් සමාගමක තිබුන මැස්ඩා (ජපානයේ හදාපු) වාහනයක ආසන ගලවා සාම්පල් ලෙස භාවිතා කරලා ඒ ආසන ලංකාවේම හැදුවා. ඉන්පසුවත් මේ වාහන ලංකාවේ ලියාපදිංචි කිරීමටත් බාධා පැමුනුවා.
    70-77 කාලේ විශාල නියඟයක් තිබුනා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කාල සීමාවේ මගේ වයස අවුරුදු 8-15 දක්වායි. හැම වසරකම මෝසම් වැස්සට පෙර එන සාමාන්‍ය නියඟය මිසක් විශේෂිත නියඟයක් මම දන්නේ නැහැ. ඔය කියන වගා කිරීම් තියා සුද්දන් ඉතාම ඉහලින් නඩත්තු කරගෙන ආපු තේ වතු සියල්ලම LRC එක හරහා රජයට පවරාගෙන විනාශ කල බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.//

    //මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

    එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

    1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

    රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

    අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

    කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

    1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.//
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    70 දී හා 77 දී ගහෙන් ගෙඩි එන්නා වාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් එම වෙනසේ ප්‍රතිඵල සාර්ථක උනේ නැහැ.

    ඒත්, ඒ කාලයේ සිදු උන වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති වලට බණ්ඩාරනායක මැතිනියට හෝ ජේ ආර්ට පමණක් දොස් කියා වැඩක් නැහැ. බණ්ඩාරනායක මැතිනිය නමට රාජ්‍ය නායිකාව වුවා පමණයි. එතුමියගේ පෞරුෂත්වය, දැනුම, තීන්දු තීරණ ගැනීමේ හැකියාව ගැන මහා ඉහලින් වර්ණනා කලාට රජය ගෙන ගියේ ෆිලික්ස් ඩයස් මහතා හා එකල තුන් හවුලේ සාමාජික පක්ෂයක් වූ සමසමාජයේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා (එකල එතුමාව හැඳින්වුයේ No Money Perera ලෙසයි ) මහතායි. මැතිනියගේ රජයේ බොහෝ ප්‍රතිපත්ති වලට පදනම වුයේ එකල ඉන්දියාවේ ගාන්ධි රජයේ ප්‍රතිපත්තියි. "කිසිම දෙයක් තිබුනේ නැති" ඉන්දියානුවන්ට නැති වෙන්න දෙයක් තිබුනේ නැහැ. (මේ කියන්නේ බහුතර දුප්පතුන් ගැන මිසක් මහරාජා වරුන් ගැන නොවේ) ඒ උනාට ලංකාවේ ජීවන තත්වය ඉන්දියාවට වඩා හුඟක් ඉහලින් තිබීම නිසා සංවෘත ආර්ථිකය නිසා ලංකාවේ මිනිසුන්ට නැති වූ දේ බොහොමයි. ඉන්දියානුවන් තම රටේ දේ හොඳයි කියා සැනසුනාට, ලාංකිකයින් හොඳයි කීවේ 'ඇත්තටම හොඳ' දේවල් වලටයි.

    ඉන්දියානුවන් හෝ එහි රජයයන් අධිරාජ්‍ය විරෝධී උනාට කිසිවිටක ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඒ විරෝධතාවය බලපැවත්වුවේ නැහැ. S.W.R.D. බණ්ඩාරනායක රජය, රාජ්‍ය භාෂාව සිංහල කිරීම නිසා ඉංගිරිසි මාධ්‍යයෙන් තිබුන උසස් හා පාසල් අධ්‍යාපනයන් නැති වීමෙන් සිදු උනේ අපේ රටේ ඉංග්‍රීසි දැනුමක් නැති උගතුන් බිහිවීමයි. ජපානය රුසියාව වැනි රටවල තම මව් බස පමණක් උගත්, ඉහල උගතුන් සිටියත් ලංකාව වැනි කුඩා රටකට විදේශ භාෂාවක් රහිතව ලෝකය හා ගැටෙන්න නොහැකියි. (ජාතිවාදී ප්‍රශ්න වලටත් මේ සිංහල භාෂා ප්‍රතිපත්තිය මූලික උනා.) එහි අවසාන ප්‍රතිඵලය ඉන්දියානුවන් ඉංගිරිසි කථා කරන(ඔවුන් බ්ර්ර් බ්ර්ර් ගගා ආර් අකුර උඩ නැගලා කතා කරන එක වෙනම දෙයක් ) වෘත්තිකයන් පිට රට සේවය සඳහා යවද්දී අපිට සිංහල පමණක් දන්නා ගෘහ සේවිකාවන් පිට රට යැවීමට සිදු වීමයි. ඉංගිරිසියෙන් ඉගැන්වීම නැවත්වීම ලංකාවේ අභාග්‍යමත්ම සිදුවීම් වලින් එකක් බව කිව යුතුයි.

    77 දී ජේ ආර් ආනයනයන්ට තිබුන බාධක ඉවත් කිරීමෙන් ලංකාවේ තිබුන සමහර ව්‍යාපාර බංකොලොත් උනා. අපේ මිනිසුන් පිටරට දේ වලට ඉහලින් සැලකීම මේ බංකොලොත් වීමට එක හේතුවක්. නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 'අපි ආනයනික දේවල් වඩා හොඳ දේවල් නිපදවනවානම් මිනිසුන් බාල ආනයනික දේවල් මිලදී ගනීද ? කියලා.'

