ජොන්සන්_පිළිකා
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්නේ පරෙස්සමෙන්..
ජොන්සන් සහ ජොන්සන් පවුඩර් පිළිකා කාරකයි - කතකට කෝටි 1000ක් වන්දි ගෙවයි
ජොන්සන් බේබි පුයර(Johnson's Baby Powder) භාවිතය හේතුවෙන් ඩිම්බකෝෂ පිළිකාවක් වැළදී මියගිය කාන්තාවක් වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 72 ක(Rs10,385.15 million) මුදලක් ගෙවීමට මිසුරි ප්‍රාන්ත අධිකරණය ලෝකප්‍රකට ජොන්සන් සහ ජොන්සන්(Johnson & Johnson) සමාගමට නියෝග කර තිබේ.
බර්මින්හැම්, ඇලබාමා හි ජීවත් වූ ජැකොලින් ෆොක්ස්(Jacqueline Fox) වසර 35 කට වඩා වැඩි කාලයක් කුඞා ළමුන් සදහා භාවිත කරන ජොන්සන් පව්ඩර් සහ ෂවර් ටු ෂවර්(Shower to Shower) නමැති නිෂ්පාදනය පාවිච්චි කර තිබෙනවා. මීට වසර තුනකට පෙරයි ඇයට ඩිම්බකෝෂ පිළිකාවක් (Ovarian Cancer) වැළඳී ඇති බව හදුනාගෙන ඇත්තේ. පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඇය මිය ගොස් ඇත්තේ 62 වන වියේ පසුවෙද්දීයි.
මේ අතර ටැල්ක්(පුයර නිෂ්පාදනයට යොදා ගනී) පදනම් කරගත් නිෂ්පාදන මගින් පිළිකා ඇති විය හැකි බවට පාරිභෝගිකයින් හා වෙනත් පාර්ශව අනතුරු ඇඟවීම් කර තිබුණා. එහෙත් ජොන්සන් සහ ජොන්සන් සමාගම ඒ පිළිබද කිසිදු අවධානයක් යොමු නොකර තම නිෂ්පාදන අලෙවිය ඉහල නංවා ගැනීමට පමණක් ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව වංචාව, නොසැලකිල්ල සහ කුමන්ත්රණ කිරීමේ චෝදනාවලට යටත් කොට මිසුරි අධිකරණයේ ජුරි සභාව ජැකොලින් ෆොක්ස්ගේ පවුලේ අයට අදාළ වන්දිය ගෙවන ලෙස ජොන්සන් සහ ජොන්සන් සමාගමට නියෝග කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මිසූරි ප්රාන්ත අධිකරණය හමුවේ නඩු 1000 ක් සහ නිව් ජර්සි හි තවත් නඩු 200 ක් ගොනු කර ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

Last edited:

. දැන් කට්ටිය බොරුවටත් නඩු දමයි
. කොහොම හරි J&J ල ඕකට appeal කරයි