Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් කරලා එපා වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ජොබ් කරලා එපා වෙලාද?" මේක ඇහුවම ගොඩක් අය හිතන්නේ මමත් හැමෝම වගේ තමන් කරන ජොබ් එකට බනින්න දාන thread එකක් කියලා. මුලින්ම කියන්න ඕන, ඔව් බනින්න ඕන තැන බනිනවා. ඒ වගේම අපි ඇයි අපි කරන ජොබ් එකට බනින තැනට පත්වුණේ කියන එකත් ගැන කතා කරන්න මන් බලාපොරොත්තු වෙනවා.

හරි. අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම කතාව පටන්ගත්තොත්, අපි ඇයි ඉපදුනේ? මේක අපි කාටවත් හිතා ගන්න අමාරු ප්‍රශ්නයක්. ඉපදුනු විදිහ අපි දන්නවා. ඒත් ඇයි අපි ඉපදුනේ, මොකක්ද මනුස්සයෙක් වෙලා ඉපදෙන එකෙන් බලාපොරොත්තුව කියන එක අපිට තාම ප්‍රශ්නයක්. ඒකට හේතුව දන්නේ ස්වභාවධර්මය පමණයි. අන්න ඒක නිසා ඒකට මිනිස්සු එක එක හේතු හදන්න ගත්තා, එක එක අර්ථකතන දෙන්න පටන් ගත්තා කාලයක් යනකොට. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා අද වෙනකොට විශ්ව ගම්මාන සංකල්පය දක්වා මිනිසා දියුණු වෙලා තියෙනවා.

ඔන්න ඔයවගේ අපිත් මේ ලෝකෙට එනවා. අපේ පරිසරයේ වැඩිපුරම අහන්න දකින්න ලැබෙන දේවල් එක්කම අපි ටිකෙන් ටික වයසට යනවා. අපි අම්මා තාත්තා කියන නිසා පෙර පාසල් යනවා, ඉස්කෝලේ යනවා. ඔහොම ඔහොම එතනින් එහාටත් කවුරු හරි කියපු දෙයක් නිසා, කවුරු හරි බල කරපු නිසා නැත්නම් කලාතුරකින් අපිටම හිතුන නිසා ඉතිරි වැඩ ටිකත් කරගෙන වයසට යනවා.

නිකමට අපිට හිතුනද පොඩි කාලේ ඇයි අපි පෙර පාසල් යන්නේ, ඇයි අපි ඉස්කෝලේ යන්නේ? කියන එක. නැහැ. අපිට අපේ දෙමවුපියන් බල කරන නිසා අපි ගියා. හරි එක අපි නොතේරුම් කමට කියමු. ඒත් මොහොතකට ඔබට අවස්ථාවක් ලැබුනද ඔබට කැමති දෙයක් කරන්න, ඔබ කැමති ක්‍රීඩාවක් කරන්න, ඔබ කැමති විෂයක් හදාරන්න. එතනින් එහාට ඔබ හැදී දැඩි උනාම ඔබ උසස් අධ්‍යාපනය ගැන හිතනකොට ඔබ කැමති විෂයකින් අධ්‍යාපනය ලබන්න ඔබට අවස්ථාව ලැබුනද? පොඩ්ඩක් හිතන්න. එහෙම නැහැ නේද? ඔබ කාගේ හෝ බල කිරිමකට යටත් වෙලා කරපු දේවල් නිසා ඔබ දැන් වද විඳිනවා නේද? එහෙම කී දාහක් මේ ලංකාවේ මානසිකව වද විඳිනවා ඇත්ද? අපිට කොතනද වැරදුනේ?

මම දෙමවු පියන්ට බනින්න අකමැතියි. ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි තමන්ගේ පුතා doctor කෙනෙක් engineer කෙනෙක් වෙනවා දකින්න. ඒත් ඔවුන් නොදැනුවත්ව ඒ කරන්නේ ලොකු වැරද්දක් නෙවේද? මේ ලෝකේ මිනිස්සු එක්කෙනෙක්ට තව එකෙක් වෙනස්. එහෙම නොවී හැමෝම එකවගේ උනා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙන්න තිබුණාද? හැමෝටම ඔය කියන විදිහට doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න තිබ්බා නම් කොච්චර හොඳද?