    මම කලින් ලිපියක කියා තිබුනා 77 දී සිදු උන වෙනස 'හාමතේ ඉන්නා කෙනෙකුට දිරවා ගන්න බැරි තරම් ලොකු ආහාර වේලක් එකපාර ගිල්ලුවාම වෙන හානියට සමානයි කියලා'. 77 වනවිට ලෝකය අපව දාලා ගොඩක් දුර ගිහින්. ඉතිං ඒක කැච් අප් කරන්න උනේ ටිකෙන් ටික නොවෙයි. එකවරමයි.//
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මහා ලොකුවට Heisenberg කියලා නමක් දාගෙන ඉන්න එකා කාගේ හරි දේශපාලන කුහකකමට සහ JR විරෝධයට , කොහේ හරි දාපු පොස්ට් එකක් ගෙඩි පිටින් උස්සලා තමන්ගේ තියෙන JR විරෝධයට සහ දේසපාලන කුහකකමට ගෙඩි පිටින් පල කරන එකෙක් !!! ...(උපුටා ගැනීමකි කීවට උපුටා ගත්තු තැන වත් දාල නැහැ)

    ඉතින් උඹ මහ ලොකු දන්නා එකා ???..දැන් ඔය පොස්ට් එක හරි කියලා උඹ දන්නා නිසානේ දැම්මේ ?...මම කියන දේවල් වලට තර්කානුකුල පිළිතුරක් නොදී නිකන් ගොන් කතා කීවට වැඩක් නැහැ බන් ..උඹෙන් ඉගෙනගන්න මට අවශ්‍යත් නැහැ.. ඒත් බොරුවට Heisenberg වගේ විද්‍යාඥයෙක් ගේ නමක් Copy paste කරලා දාගෙන බොරුවට රඟපාලා දේසපාලන කුහකකම පෙන්නන්න මට අවශ්‍ය නැහැ ...

    මම JR සම්පුර්ණයෙන් හරි කියන්නෙත් නැහැ..ඒත් රටේ සංවර්ධනයට ගොඩක් දේවල් වුනා ඒ කාලේ ,,,, කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ,ජල විදුලි බලාගාර ,යටිතල පහසුකම් සංවර්ධනය, රුපවාහිනී සේවා ආරම්භය ,විදේශ රටවල් (බටහිර සහ ජපානය)සමග සහයෝගයෙන් කටයුතු කිරීම ,කර්මාන්ත පුර ආශ්‍රිතව රැකියා නිෂ්පාදනය ,දිළිඳුකම පිටු දැකීමට ජනසවිය (දැන් ඉන්න අය සමුර්ධි කියලා ඒ ක්‍රමයම තමයි පවත්වාගෙන යන්නේ)සහ ගම් උදාව (ප්‍රේමදාස),මහපොළ ශිෂ්‍යත්වය(ඇතුලත්මුදලි) වගේ .... JR කියන්නේ උඹ කියනවා වගේ නරකම කරපු එකෙක් නෙවි බව සිහි බුද්ධියක් ඇති ඕනෙම වැඩිහිටියෙක් දන්නවා ..සමහරවිට උඹ ළදරුවෙක් නිසා දන්නේ නැතිව ඇති !

    ලැජ්ජයි බන් උඹ වගේ පොරක් අර Heisenberg වගේ විද්‍යාඥයෙක් ගේ නමක් දාගෙන ඉන්නවට (එහෙම බැලුවොත් උඹේ නමත් Copy & Paste )

    ...තවත් එකක් ඔය දැන් ඉන්න දෙසප්රේමය පුරෝගත්තු හොරු වගේ සංවර්ධන ව්‍යාපෘති වලින් JR මාටියා ගැහුවේ වත් පවුල්වල ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම දේසපාලනයටයි, රටේ සහ විදේශ සේවයේ ඉහල තනතුරු වලටයි ගත්තේ වත් නැහැ

    තව කිව යුතු බොහෝ දේවල් තිබුනට උඹට වගේම මටත් වෙලාව නැහැ බන් !

    යකෝ ඌ Heisenberg කියලා දාලා තියෙන්නේ උඹ කියන Scientist නෙමෙයි :lol: මෙහෙමයි මහත්තයෝ ජේ ආර් කරපු දේ නරක නැ, ඒත් සංවර්ධනය වෙමින් තිබුන රටකට හෙන ගහන්න වගේ Open Economy එකක් ගේනවා කියන්නේ රටේ නිෂ්පාදන දේශීය කර්මාන්ත කරුවා වලපල්ලට යන එක. Open Economy එක ගෙනාපු ගමන් මොකෝ උනේ කියලා හොයලා බලලා කතා කරන්න. නිකමට හිතපන් උඹ ඉන්න ගමේ තියෙන එකම කඩේ කරන්නේ උඹ, එකපාරටම ගමේ Food City එකක් දාලා බොහොම අඩුවට බඩු විකුනන්න පටන් ගන්නවා, උඹට මොකද වෙන්නේ? උඹේ කඩේ වැහිලා යනවා. ඊට පස්සේ අර Food City කාරයා ගණන් වැඩි කරත් කුණු බඩු විකුණුවත් ගමේ උන්ට කන්න වෙන්නේ ඒකෙන් තමයි. මොකද ඌ ගමේ මාකට් එක අල්ලලා ඉවරයි. අන්න ඒක තමයි අපේ රටට උනේ. දැන් ඉතින් අපිට හැමදේම පිට රටින් එනකම් ඉන්න වෙලා, අපි පිටරටවල වහල්ලු වෙලා. සංවර්ධන ව්‍යපෘති කොයි ආණ්ඩුව ආවත් කරනවා, ඒත් රටට හිතැති ජාතික ප්‍රතිපත්තියක් සහිත දේශීය ආර්ථිකයක් ගොඩනගන්න කාටවත් ඕනේ නැ. කොටින්ම රටේ මිනිස්සුන්ටවත් ඕනේ නැ. ලිං මැඩියෝ වගේ මේ ක්‍රමය තමයි හොඳම කියලා හිතන් ඉන්නේ.
     
