ජොනී ඩෙප්ට වැලේ වැල් නැතිවෙන්න හදන කාලයක් ඇවිත්.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,239
    8,252
    113
    M-Town
    FB_IMG_1605198723204.jpg


    ජොනී ඩෙප්ට වැලේ වැල් නැතිවෙන්න හදන කාලයක් ඇවිත්. ගෙදර බිත්ති හතරට කොටු වෙලා තිබ්බ ගෑණිගෙයි මිනිහගෙයි ප්‍රශ්නයක් දැන් අන්තෝ ජටා බහි ජටා සිටුවේෂන් එකකට ඇවිත්. කාලයක් තිස්සේම ඇදුණු ප්‍රශ්නයක් දැන් ටික ටික පීක් වේගෙන එන්න පටන් අරගෙන. මේ වෛරස් අස්සේ හොලිවුඩ් වැඩත් නැවතිලා තියෙන එකේ මේ වගේ නිව්ස් එකකට දැන් වැඩි ඉඩක් තියෙනවා.

    සරලව කිවුවොත් සිද්ධිය මේකයි. ජොනී ඩෙප් 2015 ඉඳලා මැරි කරලා හිටියේ ඇම්බ' හ'ඩ් ව. දෙන්නා රෙඩ් කාපට් එකේදී, අවෝඩ් සෙරමනීස් වලදී ආදරෙන් වෙළිලා හිටියා. හැබැයි ගෙදර තත්ත්වය ඒ තරම් සුන්දරව තිබිලා නෑ. ඇත්තටම ගත්තොත් ඉතිං එහෙම රණ්ඩු සරුවල්, හිත් අමනාපකම් සිද්ධ නොවෙන පවුල් ජීවිත මේ ලෝකේ පවතින්න විදිහක් නෑ, එහෙම වෙන්න තියෙන චාන්ස් එක ඉතාම අඩුයි. දෙන්නා දෙමාල්ලෝ බත ඉදෙනකං රණ්ඩුවක් වෙන්න, තරහ වෙන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඒ රණ්ඩුව හිතාගන්න බැරි ලෙවල් එකකට ගිහින් දරුණු ගුටිබැට හුවමාරුවක් දක්වාම දුර දිග ගිහින් තියෙන එක.

    බැඳලා අවුරුද්දකින් ඇම්බ' ජොනීගෙන් ඩිවෝස් එක ඉල්ලනවා. උසාවියෙන් රිස්ට්‍රේනිං ඕඩ' එකක් පවා දෙනවා, මොකද ජොනී තමන්ට ඉමෝෂනල්, ව'බල් සහ ෆිසිකල් අබියුසිං කළා කියන චෝදනාව තමයි ඇම්බ' විසින් ඩිවෝස් එක ෆයිල් කරන්න හේතුව. රිස්ට්‍රේනිං ඕඩ' එක දුන්නේ තාවකාලිකව. ඒක හරියටම දාන්න නඩු වාරය කැඳවන්න කලින් දෙපාර්ශ්වයම ඒකමතික තීරණයකට ඇවිල්ලා, උඩ බලාගෙන කෙළ ගහගන්න ඕන්නෑ කියලා ඩොල' මිලියන හතක වන්දියකට ඩිවෝස් එක සෙට්ල් කරනවා. ප්‍රශ්නෙකට වුණේ, බිත්ති හතර අස්සේ සිද්ධිය පත්තරේ මුල් පිටුවට ආපු එක. ඒක සිද්ධ කරන්නේ එංගලන්තයේ ෆේමස් 'ද සන්' ටැබ්ලොයිඩ් එකෙන්. ආටිකල් එකේ ඔක්කොම විස්තර දැම්මාට පස්සේ වැඩේ ආයෙත් පත්තු වෙනවා.

    දෙන්නාම ආයෙත් එනවා උසාවි. නඩු වාර වලදී ඇම්බ' කෙළින්ම වෙච්චි දේවල් විස්තර කරනවා. දෙන්නා එකට සහයෝගයෙන් සිගරට් එක, ගංජා එක, ලයින් එක බෙදාගෙන උරපු කාලයක් නැතුවාම නෙවෙයි. (ඩ්‍රග්ස් ගත්ත එකට දෙන්නාට වෙනම කේස් එකක් වැටෙනවා.) ඒ වුණත් තමන් කාලයක් තිස්සේම ජොනීගේ පන්චිං බෑග් එක වෙලා හිටියා කියලා ඇම්බ' කියනවා. 2011 දී යාළු වුණ කාලේ ඉඳලාම පොඩ්ඩ ඇත්නම් කේන්ති ගිහින් ජොනීගෙන් ගුටිබැට ලැබුණු හැටි ඇම්බ' විස්තර කරනවා. ඒවා කෙළින්ම බෲටල් ගුටි බැට. අතට අහුවෙන හැමදේකින්ම දමලා ගහපු, අත පය ශරීරය නිල් වෙන්නම ගහපු සිද්ධි 12ක් 14ක් ගැන ඇම්බ' නඩු කූඩුවට නැඟලා කියනවා.

