ජොන් ස්නොව්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Game of thrones එකේ ජොන් ස්නොව් මුකුත් දන්නෑ කිව්වට මේ ඉන්නේ ජොන් ස්නොව්.. වෛද්‍ය විද්‍යාඟයෙක්

    240px-John_Snow.jpg


    ඔහු ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක්. නිර්වින්දනය හා සනීපරක්ෂක ක්‍රම වේදය සොයා ගැනීම වෙනුවෙන් ගෞරවය හිමි වන්නේ ඔහුටය. නමුත් ඔහු වැඩියෙන්ම ගෞරවයට පාත්‍ර වන්නේ නූතන වසංගත රෝග වෛද්‍ය විද්‍යාවේ පියා කියලා.

    1813 වර්ෂයේ යෝක් ප්‍රාන්තයේ, ගල් අඟුරු පතලක වැඩ කරන කම්කරුවෙකුගේ පුතෙකු ලෙස උපත ලබනවා.

    මොහු කුඩා කාලයේ සිටම ඔහු යම් යම් දේ පිළිබඳ දක්වන උනන්දුවත්, යම් දෙයක් අවබෝධ කර ගැනීමට දක්වන දක්ෂතාවයත් නිසා ඔහුගේ මව ඔහුවපෞද්ගලික පාසලකට යොමු කරවනවා.අවුරුදු 14 දී,ඔහු ආචාර්ය විලියම් හාර්ඩ්කස්ට්ල් වෙත ආධුනික ශිෂ්‍යයෙකු ලෙස බඳවා ගැනෙනවා.ඔහුට ඉතා විශිෂ්ඨ විශ්ලේෂණ හැකියාවක් තිබුණා. බොහෝ අය නොසලකා හරින දල විස්තර ඔහු විසින් සූක්ෂම ලෙස විශ්ලේෂණය කර විසඳුම් සොයා ගැනීමේ දුර්ලභ හැකියාවක් ඔහු සතු විය.

    ඔහුගේ වයස අවු 18 එනම් 1831 වර්ෂයේ, ලන්ඩනය පුරා කොළරාව පැතිරුණා. දහස්ගණනින් මිනිස්සු මියදෙන්න පටන්ගත්තා. මේ වෙනකොට ඔහු ඔහුගේ ආධුනික ධූර කාළයේ 4 වන අවුරුද්ද ගෙවමින් සිටී.

    කොළරාවේ මූලික ලක්ෂණ වන අරුචිය, ඔක්කාරය සහ අතීසාරය වන අතර අවසානයේ විජලනය මඟින් මරණයට පත්වේ.ඔහුගේ ගුරුවරයා වන වෛද්‍ය හාර්ඩ්කාස්ල් සහ ඔහු කොළරාව වැළඳුන බොහො දෙනෙකුට ප්‍රතිකාර කළා. නමුත් සාමාන්‍ය ප්‍රතිකර්ම එකකටවත් කොළරාව ඔරොත්තු දුන්නේ නෑ. 1832 පෙබරවාරි මාසයේ කොළරාවසංගාතය අවසන් වූයේ 50,000 අධික මිනිස් ජීවිත බිළි ගනිමිනුයි.

    ඉන් පසු ඔහු තමාගේ එම්.ඩී. උපාධිය අවසන් වීමෙන් පසු. ලන්ඩන් වෙත සංක්‍රමණය වුනා. එහිදී ඔහු වෛද්‍ය පර්යේෂන වල නියැලෙමින් නිර්වින්දනය හා එහි බලපෑම ගැන සොයා ගැනීම් සිදුකලා.

    ස්නොව්ගේ කාලයේ ගොඩක් වෛද්‍යවරු සිතුවේ කොළරාව පැතිරෙන්නේ වායුවකින් කියලා. මේ වායුව පතල් තුළින්, කුණුගොඩවල් වලින් නිපදවන මියස්මා වායුව වේ. නමුත් ස්නොව් මෙය විශ්වාස කළේ නෑ. මොකද වසංගත කාළවකවානුව තුළ බොහෝ පතල් කරුවන් නිරුපද්‍රිතව සිටියා.ඔහු සිතුවා මෙය පැතිරෙන්නේ විෂබීජයක් මඟින් කියලා.

    1848 වර්ෂයේ නැවත කොළරාව හිස එසෙව්වා. එවිට ඔහු 35 වන විය පසුකරමින් සිටියා. වසංගතයෙ පැතිරීම අධ්‍යනය කිරීමටත එමඟින් ස්තීර විසඳුමක් සෙවීමටට් ඔහු තීරනය කළා .
    ඔහුගේ පළමු රෝගියා වූයේ හැරොල්ඩ් නම් නාවික වෙලෙන්දෙක්. දින කිහිපයක් ඇතුලත ඔහු මිය ගියා. ඉන්පසු තවත් රෝගියෙක් ,කලින් වෙලෙන්දා නැවතී සිටි කාමරයෙම කෙනෙක්, ඔහුත් දින කීපයක් ඇතුලත මිය ගියා. මෙමඟින ඔහු තොරතුරු රාශියක් අධ්‍යනය කලා.