    muugenum daara ithwek puke aththe JR ta baninakota mechara pal haali liyanna tharam ridenna

    mama kiwwe naa JR withrai hora kiyala ,elagata apu chandrikala ,mahindala,ranilath lankawa kaawa,JRta thamai mata hithena widiyata lankawa loke powerful ratak karanna godakma chance eka thibbe,JR moko kare mathinige haal polu chanda gunduwata deela wiwurtha arthuke genalla rata wattuwa

    open economy eka waradi kiyala neme mama kiwwe,eken une lankawwe hadeegena apu bussiness tikath nathi wela giya

    JR kale thamai kalu juliya,koti apu eka,wage lankawe critical dewal okkoma une,JR moko kale
    owa asse widayaka janadipathi kama hadagaththa

    kawru kiwwath JR ratata wadak kara kiyala,ratata kelewenna patan gaththe JR ge kalen passe
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මේ ආකාරයේ ලිපි මීට පෙරත් එළකිරියේ තිබුනා. මම ඒවාට ප්‍රතිචාර දැම්මා. මේ පහලින් තියෙන්නේ ඒවායින් කිහිපයක් Cut & paste කරලා. ලංකාවේ දේශපාලනය හෝ මෑත ඉතිහාසය ගැන උනන්දුවක් නැති අය මේක කියවන්න කරදර වෙන්න එපා . සමහර කොටස් කාගේ හෝ ප්‍රතිචාරයකට ලියාපු පිළිතුරක් විය හැකි බැවින් අග මුල තේරුම් ගැනීමට අපහසු විය හැකියි. තනි පොස්ට් එකකට දිග වැඩි නිසා පොස්ට් 2 කට දානවා.

    //ජේ ආර් 1977 දී අගමැතිකමට එනකොට රජයේ ඉඩම් සංචිතයේ ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තක්. ඒවා 1972 දී LRC (Land Reform Commission) එකෙන් රජයට පවරා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ සමාගම් වලටත්, ලාංකික වතු හිමියන් සුළු ප්‍රමානයකටත් අයිතිව තිබූ බහුතර තේ, රබර් සහ පොල් වතුයි. ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කර සියලුම රන් පවුම් වතු රාජසන්තක කිරීම ඉහත LRC මගින් සිදු කළා. ඒ සියළුම වතු ඉතාම ඉහල නඩත්තුවක් සහිතව පවත්වාගෙන ගිය අතර , ඉතාම ඉහල ආදායමක් ලබා ගත්තා. (ඒ ආදායම ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ද්‍රව්‍ය 3 යි. ) ඒ වතු හිමියන් හෝ පාලකයන් කිසිවෙකු තමන්ගේ මාසික වේතනය වෙනුවෙන් රැකියාව කල අය නොවෙයි. වතු වගාව ඔවුන්ගේ passion එකක් කීම නිවැරදියි. (මෙතැනදී සුදු ජාතිකයන් කල කී දේවල් උසස් කොට අපේ ජාතිය පහත් කරනවා නොවෙයි, එහි ඇත්ත තත්වය ඒකයි) නමුත් වතු ජනසතුවෙන් පසු රජයේ හිතවත්කම පමණක් සුදුසු කම ලෙස සලකා පත්කළ ජනවසම, උසවසම වතු අධිකාරී වරු වතු සියල්ලම විනාශ කළා. වතු වල නඩත්තුව සඳහා ලැබෙන මුදල් වංචා කර පොහොර නොයෙදීම බොහොම සුලභ දෙයක් වෙලා තිබුනා. රන් බිත්තර ලන තාරාවා මරා උගේ බඩේ තියන බිත්තර ගන්න ගිය කතාව මෙතනට ඉතාම හොඳට ගැලපෙනවා. 1977 වනවිට වතු වල ඉතිරි වූ දෙයක් තිබුනානම් ඒ සොරකම් කල නොහැකි තරම් විශාල දෙයක් පමණයි. බොහෝ වතු පාඩු පිට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින් නඩත්තු වූ අතර තවත් බොහොමයක් මුළුමනින්ම වසා දමා තිබුනා. ඉතින් JR බලයට එනකොට මුළු ලෝකයේම අංක එකට තිබුන Ceylon Tea නිපදවාපු, රජයේ විශාලතම විදේශ විනිමය උපදවාපු වතු වෙනුවට රජයේ මුදලින් නඩත්තු කල යුතු කම්කරුවන් සහිත හරිහමන් ආදායමක් නොලැබෙන ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තයි. //