    ජොනී කාලයක් යාළු වෙලා හිටියේ විනෝනා රයිඩ' එක්ක. ටිම් බ'ට්න්ගේ 'Edward Scissorhands' බලලා තියෙනවා නම්, ඒකේ ඉන්නේ මේ කපල් එක. විනෝනා රයිඩ' කියන්නේ 'Stranger Things' එකේ අතුරුදහන් වුණු විල් බය'ස්ගේ අම්මාට රඟපාන නිළිය. කෙල්ල කාලේ පුදුම ලස්සනක්. ජොනීගේ ඇඟේ තාමත් තියෙනවා විනෝනාගේ නම ගහපු ටැටූ එකක්. දවසක් ඇම්බ' මේක පෙන්නලා ජෝක් එකක් කළාම ජොනීට කේන්ති ගිහින් ඇම්බ'ගේ මූණටම නෙළලා තියෙනවා තුන්පාරක්, බිම වැටෙන්නම. ඔය වගේ තවත් බෲටල් පහර දීම් ගැන ඇම්බ' කියනවා. ඒ ගුටි දෙන වෙලාවට ජොනී ඉන්නේ වෙරි මතිනුත් නෙවෙයි. ඒක නිසා වැඩේ තවත් කන්ෆියුසිං. ඒත් සන් ආටිකල් එකේ තියෙනවා ඩ්‍රග්ස් සහ ඇල්කහෝල් ඇති පදමට පාවිච්චි කරලාම දැන් නිකං හිටියත් ජොනීගේ සිහිය කොහොමත් තරමක් අවුට් ගිහින් තියෙන්නේ කියලා. තමන් සබ්ස්ටන්සස් වලට නැඹුරු වුණා කියන එක ජොනී පිළිගන්නවා. ජොනීගේ පැත්තෙන් මේ සියලු විස්තර රිජෙක්ට් කරනවා. සන් ටැබ්ලොයිඩ් එකට විරුද්ධව පහුගිය ජූනි මාසේ ජොනී නඩුත් කිවුවා. ඇම්බ' හ'ඩ් කාලයක් යාලු වෙලා හිටියා ටෙස්ලා ලොක්කා ඊලෝන් මස්ක් එක්ක. ඒ අෆෙයා එක පටන්ගත්තේ ජොනීගෙන් ඩිවෝස් වුණාට පස්සේ කිවුවට, ජොනී කියනවා බැඳලා හිටිය කාලෙත් දෙන්නා හොරෙන් මල් කැඩුවා කියලා.

    මේ කොහෙවත් ඉන්න නළුවෙක් ගෑණිත් එක්ක රණ්ඩු වෙලා කෙහෙවලු පටලවගත්තා කියලා රටේ නැති කුණුකන්දල් අපිට පාන්ද කියලා කාටහරි හිතෙන්න පුළුවන්. නෑ, මේ සිද්ධිය ඇතුළේ බලන්න වෙන පැති කිහිපයක් තියෙනවා. පළවෙනි එක එන්ටටේන්මන්ට් සයිඩ් එක. කොරෝනා එක්ක එහා මෙහා වෙලා හිටිය අපි හැමෝටම එක පාරම මේ ගැන ඇල'ට් වෙන්න ගත්තේ ජොනී දැන් දවස් හතරකට කලින් ඉන්ස්ටග්‍රෑම් එකේ ඉමේජ් එකක් විදිහට දැම්ම ස්ටේට්මන්ට් එකෙන්. වෝන බ්‍රද'ස්ලා ජොනීට 'Fantastic Beasts' සීරීස් එකෙන් අයින් වෙන්න කියලා. ග්‍රින්ඩ්ල්වෝල්ඩ් ට දැන් වෙන කෙනෙක්ව කාස්ට් කරනවා. බොහෝවිට එන්න ඉන්නේ හැනිබල් ලෙක්ට' මෑඩ්ස් මික්ල්සන්. ඩිස්නි එකෙන් 'Pirates of The Caribbean' වෙනම සීරීස් එකක් විදිහට ඩිවෙලොප් කරන්න යනවා මාගෝ රොබී බේස් කරගෙන. කාලයත් එක්ක එක එක කේස් නිසා හොලිවුඩ් වලින් හැලුණු නළු නිළියෝ ඕන තරම් ඉන්නවා. අපි ගත්තොත් කැමරෝන් ඩියාස් වගේ චරිතයක්, ඒ කාලේ ටොප් හිට් එකක්, දැන් ලොවෙත් නෑ. ග්‍රින්ඩ්ල්වෝල්ඩ් කැරැක්ට' එකෙන් නං ජොනී අයින් වුණා කියන එකේ එච්චරටම අවුලක් මට පේන්නේ නෑ. එතන ජොනීට කියලා විශේෂ යමක් කරන්න තිබුණු ඉඩ අඩුයි. නමුත් ජැක් ස්පැරෝ අයින් වෙනවා කියන්නේ ඒක ඉතා විශාල ගැටලුවක්.