මේ ක්‍රමය මේවන විට ගොඩක් බටහිර රටවල්වල සෑහෙන්න දුරට වෙනස් වෙලා තියෙන්නේ. දෙමවුපියන් යථාර්තය අවබෝධ කර ගත යුතුයි. තමන්ගේ දරුවා ක්‍රීඩාවටද දක්ෂ, සංගීතයටද දක්ෂ, පොත පත දනුමටද දක්ෂ අනෙකුත් විෂය භාහිර දේවල් වලටද දක්ෂ කියන එක දැන ගත යුතුමයි. අද ලෝකේ තමන් කරන්න දක්ෂ ඕනම දෙකට හොඳ තැනක් තියෙනවා. ඒවගේම අපි හැමෝම අවබෝධ කර ගත යුතුයි අපි මේ ලෝකේ ඉපදුනේ ජීවිතය විඳින්න මිසක් ජීවිතය විඳවන්න නෙවෙයි. ඔබ කරන්නේ මොකක්ද ඒ දෙයින් ඔබට ජීවිතය විඳින්න පුළුවන් නම් එච්චරයි. හැබැයි ඒ වගේම කරන දේ සමාජයට අයහපත් දෙයක් නොවිය යුතුයි.

ඔන්න දැන් ඔබට තේරෙනවා ඇති ජොබ් එක එපා වෙන්නේ ඇයි කියලා. එපා වෙන්න ලොකුම හේතුව අපි ජොබ් එක කරන්නේ අපේ හිතේ සතුටකින් කැමැත්තකින් නෙවෙයි. කවුරු හරි කියපු නිසා කරන දෙයක් නිසයි. 99% දෙනා උත්සහ දරන්නේ පොඩි කලේ ඉදන් අපේ ඔලුවට දාලා තිබ්බ 8-5 ජොබ් එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. එහෙම කියලා හිතාගෙන ජොබ් එක කරන්න පටන් ගෙන ටික දවසයි ජොබ් එක එපා වෙනවා. එපා වෙන්නේ මොකද අපේ හිත තියෙන්නේ වෙන තැනක. දක්ෂතාවය තියෙන්නේ වෙන තැනක. ඔන්න ඕක තේරුම් ගන්න බැරි උන නිසයි මේ තත්වේ උදා වෙලා තියෙන්නේ. 8-5 ජොබ් එකෙන් එහාට ගිහිල්ලා තමන් කැමති දෙයක් කරලා ජීවත් වෙන මනුස්සයාගේ හිතේ සතුට තෘප්තිය කොච්චරද කියලා නිම කරන්න අමාරුයි.

ඒක නිසා ඔබ කරන ජොබ් එකට බනින්න එපා. ඒක තනිකරම බොරු වැඩක්. මොකද ලංකාවේ 8-5 ජොබ් කියන්නේ වෙනම සංස්කෘතියක්. ඔබ කොච්චර බැන්නත් වැඩක් වෙන එකක් නැහැ. ඔබ හිතනවා නම් ඔබට ජොබ් එක ගැලපෙන්නේ නැහැ කියලා ඉක්මනටම ඔබ හිතන විදිහ වෙනස් කරන්න. අවදානමක් ගන්න බය වෙන්න එපා. වයස ගැන හිතන්න එපා. හොඳට plan කරලා ඔබ ගැන ඔබම තීරණයක් ගන්න. ඔබේ ජීවිතය ගැන වෙන අයට තීරණ ගන්න ඉඩ දෙන්න එපා.