    ඕස්ට්‍රේලියන් පුරවැසියෙක් වෙච්ච ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. අපේ රටේ හදපු දේවල් බාල උනත් ඒවා අපේ රටේ. පිටරටට අපේ සල්ලි යන්නේ නැනේ එතකොට. චිනෙත් හැදුවේ බාල බඩු, එහෙමයි කියලා ඒවා විකිනෙන්නේ නැද්ද? ගෙදර හදන කෑම එකට වඩා හොටෙල් එකක කෑම රසයි කියලා අපි හැමදාම හොටෙල් එකෙන් කෑවොත් මොකද වෙන්නේ? සුද්දා මේ රටට එන්න කලින් මේ රටේ මිනිස්සු කාලා ඇඳලා හිටියේ නැද්ද? ඕනෑම ඕනෑම ආණ්ඩුවක අඩුපාඩු තියෙනවා. ඒත් ජේ ආර් කරපු දේ හරි කියල බැ. අපි Open Economy එහෙකට යන්න කලින් අපේ රටේ ඇතුලේ ආර්ථිකය හදලා ඉන්න ඕනේ Open Economy එකට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට. සිරිමාවෝ ආණ්ඩුව උත්සහ කරේ ටික ටික ඒ තැනට රට ගෙන්න. ඒත් අද වගේම එදත් අපේ මිනිස්සුන්ට බඩගින්න ලොකු උනා. ඉවසන්න බැරි උනා. ඔයත් ගොඩක් තැන්වල කියලා තියෙනවා කන්න තිබුනේ නැ අරක නැ මේක නැ කියලා. ඕක තමයි ප්‍රශ්නේ. ලෝකේ දියුණු උන හැම රටක්ම දියණු උනේ විශාල කැපකිරීම් කරලා. සුද්දන්ගේ සහිරකාරයෝ ගිහින් දාපු රටක ජිවත් වෙන ඔයාට ඕවා තේරෙන්නේ නැතුව ඇති. දේශීයව හිතන්න දේශීය දේ අගය කරන්න බැරුව මේ රට ගොඩගන්න බැ. පිට රටවල් තමයි හොඳම සුද්දා තමයි සුපිරි කියලා හිතන් ඉන්න වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ නැතුව මේ රට ගොඩගන්න බැ.
     
    • Love
    Reactions: Heisenberg

    hariyata hari bn,munta mee bandaranayaka sinhalaen adyapana denna kiwwa eka thamai lokuma waradda wela thiyenne,bandaranayaka karapu ekawaradi,ee unata ehemakara kiyala igenaganna puluwanekage igeneema nawathune naane

    JR karapu winase penne naa mooda harakta,anthime ratatath garahala rata paninawa

    මහා ලොකුවට Heisenberg කියලා නමක් දාගෙන ඉන්න එකා කාගේ හරි දේශපාලන කුහකකමට සහ JR විරෝධයට , කොහේ හරි දාපු පොස්ට් එකක් ගෙඩි පිටින් උස්සලා තමන්ගේ තියෙන JR විරෝධයට සහ දේසපාලන කුහකකමට ගෙඩි පිටින් පල කරන එකෙක් !!! ...(උපුටා ගැනීමකි කීවට උපුටා ගත්තු තැන වත් දාල නැහැ)

    ඉතින් උඹ මහ ලොකු දන්නා එකා ???..දැන් ඔය පොස්ට් එක හරි කියලා උඹ දන්නා නිසානේ දැම්මේ ?...මම කියන දේවල් වලට තර්කානුකුල පිළිතුරක් නොදී නිකන් ගොන් කතා කීවට වැඩක් නැහැ බන් ..උඹෙන් ඉගෙනගන්න මට අවශ්‍යත් නැහැ.. ඒත් බොරුවට Heisenberg වගේ විද්‍යාඥයෙක් ගේ නමක් Copy paste කරලා දාගෙන බොරුවට රඟපාලා දේසපාලන කුහකකම පෙන්නන්න මට අවශ්‍ය නැහැ ...

    මම JR සම්පුර්ණයෙන් හරි කියන්නෙත් නැහැ..ඒත් රටේ සංවර්ධනයට ගොඩක් දේවල් වුනා ඒ කාලේ ,,,, කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ,ජල විදුලි බලාගාර ,යටිතල පහසුකම් සංවර්ධනය, රුපවාහිනී සේවා ආරම්භය ,විදේශ රටවල් (බටහිර සහ ජපානය)සමග සහයෝගයෙන් කටයුතු කිරීම ,කර්මාන්ත පුර ආශ්‍රිතව රැකියා නිෂ්පාදනය ,දිළිඳුකම පිටු දැකීමට ජනසවිය (දැන් ඉන්න අය සමුර්ධි කියලා ඒ ක්‍රමයම තමයි පවත්වාගෙන යන්නේ)සහ ගම් උදාව (ප්‍රේමදාස),මහපොළ ශිෂ්‍යත්වය(ඇතුලත්මුදලි) වගේ .... JR කියන්නේ උඹ කියනවා වගේ නරකම කරපු එකෙක් නෙවි බව සිහි බුද්ධියක් ඇති ඕනෙම වැඩිහිටියෙක් දන්නවා ..සමහරවිට උඹ ළදරුවෙක් නිසා දන්නේ නැතිව ඇති !