    ජැක් ස්පැරෝ තමයි ජොනීගේ අයිකොනික් රෝල් එක. ජොනීගේ ඇඟටම පදම් වුණු කැරැක්ට' එක. ජොනී ඩෙප් කිවුව ගමන් ඔලුවට එන්නේ ත්‍රිකෝණ තොප්පියයි නිකටෙන් යටට ගොතපු රැවුල් කරල් දෙකත් එක්ක ඇඟ පුරා තොරොම්බල් එල්ලගත්ත මුහුදු මංකොල්ලකාරයාගේ ඉමේජ් එක. හැරී පොට' නිසා විස'ඩ්ස්ලා ගැන අනාදිමත් කාලයක පටන් තිබුණු ඉමේජ් එක වෙනස් වුණා වගේ, 'Twilight', 'The Vampire Diaries' වගේ කතන්දර නිසා වැම්පය'ස්ලා ගැන අපිට තිබුණු රීඩිං එක වෙනස් වුණා වගේ, මුහුදු මංකොල්ලකාරයා කිවුවම හිතට එන අපත අපුල හැඟීම වෙනුවට පයිරට් කෙනෙක් වෙනවා කියන්නේ හෙන ෆන් සීන් එකක්නේ කියන එක අපිට දැනෙන්න ගත්තේ ජොනී ඩෙප් නිසා. ඒත් බොහෝ දුරට මෙතනින් එහාට ජැක් ස්පැරෝට නැවෙන් ගොඩබහින්න වෙයි. ඒ විතරක් නෙවෙයි බෙව'ලි හිල්ස් වල කරක් ගහන්න තියෙන ලයිසන් එකත් කැන්සල් වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න වෙන තැනටත් කටයුතු සිද්ධ වෙයි.

    මේ ප්‍රශ්නය දිහා බලන අනිත් පැත්ත තමයි ප'සනල් අප්‍රෝච් එක, ඒ වගේම මේක අපිට ලින්ක් වෙන තැන. ලෝකයම ආදරය කරන නළුවෙක් කියන පට්ටම තියෙන්නේ ගෙදර දොර පාමුල තියෙන මැට් එක ගාවට වෙනකං විතරයි. එතනින් ඇතුළට ගියාම ඉන්නේ සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙක්. එතකොට එයාගේ හැසිරීම, ගති පැවතුම් මොනවද කියලා පිටින් ඉන්න අපි දන්නේ නෑ. ජැක් ස්පැරෝ ආතල් වුණාට ජොනී ඩෙප්, මං කියන්නේ ඇත්තම ජොනී ඩෙප් මොන වගේද කියන්න අපිට තියා එයා ආශ්‍රය කරපු, එයා එක්ක නිදාගත්තු අයටවත් කියන්න බැරුව ඇති. අපි හැමෝගෙම ඇතුළාන්තයේ ඉන්නවා අපි විතරක් දන්න කැරැක්ට' එකක්. අඩු තරමේ අපේ අම්මා තාත්තාවත් දන්නැති, අපේම කැරැක්ට' එකක්. අසහාය රංගන ශිල්පී ජොනී ඩෙප්ගේ ඇඟ ඇතුළේ එහෙම කැරැක්ට' එකක් නෑ කියන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ඉන්නවා. එයාගේ ගති පැවතුම් මොන වගේද කියලා අපි කොහොමද දන්නේ? ඒක දන්නේ ජොනී විතරයි.