මම මේ උඩ කියපු හැම දෙයක්ම අත්දැකීමෙන් කියන්නේ. පොඩි කාලේ මට ඕන දේ කරන්න සල්ලි තිබ්බේ නැහැ. අම්මා තාත්තාගෙන් වත් ඉල්ලන්න එගොල්ලන්ටත් එහෙම වත්කමක් තිබ්බේ නැහැ. මම Advanced Level fail. තියෙන්නේ diploma එකක් විතරයි. ඒත් මම දැන් 8-5 ජොබ් එකක් කරන Software Engineer කෙනෙක්. මෙච්චර හරි දුරක් මම ආවේ මගේ තිබ්බ කැපවීමෙන්. අම්මා තතාගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුව. කොටින්ම මම ගෙදරත් සෑහෙන්න කොන් උනා. මාව කොන් කලා. දැන් ඒවා ඔක්කොම ඉවරයි. අම්මා තාත්තගේ තිබ්බ වටේ පිටේ හිටපු උන්ගේ තිබ්බ පුස් මත ඔක්කොම මන් බිඳලා ඉවරයි. ඒ උනත් මේ path එකේ මට එන්න උනේ ඒ වෙලවී මට වෙන option එකක් නොතිබුන නිසා. හැබැයි ඒ ගැන සෑහෙන්න කලකිරීමෙන් ඉන්න මනුස්සයෙක්. මාත් කාලයක් ජොබ් එකට බැන්නා. මටම තේරුණා ඒවා බොරු වැඩ කියලා. මම කරපු එකම දේ මම හිතන විදිහ වෙනස් කරපු එක. මම දැන් මගේ ජීවිතය ගැන තීරණාත්මක තීර්ණරයන් කීපයක්ම අරන් තියෙන්නේ. අවදානමක් ගන්න තියෙන බය මන් සම්පුර්ණයෙන්ම අතහැරියා. මොකද අවදානම් ගන්න බය මිනිස්සුන්ට කවදාවත් සාර්ථක වෙන්න බැහැ. ඇත්තටම මම සෑහෙන්න සතුටින් දැන් ඉන්නේ.

අනිත් එක අපි ජීවත් වෙන්නේ රසසාවක් කරන්න නෙවෙයි. අපි රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. ඔන්න ඔයා දෙක පටලව ගත්ත මිනිස්සු අන්තිමට තමනුත් අසමත්. තමන්ගේ වටා පිටාවේ ඉන්න මිනිස්සුන්ටත් විඳවන්න වෙනවා.

මම මේ හැම දෙයක්ම මම මගේ experience එකත් එක්කම share කලේ මම වගේ සෑහෙන්න දෙනෙක් ජෝබ් එක නිසා සෑහෙන්න කලකිරීමකින් ජීවත් වෙන නිසා. ඒක නිසා අදම පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න ඔයාට කොතනද වැරදුනේ කියලා.

අයෙමත් ලගදීම මේවගේ ජීවිතේට වැදගත් වන කරුණු සෙට් එකක් එක්ක සෙට් වෙමු. හැමෝටම ජය.