    ලැජ්ජයි බන් උඹ වගේ පොරක් අර Heisenberg වගේ විද්‍යාඥයෙක් ගේ නමක් දාගෙන ඉන්නවට (එහෙම බැලුවොත් උඹේ නමත් Copy & Paste )

    ...තවත් එකක් ඔය දැන් ඉන්න දෙසප්රේමය පුරෝගත්තු හොරු වගේ සංවර්ධන ව්‍යාපෘති වලින් JR මාටියා ගැහුවේ වත් පවුල්වල ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම දේසපාලනයටයි, රටේ සහ විදේශ සේවයේ ඉහල තනතුරු වලටයි ගත්තේ වත් නැහැ

    තව කිව යුතු බොහෝ දේවල් තිබුනට උඹට වගේම මටත් වෙලාව නැහැ බන් !
    oya athal,JR ta wada mage username ekeda awula:lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඕස්ට්‍රේලියන් පුරවැසියෙක් වෙච්ච ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. අපේ රටේ හදපු දේවල් බාල උනත් ඒවා අපේ රටේ. පිටරටට අපේ සල්ලි යන්නේ නැනේ එතකොට. චිනෙත් හැදුවේ බාල බඩු, එහෙමයි කියලා ඒවා විකිනෙන්නේ නැද්ද? ගෙදර හදන කෑම එකට වඩා හොටෙල් එකක කෑම රසයි කියලා අපි හැමදාම හොටෙල් එකෙන් කෑවොත් මොකද වෙන්නේ? සුද්දා මේ රටට එන්න කලින් මේ රටේ මිනිස්සු කාලා ඇඳලා හිටියේ නැද්ද? ඕනෑම ඕනෑම ආණ්ඩුවක අඩුපාඩු තියෙනවා. ඒත් ජේ ආර් කරපු දේ හරි කියල බැ. අපි Open Economy එහෙකට යන්න කලින් අපේ රටේ ඇතුලේ ආර්ථිකය හදලා ඉන්න ඕනේ Open Economy එකට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට. සිරිමාවෝ ආණ්ඩුව උත්සහ කරේ ටික ටික ඒ තැනට රට ගෙන්න. ඒත් අද වගේම එදත් අපේ මිනිස්සුන්ට බඩගින්න ලොකු උනා. ඉවසන්න බැරි උනා. ඔයත් ගොඩක් තැන්වල කියලා තියෙනවා කන්න තිබුනේ නැ අරක නැ මේක නැ කියලා. ඕක තමයි ප්‍රශ්නේ. ලෝකේ දියුණු උන හැම රටක්ම දියණු උනේ විශාල කැපකිරීම් කරලා. සුද්දන්ගේ සහිරකාරයෝ ගිහින් දාපු රටක ජිවත් වෙන ඔයාට ඕවා තේරෙන්නේ නැතුව ඇති. දේශීයව හිතන්න දේශීය දේ අගය කරන්න බැරුව මේ රට ගොඩගන්න බැ. පිට රටවල් තමයි හොඳම සුද්දා තමයි සුපිරි කියලා හිතන් ඉන්න වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ නැතුව මේ රට ගොඩගන්න බැ.

    ඔයා කියලා තියන සමහර දේවල් මම පිලිගන්නවා. මම පැහැදිලිවම කියලා තියනවා ඉන්දියාව අද ඉන්නා තැනට ආවේ ඔය කියන සංවෘත ආර්ථිකයක් වෙනුවෙන් කල කැප කිරීම් වල ප්‍රතිඵලයක් හැටියට බව. නමුත් කිසිම තිබුනේ දෙයක් නැති ඉන්දියානුවන්ට කැප කරන්න දෙයක් තිබුනේ නැහැ. සංවෘත ආර්ථිකයකින් ලංකාව දියුණු කරන්න බැරි බව ඒ ක්‍රමය හඳුන්වා දුන් බණ්ඩාරනායක මැතිනියම 1975 පමණ වන විට තේරුම් ගත්තා. ඉන් පසු ක්‍රමයෙන් ආර්ථිකය විවෘත කිරීමට උත්සාහ කළා ඊට විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් හැටියට ඇන් ඇම් පෙරේරා රජයෙන් සහ මුදල් ඇමති කමින් ඉවත් උනා/කළා. ඒ කාලයේ අත්දැකීම් නැති කෙනෙකුට ආහාර හිඟය හෝ වෙනත් අත්‍යවශ්‍ය දේ වල හිඟය ගැන සහ රටේ තත්වය ගැන පොතපතින් කියවලා තේරුම් ගන්න බැහැ. කවදාවත් බඩගින්නේ හිටපු නැති කෙනෙක්, එකල මිනිසුන්ට බඩගින්න ලොකු උනා කීම වැරදියි. ජේ ආර් ට 5/6 බලයක් ලැබීම රටක් වශයෙන් (ප්‍රබල විපක්ෂයක් නොමැතිව) හොඳ කාරණයක් නොවෙයි. නමුත් ඊට හේතු උනේ බඩගින්න කියන එක බව නම් මට අමතක වෙන්නේ නැහැ.