    ඇම්බ' හ'ඩ් කියන්නේ ඇත්ත ද බොරු ද කියන්නත් අපි දන්නේ නෑ. කියමනක් තියෙනවා, 'The truth doesn't win in a courtroom. What wins in a courtroom is the truth' කියලා. උසාවියේ හැමතිස්සේම දිනන්නේ සත්‍යයම නෙවෙයි. නමුත් මෙතනදී ඇම්බ' හ'ඩ් ට තියෙන වාසිය වැඩියි. ප්‍රශ්නයේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ බරපතල කාන්තා හිංසනයක්. අච්චු කරන්න පුළුවන් තියෙන ඔක්කොම වැරදි ටික අමුණලා. #MeToo මූව්මන්ට් එක හරහා එන්ටටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ සිද්ධ වෙන කාන්තා අකටයුතුකම් ගැන ලෝකයම දැනුවත් වුණා. හොලිවුඩ් රන් කරපු හාවි වයින්ස්ටයින් දැන් හිරකූඩු කූරු ගණන් කරනවා. වැඩේ ඇත්ත නං, ඔව්, ජොනීට පනිෂ්මන්ට් එක ලැබෙනවා සහ, අපේ ෆෑන් ලව් එක පැත්තකින් තිබ්බොත්, ජොනීට දඬුවම් ලැබිය යුතුයි. ඇම්බ' බොරු කරනවා නං, ඒ කියන්නේ එතන ජොනී අසරණයා වෙලා. ඒක පව්. ඉස්සර ඉස්කෝලේ වලියක් දාගත්ත දෙන්නෙක් ටීව හෝ ප්‍රින්සිපල් ගාවට ගියාම දෙන්නාටම පෝරියල් එක හම්බවෙනවා. ධර්මරාජේ හිටිය අයට ජයකොඩි, සන්දනායක, මුදුන්දූව වගේ ස'නේම්ස් මතක් වෙයි, සළකපු හැටිත් එක්ක. හොලිවුඩ් වලිනුත් දෙන්නාටම බඩු පැකට් වෙලා බඩු පැක් කරගෙන එළියට බහින්න වෙන තත්ත්වයක් තමයි දැනට පේන්න තියෙන්නේ. එහෙං ෆෑන්ස්ලා 'Aquaman 2' බෝයිකොට් කරන්න කතා වෙනවා. ප්‍රශ්නය කොහොම විසඳුණත්, ඒකෙන් අන්තිමට ඒ අයගේ ජීවිතත් විනාසයි, ෆෑන්ස්ලාගේ ආතල් එකත් කුඩු.

    තවත් පැත්තක් හිතමු. ජොනීට දැන් 57ක්. ඇම්බ' ට තාම වයස 34යි. ඒජ් ගැප් එක ඉතාම වැඩියි. කෙළින්ම ජෙනරේෂන් දෙකක් එක වහළක් යට එක ඇඳක් උඩට ඇවිත්. ආදරයට වයස් සීමාවක් නැති එක ඇත්ත. ඒත් ඒක හැමතිස්සේම හරියන්නැති අවස්ථා තියෙන්න පුළුවන්. මේ පේනවනේ ඉතිං.

    හොලිවුඩ් වලට ඉන්න දක්ෂ, ලෙජන්ඩරි නළුවෙක්, එකකට එකක් වෙනස් රෝල්ස් කරපු ලෙජන්ඩරි චරිතයක්, කසාදේ වරද්දගෙන දැන් ජීවිතේම කනපිට ගහගෙන ඉන්නවා. මේ සිද්ධිය කොහොම විසඳුණත් අපිට ගන්න තියෙන පාඩම තමයි, අවබෝධයක් තියෙන පාට්න' කෙනෙක් හොයාගන්න කියන එක. අනෙකාට ගරු කරන්න කියන එක. තමන්ගේ පැත්තෙන් වෙන්න තියෙන දේවල් ඉටු කරන්න කියන එක. අවබෝධය තමයි ඉතිං ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. මේවා ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්. මේක කියවන ඔබට, ටයිප් කරන මට, දේවල් මිස් වෙන්න පුළුවන්. වරදින්න පුළුවන්. ඒත් මේ වගේ ගුටි බැට හුවමාරු කරගන්න ලෙවල් එකට නං යන්න හිතන්න එපා.

    ජීවිතය හරි පුදුමාකාරයි. දවසින් දවස අපි දේවල් ඉගෙනගන්නවා. අලුත් වෙනවා. ඒ වගේම වැටෙනවා. දුක් වෙනවා. අනපේක්ෂිත දේවල් වලට ෆේස් කරනවා.

    කවුද හිතුවේ, බුර්කාවට විහිළු කරපු අපිට මාස්ක් දාගෙන ඉන්න වෙන දවසක් එයි කියලා?