[QUOTE="ESL, post: 25604544, member: 556953"] "ජොබ් කරලා එපා වෙලාද?" මේක ඇහුවම ගොඩක් අය හිතන්නේ මමත් හැමෝම වගේ තමන් කරන ජොබ් එකට බනින්න දාන thread එකක් කියලා. මුලින්ම කියන්න ඕන, ඔව් බනින්න ඕන තැන බනිනවා. ඒ වගේම අපි ඇයි අපි කරන ජොබ් එකට බනින තැනට පත්වුණේ කියන එකත් ගැන කතා කරන්න මන් බලාපොරොත්තු වෙනවා. හරි. අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම කතාව පටන්ගත්තොත්, අපි ඇයි ඉපදුනේ? මේක අපි කාටවත් හිතා ගන්න අමාරු ප්‍රශ්නයක්. ඉපදුනු විදිහ අපි දන්නවා. ඒත් ඇයි අපි ඉපදුනේ, මොකක්ද මනුස්සයෙක් වෙලා ඉපදෙන එකෙන් බලාපොරොත්තුව කියන එක අපිට තාම ප්‍රශ්නයක්. ඒකට හේතුව දන්නේ ස්වභාවධර්මය පමණයි. අන්න ඒක නිසා ඒකට මිනිස්සු එක එක හේතු හදන්න ගත්තා, එක එක අර්ථකතන දෙන්න පටන් ගත්තා කාලයක් යනකොට. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා අද වෙනකොට විශ්ව ගම්මාන සංකල්පය දක්වා මිනිසා දියුණු වෙලා තියෙනවා. ඔන්න ඔයවගේ අපිත් මේ ලෝකෙට එනවා. අපේ පරිසරයේ වැඩිපුරම අහන්න දකින්න ලැබෙන දේවල් එක්කම අපි ටිකෙන් ටික වයසට යනවා. අපි අම්මා තාත්තා කියන නිසා පෙර පාසල් යනවා, ඉස්කෝලේ යනවා. ඔහොම ඔහොම එතනින් එහාටත් කවුරු හරි කියපු දෙයක් නිසා, කවුරු හරි බල කරපු නිසා නැත්නම් කලාතුරකින් අපිටම හිතුන නිසා ඉතිරි වැඩ ටිකත් කරගෙන වයසට යනවා. නිකමට අපිට හිතුනද පොඩි කාලේ ඇයි අපි පෙර පාසල් යන්නේ, ඇයි අපි ඉස්කෝලේ යන්නේ? කියන එක. නැහැ. අපිට අපේ දෙමවුපියන් බල කරන නිසා අපි ගියා. හරි එක අපි නොතේරුම් කමට කියමු. ඒත් මොහොතකට ඔබට අවස්ථාවක් ලැබුනද ඔබට කැමති දෙයක් කරන්න, ඔබ කැමති ක්‍රීඩාවක් කරන්න, ඔබ කැමති විෂයක් හදාරන්න. එතනින් එහාට ඔබ හැදී දැඩි උනාම ඔබ උසස් අධ්‍යාපනය ගැන හිතනකොට ඔබ කැමති විෂයකින් අධ්‍යාපනය ලබන්න ඔබට අවස්ථාව ලැබුනද? පොඩ්ඩක් හිතන්න. එහෙම නැහැ නේද? ඔබ කාගේ හෝ බල කිරිමකට යටත් වෙලා කරපු දේවල් නිසා ඔබ දැන් වද විඳිනවා නේද? එහෙම කී දාහක් මේ ලංකාවේ මානසිකව වද විඳිනවා ඇත්ද? අපිට කොතනද වැරදුනේ? මම දෙමවු පියන්ට බනින්න අකමැතියි. ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි තමන්ගේ පුතා doctor කෙනෙක් engineer කෙනෙක් වෙනවා දකින්න. ඒත් ඔවුන් නොදැනුවත්ව ඒ කරන්නේ ලොකු වැරද්දක් නෙවේද? මේ ලෝකේ මිනිස්සු එක්කෙනෙක්ට තව එකෙක් වෙනස්. එහෙම නොවී හැමෝම එකවගේ උනා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙන්න තිබුණාද? හැමෝටම ඔය කියන විදිහට doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න තිබ්බා නම් කොච්චර හොඳද? මේ ක්‍රමය මේවන විට ගොඩක් බටහිර රටවල්වල සෑහෙන්න දුරට වෙනස් වෙලා තියෙන්නේ. දෙමවුපියන් යථාර්තය අවබෝධ කර ගත