    මේ කතාවට අදාළ නැති උනත් ඔස්ට්‍රේලියාව ගැන ඔයාගේ තියන අදහස ගැනත් වචනයක් කියන්නම්.
    වසර 2500 ක අඛණ්ඩ ඉතිහාසයක් සහ බෞද්ධ හැදියාවක් තියනවා කියන අපේ රටට වඩා, වසර දෙසීයකට පෙර සුද්දෝ හිරකාරයෝ ගෙනත් දාපු රටක වෙනස මොකක්ද කියන එකත් බොහොම සරල දෙයක්. හිරකාරයන්ගෙන් පැවත ආවත්, විවිධ ජාතීන් 140-150 ප්‍රමාණයකින් සමන්විත උනත්, මෙහෙ රටේ සැමටම එක නීතියක් තිබීමත්, සියලු දෙනා නීතිගරුකව ජීවත් වීමත් (නීති කඩන අය ඉන්නවා, නමුත් ඒ අයට දඬුවම් ලැබෙනවා) අනුන්ගේ දේවල් ගැන හොයන්නේ නැතිව තමන්ගේ දේවල් බලා කියාගෙන ඉඳීමත්, ඒ වගේම සියල්ලන්ම තමන්ගේ වගකීම එක හා සමානව ඉෂ්ඨ කිරීමත් (ටැක්ස් ගෙවීම) සිදු වෙනවා. රජයත්, රජයක් මගින් සිදු කල යුතු යුතුකම් මහජනතාව වෙනුවෙන් ඉටු කරනවා.

    // පිට රටවල් තමයි හොඳම සුද්දා තමයි සුපිරි කියලා හිතන් ඉන්න වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ නැතුව මේ රට ගොඩගන්න බැ.//
    අපි හිතන්න ඕනෑ එහෙම නොවෙයි. පිට රටවල් හොඳ නම්, හොඳයි කියා කීමට මැලි නොවිය යුතුයි. අපේ අඩුපාඩු දැකීමටත්, ඒවායින් මිදීමටත් උත්සාහ කල යුතුයි. 'වහල් මානසිකත්වය' කියන්නේ හොඳ හොඳ හැටියටත්, ඇත්ත ඇත්ත හැටියටත් තේරුම් ගැනීමේ නොහැකියාවටයි.
    එතකොට අපි (ලංකාව ) දියුණු වෙනවා කියලා කියන්නේ, උතුරු කොරියාව වගේ වෙනවාටද එහෙම නැතිනම් කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ වෙනවාටද ? උත්තරය පසු කී රටවල් නම්, ඔය කියන වහල් මානසිකත්වයෙන් මිදුණු අයත් කියන්නේ සුද්දන් අපිට වඩා ඉහලයි කියන එකම තමයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මේ ආකාරයේ ලිපි මීට පෙරත් එළකිරියේ තිබුනා. මම ඒවාට ප්‍රතිචාර දැම්මා. මේ පහලින් තියෙන්නේ ඒවායින් කිහිපයක් Cut & paste කරලා. ලංකාවේ දේශපාලනය හෝ මෑත ඉතිහාසය ගැන උනන්දුවක් නැති අය මේක කියවන්න කරදර වෙන්න එපා . සමහර කොටස් කාගේ හෝ ප්‍රතිචාරයකට ලියාපු පිළිතුරක් විය හැකි බැවින් අග මුල තේරුම් ගැනීමට අපහසු විය හැකියි. තනි පොස්ට් එකකට දිග වැඩි නිසා පොස්ට් 2 කට දානවා.

    //ජේ ආර් 1977 දී අගමැතිකමට එනකොට රජයේ ඉඩම් සංචිතයේ ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තක්. ඒවා 1972 දී LRC (Land Reform Commission) එකෙන් රජයට පවරා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ සමාගම් වලටත්, ලාංකික වතු හිමියන් සුළු ප්‍රමානයකටත් අයිතිව තිබූ බහුතර තේ, රබර් සහ පොල් වතුයි. ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කර සියලුම රන් පවුම් වතු රාජසන්තක කිරීම ඉහත LRC මගින් සිදු කළා. ඒ සියළුම වතු ඉතාම ඉහල නඩත්තුවක් සහිතව පවත්වාගෙන ගිය අතර , ඉතාම ඉහල ආදායමක් ලබා ගත්තා. (ඒ ආදායම ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ද්‍රව්‍ය 3 යි. ) ඒ වතු හිමියන් හෝ පාලකයන් කිසිවෙකු තමන්ගේ මාසික වේතනය වෙනුවෙන් රැකියාව කල අය නොවෙයි. වතු වගාව ඔවුන්ගේ passion එකක් කීම නිවැරදියි. (මෙතැනදී සුදු ජාතිකයන් කල කී දේවල් උසස් කොට අපේ ජාතිය පහත් කරනවා නොවෙයි, එහි ඇත්ත තත්වය ඒකයි) නමුත් වතු ජනසතුවෙන් පසු රජයේ හිතවත්කම පමණක් සුදුසු කම ලෙස සලකා පත්කළ ජනවසම, උසවසම වතු අධිකාරී වරු වතු සියල්ලම විනාශ කළා. වතු වල නඩත්තුව සඳහා ලැබෙන මුදල් වංචා කර පොහොර නොයෙදීම බොහොම සුලභ දෙයක් වෙලා තිබුනා. රන් බිත්තර ලන තාරාවා මරා උගේ බඩේ තියන බිත්තර ගන්න ගිය කතාව මෙතනට ඉතාම හොඳට ගැලපෙනවා. 1977 වනවිට වතු වල ඉතිරි වූ දෙයක් තිබුනානම් ඒ සොරකම් කල නොහැකි තරම් විශාල දෙයක් පමණයි. බොහෝ වතු පාඩු පිට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින් නඩත්තු වූ අතර තවත් බොහොමයක් මුළුමනින්ම වසා දමා තිබුනා. ඉතින් JR බලයට එනකොට මුළු ලෝකයේම අංක එකට තිබුන Ceylon Tea නිපදවාපු, රජයේ විශාලතම විදේශ විනිමය උපදවාපු වතු වෙනුවට රජයේ මුදලින් නඩත්තු කල යුතු කම්කරුවන් සහිත හරිහමන් ආදායමක් නොලැබෙන ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තයි. //