    කවුද හිතුවේ, ටියුෂන් ක්ලාස් එකේ ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා බැනුම් අහපු අපිට ෆෝන් එකෙන් ටියුෂන් ක්ලාස් කරන්න වෙන දවසක් එයි කියලා?

    කවුද හිතුවේ, 'A Pirate's Life' ට්‍රැක් එක රිඟින් ටෝන් දාගෙන හිටපු අපිට ජැක් ස්පැරෝව 'පයිරට්ස් ඔෆ් ද කැරේබියන්' එකෙන් අයින් කරනවා බලන්න වෙන දවසක් එයි කියලා?

    - ෂෙනාල් ගුණසේකර -
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    කවුද මෙක ලියලා තියෙන්නේ. Amber ට විරැද්ධව තියෙන එක දෙයක් ගැන වත් මෙතන කියලා නැ නේ. එකී ගෙ voice recording දාලා තියෙනවා. අහල බලන්න. එකී එවල එකී කරපු හැම දේ ගැනම කියලා කියනවා පුළුවන් නම් නඩු කියලා බලනවා තමුසෙ පිරිමියෙක් නිසා තමුසෙ කියන කිසිදෙයක් කව්රුත් විස්වාස කරන්නේ නැ කියලා.

    Domestic abuse කියන එක male, female දෙගොල්ලොන්ටම වෙන්න පුළුවන්. ප්‍රශ්නෙ එක ගෑනු කෙනෙක් ට උනාම හා පිරිමි කෙනෙක් ට උනාම සලකන විඳිය වෙනස්.

    ලෝකේ male suicide rate එක වැඩි වෙලා තියෙන්නේ ත් මේ වගේ දේවල් නිසා. වැඩියේ ඕනේ නැ underage පිරිමි කෙනෙක් ගැනු කෙනෙක් එක්ක affair එකක දි මිනිස්සු ප්‍රතිචාර දක්වන විඳිය යි එකේ අනිත් පැත්ත උනාම ප්‍රතිචාරෙයී කොහොමද.

    මන් මේ එළකිරි එකේ ම දැකල තියෙන දෙයක් තමයි breakup thread වල කෙල්ල මොන මගුල කරලා දාලා ගියත් replay වල මුලින්ම තියෙන්නේ කොල්ලට තමන්ගේ වැරදි හදාගෙන හොඳ කෙල්ලක් හොයාගන්න කියලා.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Amber ta unath Aquaman eke role eka nathi wei kiyala thama yanne. Amber and Jonny ge audio clip ekakuth out una. Amber eke nam Jonny wa sawuththu karala katha karanne. Gaanu kohoma katha kalath pirimi atha ussanna hoda na. Ethakota waradda pirimiyage.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    කවුද මෙක ලියලා තියෙන්නේ. Amber ට විරැද්ධව තියෙන එක දෙයක් ගැන වත් මෙතන කියලා නැ නේ. එකී ගෙ voice recording දාලා තියෙනවා. අහල බලන්න. එකී එවල එකී කරපු හැම දේ ගැනම කියලා කියනවා පුළුවන් නම් නඩු කියලා බලනවා තමුසෙ පිරිමියෙක් නිසා තමුසෙ කියන කිසිදෙයක් කව්රුත් විස්වාස කරන්නේ නැ කියලා.

    Domestic abuse කියන එක male, female දෙගොල්ලොන්ටම වෙන්න පුළුවන්. ප්‍රශ්නෙ එක ගෑනු කෙනෙක් ට උනාම හා පිරිමි කෙනෙක් ට උනාම සලකන විඳිය වෙනස්.

    ලෝකේ male suicide rate එක වැඩි වෙලා තියෙන්නේ ත් මේ වගේ දේවල් නිසා. වැඩියේ ඕනේ නැ underage පිරිමි කෙනෙක් ගැනු කෙනෙක් එක්ක affair එකක දි මිනිස්සු ප්‍රතිචාර දක්වන විඳිය යි එකේ අනිත් පැත්ත උනාම ප්‍රතිචාරෙයී කොහොමද.

    මන් මේ එළකිරි එකේ ම දැකල තියෙන දෙයක් තමයි breakup thread වල කෙල්ල මොන මගුල කරලා දාලා ගියත් replay වල මුලින්ම තියෙන්නේ කොල්ලට තමන්ගේ වැරදි හදාගෙන හොඳ කෙල්ලක් හොයාගන්න කියලා.

    U media ekek bn
    Math oya post ekata uta banna 😤