    ස්නොව් රෝගීන් බොහෝ දෙනෙක් අධ්‍යනය කළා, ඒ රෝගීන් හැමෝගෙම වගේ පළමු රෝග ලක්ෂණය වුනේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවය. එමඟින් ඔහු නිගමනයකට එළඹුනා, රෝගය ශරීරයට ඇතුල් වන්න ඇත්තේ අපිරිසිදු ආහාර හෝ අපිරිසිදු ජලය මඟින් බවට.එනම් මීසම් වායු න්‍යායට අනුව, රෝගය පැතිරෙන්නේ අපිරිසිදු වායුව හරහා නම් ඉස්සෙල්ලම රෝග ලක්ෂණ පහල වන්න ඕන නහයේ හෝ පෙනහල්ල ආශ්‍රිතව.

    1849 අගෝස්තු මාසයේ ඔහු විසින් තම අධ්‍යන වාර්තා එළි දැක්වූවා. එය පිටු 39කින් සමන්විත වුනා.එහි එක් තැනක ඔහු උදාරනයක් ලෙස එක්තරා සිදුවීමක් දක්වා තිබුණා. " ලන්ඩන් වල එකිනෙකට මුහුණ ලා තිබුණු නිවාස පේලියක් තිබුණා. එක පැත්තක සියල්ලෝම වසංගතයට ගොදුරු වුන අතර, අනෙක් පස එකම එක රෝගියෙක් පමණයි. වසංගතයට ගොදුරු වූවන්ගේ නිවාස ආසන්නයේ අපිරිසිදු ජල දහරාවක් ගලා යාමත් ඒවා නිවෙස් අවට ලිං වලට පැතිරීයාමත් ඔහු දක්වා තිබුණා." නමුත් බොහෝ වෛද්‍යවරු මෙම විෂ බීජයක් මඟින් පැතිරෙනවා කියන න්‍යාය ප්‍රතික්ශේප කලා.ඉන්පසු ඔහු විෂ බීජය වෙනුවට විස යන වචනය භාවිතා කලා, එනම් ස්වයංව වර්ධනය වීමේ හැකියාවෙන් යුත්, අහාර ජීර්ණ පද්ධතියට හානි පමුණුවන, එමෙන්ම අපිරිසිදු ආහාර හෝ ජලය හරහා තවකෙකුට බෝ විය හැකි විෂක් ලෙසට දක්වා තිබුනා.

    ඔහුගේ මෙම වාර්ථාව සමකාලීනයට තරමක බලපෑමක් ඇතිකලා.1849 සැප්තැම්බර් මාසයේ ලන්ඩන් වෛද්‍ය සඟරාව මඟින් ස්නොව්ගේ උත්සහය පිළිබඳ සමාලෝචනයක යෙදුනා. එහිදී ඔවුන් විසින් කියා සිටියේ සමහර විට ජල මූලාශ්‍ර ආශ්‍රිතව රෝගය ක්‍රියාතමක වීමේ හැකියාව ඇති මුත් ස්නොව්ගේ,ඔහුගේ අදහස් තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වුන බව.ඉන්පසු ඔහු දේශකයෙකු ලෙස තම මතය ප්‍රචාරය කිරීමට පටන් ගත්තා.

    1853 වසර වනවිට බ්‍රිතාන්‍ය වසංගත අවස්ථා රැසකට මුහුණ දී තිබුණා.ස්නොව් ඔහුගේ පර්යේෂන වල දිගටම යෙදී සිටියා. ඔහු විසින් එක් රැස් කරගත් දත්ත විශ්ලේෂනයේදී පෙනී ගියේ පානීය ජලය වසංගත පැතිරීයාමට ප්‍රබල මාධ්‍යක් බවය.
    ස්නොව් ගේ කොලරාව සම්බන්ධ න්‍යායට බොහෝ අය එකඟ නොවුනත්, ඔහුගේ නිර්වින්දය සම්බන්ධ පර්යේෂණ බොහෝ දෙනෙක් අගය කලා.

    1858 වර්ශයේදී ජූනි 16 ඔහු මිය ගියා. ඒ ඔහුගේ ආහාර පාලන රටාව නිසා.කෙසේ නමුත් 1860 වනතුරුම කිසිවෙකු මෙම විෂබීජ න්‍යාය 1 විශ්වාස කලේ නෑ.ඒ ප්‍රංශ රසායන විද්‍යාඟයෙකු වන ලුවී පාස්චර් විසින් ක්ෂුද්‍ර ජීවීන් මඟින් ලෙඩ රෝග ඇතිකරන බවට තහවුරු කිරීමෙන්.

    1884 වර්ෂයේදී ඒ ජර්මන් ජාතික ක්ෂුද්‍ර ජීව විද්‍යාඟ්‍යයෙක් වන රොබට් කෝච් විසින් සිදු කරන ලද සොයා ගැනීමත් සමඟම ස්නෝව්ගේ මතය තහවුරු වුනා. කෙසේ හෝ ජොන් ස්නොව් කරන ලද පර්යේෂන හා ඔහු ගේ කැපවීම හේතුකොට ගෙන ඔහු වසංගත රෝග විද්‍යාවේ පියා ලෙස සලකනු ලබයි.