    //මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි. ඒවායේ හොඳ හෝ නරක ගැන විවේචනයක් තිබුනේ නැහැ. මොකද වෙනත් තරඟකාරී විදේශීය නිෂ්පාදන කිසිවක් ලංකාවට ආනයනය නොකළ නිසා ඒවා හොඳ උනත් නරක උනත් තිබුනේ එච්චරයි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

    වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.

    සිරිමා බණ්ඩාරනායක රජය, උපාලි විජේවර්ධනගේ UMC මැස්ඩා එකේ සීට් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙද්දී කාර් වලට ඇනවුම් පවා ලබාගෙන තිබුන අවස්තාවක මුළු ව්‍යාපෘතියම අනාථ කිරීම තමයි ඒ රජයේ බලාපොරොත්තුව උනේ. කෙසේ නමුත් ලංකාවේ එවකට තිබුන ජපන් සමාගමක තිබුන මැස්ඩා (ජපානයේ හදාපු) වාහනයක ආසන ගලවා සාම්පල් ලෙස භාවිතා කරලා ඒ ආසන ලංකාවේම හැදුවා. ඉන්පසුවත් මේ වාහන ලංකාවේ ලියාපදිංචි කිරීමටත් බාධා පැමුනුවා.
    70-77 කාලේ විශාල නියඟයක් තිබුනා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කාල සීමාවේ මගේ වයස අවුරුදු 8-15 දක්වායි. හැම වසරකම මෝසම් වැස්සට පෙර එන සාමාන්‍ය නියඟය මිසක් විශේෂිත නියඟයක් මම දන්නේ නැහැ. ඔය කියන වගා කිරීම් තියා සුද්දන් ඉතාම ඉහලින් නඩත්තු කරගෙන ආපු තේ වතු සියල්ලම LRC එක හරහා රජයට පවරාගෙන විනාශ කල බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.//

    //මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

    එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

    1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

    රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

    අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

    කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

    1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.//

    ඉතිං බං තිබ්බ සිස්ටම් එකේ වැරදි හදල ඊට වඩා හොඳ එකක් ගේන එකනේ ඊලඟට එන කෙනා කරන්න ඕනෙ...
    ජේ.ආර්. කරේ තිබ්බ සිස්ටම් එකටත් වඩා කුජීත සිස්ටම් එකක් ගෙනාපු එකනේ?
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඔයා කියලා තියන සමහර දේවල් මම පිලිගන්නවා. මම පැහැදිලිවම කියලා තියනවා ඉන්දියාව අද ඉන්නා තැනට ආවේ ඔය කියන සංවෘත ආර්ථිකයක් වෙනුවෙන් කල කැප කිරීම් වල ප්‍රතිඵලයක් හැටියට බව. නමුත් කිසිම තිබුනේ දෙයක් නැති ඉන්දියානුවන්ට කැප කරන්න දෙයක් තිබුනේ නැහැ. සංවෘත ආර්ථිකයකින් ලංකාව දියුණු කරන්න බැරි බව ඒ ක්‍රමය හඳුන්වා දුන් බණ්ඩාරනායක මැතිනියම 1975 පමණ වන විට තේරුම් ගත්තා. ඉන් පසු ක්‍රමයෙන් ආර්ථිකය විවෘත කිරීමට උත්සාහ කළා ඊට විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් හැටියට ඇන් ඇම් පෙරේරා රජයෙන් සහ මුදල් ඇමති කමින් ඉවත් උනා/කළා. ඒ කාලයේ අත්දැකීම් නැති කෙනෙකුට ආහාර හිඟය හෝ වෙනත් අත්‍යවශ්‍ය දේ වල හිඟය ගැන සහ රටේ තත්වය ගැන පොතපතින් කියවලා තේරුම් ගන්න බැහැ. කවදාවත් බඩගින්නේ හිටපු නැති කෙනෙක්, එකල මිනිසුන්ට බඩගින්න ලොකු උනා කීම වැරදියි. ජේ ආර් ට 5/6 බලයක් ලැබීම රටක් වශයෙන් (ප්‍රබල විපක්ෂයක් නොමැතිව) හොඳ කාරණයක් නොවෙයි. නමුත් ඊට හේතු උනේ බඩගින්න කියන එක බව නම් මට අමතක වෙන්නේ නැහැ.

    මේ කතාවට අදාළ නැති උනත් ඔස්ට්‍රේලියාව ගැන ඔයාගේ තියන අදහස ගැනත් වචනයක් කියන්නම්.
    වසර 2500 ක අඛණ්ඩ ඉතිහාසයක් සහ බෞද්ධ හැදියාවක් තියනවා කියන අපේ රටට වඩා, වසර දෙසීයකට පෙර සුද්දෝ හිරකාරයෝ ගෙනත් දාපු රටක වෙනස මොකක්ද කියන එකත් බොහොම සරල දෙයක්. හිරකාරයන්ගෙන් පැවත ආවත්, විවිධ ජාතීන් 140-150 ප්‍රමාණයකින් සමන්විත උනත්, මෙහෙ රටේ සැමටම එක නීතියක් තිබීමත්, සියලු දෙනා නීතිගරුකව ජීවත් වීමත් (නීති කඩන අය ඉන්නවා, නමුත් ඒ අයට දඬුවම් ලැබෙනවා) අනුන්ගේ දේවල් ගැන හොයන්නේ නැතිව තමන්ගේ දේවල් බලා කියාගෙන ඉඳීමත්, ඒ වගේම සියල්ලන්ම තමන්ගේ වගකීම එක හා සමානව ඉෂ්ඨ කිරීමත් (ටැක්ස් ගෙවීම) සිදු වෙනවා. රජයත්, රජයක් මගින් සිදු කල යුතු යුතුකම් මහජනතාව වෙනුවෙන් ඉටු කරනවා.

    // පිට රටවල් තමයි හොඳම සුද්දා තමයි සුපිරි කියලා හිතන් ඉන්න වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ නැතුව මේ රට ගොඩගන්න බැ.//
    අපි හිතන්න ඕනෑ එහෙම නොවෙයි. පිට රටවල් හොඳ නම්, හොඳයි කියා කීමට මැලි නොවිය යුතුයි. අපේ අඩුපාඩු දැකීමටත්, ඒවායින් මිදීමටත් උත්සාහ කල යුතුයි. 'වහල් මානසිකත්වය' කියන්නේ හොඳ හොඳ හැටියටත්, ඇත්ත ඇත්ත හැටියටත් තේරුම් ගැනීමේ නොහැකියාවටයි.
    එතකොට අපි (ලංකාව ) දියුණු වෙනවා කියලා කියන්නේ, උතුරු කොරියාව වගේ වෙනවාටද එහෙම නැතිනම් කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ වෙනවාටද ? උත්තරය පසු කී රටවල් නම්, ඔය කියන වහල් මානසිකත්වයෙන් මිදුණු අයත් කියන්නේ සුද්දන් අපිට වඩා ඉහලයි කියන එකම තමයි.

    හොඳ දේට හොඳයි කියන්න ඕනේ තමයි, හැබැයි ඒ තමන්ගේ රටේ දේවල් පහත් කරලා නෙමෙයි. මේක ගොඩගන්න බෑ මේක අතැරලා දාමු කියන මානසිකත්වයෙන් තමයි දැන් ගොඩක් අය ඉන්නේ. ඒකනේ හැමෝම රට යන්න දගලන්නේ. ඒක නිකන් තමන්ගේ ගෙදර හොද නැති නිසා අනුන්ගේ ගෙදරක කුලියට ඉන්නවා වගේ වැඩක්. (හැබැයි ඒ රටවල්වල මොකක් හරි ප්‍රශ්නයක් උනොත් රට ජාතිය මතක් වෙලා මෙහෙ දුවන් එනවා :lol: ) එහෙම නෙමෙයි අපි උත්සහ කරන්න ඕනේ මේ රට ගොඩගන්න එත් රටේ ජාතියේ අවාසනාවට එකෙක්වත් දන්නේ නැ චන්ද බලය කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය චන්දෙ දෙන්නේ බඩ ගැන ජොබ් ගැන ආර්ථික වාසි වගේ දේවල් ගැන හිතලා. එහෙම පුලුවන්ද රටක් හදන්න. මිනිස්සු එහෙම හිතනකම් මේ රටේ පාර්ලිමේන්තුව හොරුන්ගේ දුෂකයන්ගේ පාරාදීසයක් වෙලා තියේවි.

    අපේ රට අලුත් නීතියක් අලුත් අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් රට ගැන හැගීමක් ඇති කරන්නේ නැ. තනිකර වහල්ලු ටිකක් බෝ කරන්නේ. නීතියක් කියලා එකක් තියෙනවා තමන්ගේ බලය සහ සල්ලි මත හසුරවන්න පුළුවන් තමන්ට ඕනේ විදියට. මේ රටට අලුත්ම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ ඒක හැමෝටම පොදු එකක් කිසිම ජාතියකට වැඩිපුර වාසි නොවෙන විදියට. (මහ ජාතිය කියල අපිට උඩ පනින්න බැ) මේ මොනා කරන්නත් අපිට හොඳ නායකයෙක් ඉන්න ඕනේ කොන්ද කෙලින් තියෙන මොනම හේතුවක් නිසාවත් රටට යහපත් තීරණ වෙනස් කරන්නේ නැති. රට ජාතිය ගැන හිතන කෙනෙක් වෙන්න ඕනේ. ජනතාවත් පටු පුද්ගලික වාසි ගැන හිතන්නේ නැතුව එකා වගේ ඉන්න ඕනේ මේ රට මොන දේ කැප කරලා හරි ගොඩගන්නවා කියන දැඩි මතයක. අන්තිමට කියන්න ඕනේ රටට කෙලින්න හදන එකෙක්වත් හිරගෙවල් වල දාලා හුරතල් නොකර කෙලින්ම ඉවරයක් කරලා දාන්න ඕනේ. විෂබීජ සුද්ද කරලම දාන්න ඕනේ. පුංචිම මුලක්වත් ඉතුරු කරන්නේ නැතුව.