යුතුයි. තමන්ගේ දරුවා ක්‍රීඩාවටද දක්ෂ, සංගීතයටද දක්ෂ, පොත පත දනුමටද දක්ෂ අනෙකුත් විෂය භාහිර දේවල් වලටද දක්ෂ කියන එක දැන ගත යුතුමයි. අද ලෝකේ තමන් කරන්න දක්ෂ ඕනම දෙකට හොඳ තැනක් තියෙනවා. ඒවගේම අපි හැමෝම අවබෝධ කර ගත යුතුයි අපි මේ ලෝකේ ඉපදුනේ ජීවිතය විඳින්න මිසක් ජීවිතය විඳවන්න නෙවෙයි. ඔබ කරන්නේ මොකක්ද ඒ දෙයින් ඔබට ජීවිතය විඳින්න පුළුවන් නම් එච්චරයි. හැබැයි ඒ වගේම කරන දේ සමාජයට අයහපත් දෙයක් නොවිය යුතුයි. ඔන්න දැන් ඔබට තේරෙනවා ඇති ජොබ් එක එපා වෙන්නේ ඇයි කියලා. එපා වෙන්න ලොකුම හේතුව අපි ජොබ් එක කරන්නේ අපේ හිතේ සතුටකින් කැමැත්තකින් නෙවෙයි. කවුරු හරි කියපු නිසා කරන දෙයක් නිසයි. 99% දෙනා උත්සහ දරන්නේ පොඩි කලේ ඉදන් අපේ ඔලුවට දාලා තිබ්බ 8-5 ජොබ් එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. එහෙම කියලා හිතාගෙන ජොබ් එක කරන්න පටන් ගෙන ටික දවසයි ජොබ් එක එපා වෙනවා. එපා වෙන්නේ මොකද අපේ හිත තියෙන්නේ වෙන තැනක. දක්ෂතාවය තියෙන්නේ වෙන තැනක. ඔන්න ඕක තේරුම් ගන්න බැරි උන නිසයි මේ තත්වේ උදා වෙලා තියෙන්නේ. 8-5 ජොබ් එකෙන් එහාට ගිහිල්ලා තමන් කැමති දෙයක් කරලා ජීවත් වෙන මනුස්සයාගේ හිතේ සතුට තෘප්තිය කොච්චරද කියලා නිම කරන්න අමාරුයි. ඒක නිසා ඔබ කරන ජොබ් එකට බනින්න එපා. ඒක තනිකරම බොරු වැඩක්. මොකද ලංකාවේ 8-5 ජොබ් කියන්නේ වෙනම සංස්කෘතියක්. ඔබ කොච්චර බැන්නත් වැඩක් වෙන එකක් නැහැ. ඔබ හිතනවා නම් ඔබට ජොබ් එක ගැලපෙන්නේ නැහැ කියලා ඉක්මනටම ඔබ හිතන විදිහ වෙනස් කරන්න. අවදානමක් ගන්න බය වෙන්න එපා. වයස ගැන හිතන්න එපා. හොඳට plan කරලා ඔබ ගැන ඔබම තීරණයක් ගන්න. ඔබේ ජීවිතය ගැන වෙන අයට තීරණ ගන්න ඉඩ දෙන්න එපා. මම මේ උඩ කියපු හැම දෙයක්ම අත්දැකීමෙන් කියන්නේ. පොඩි කාලේ මට ඕන දේ කරන්න සල්ලි තිබ්බේ නැහැ. අම්මා තාත්තාගෙන් වත් ඉල්ලන්න එගොල්ලන්ටත් එහෙම වත්කමක් තිබ්බේ නැහැ. මම Advanced Level fail. තියෙන්නේ diploma එකක් විතරයි. ඒත් මම දැන් 8-5 ජොබ් එකක් කරන Software Engineer කෙනෙක්. මෙච්චර හරි දුරක් මම ආවේ මගේ තිබ්බ කැපවීමෙන්. අම්මා තතාගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුව. කොටින්ම මම ගෙදරත් සෑහෙන්න කොන් උනා. මාව කොන් කලා. දැන් ඒවා ඔක්කොම ඉවරයි. අම්මා තාත්තගේ තිබ්බ වටේ පිටේ හිටපු උන්ගේ තිබ්බ පුස් මත ඔක්කොම මන් බිඳලා ඉවරයි. ඒ උනත් මේ path එකේ මට එන්න උනේ ඒ වෙලවී මට වෙන option එකක් නොතිබුන නිසා. හැබැයි ඒ ගැන සෑහෙන්න කලකිරීමෙන් ඉන්න මනුස්සයෙක්. මාත් කාලයක් ජොබ් එකට බැන්නා. මටම තේරුණා ඒවා බොරු වැඩ කියලා. මම කරපු එකම දේ මම හිතන විදිහ වෙනස් කරපු එක. මම දැන් මගේ ජීවිතය ගැන තීරණාත්මක තීර්ණරයන් කීපයක්ම අරන් තියෙන්නේ. අවදානමක් ගන්න තියෙන බය මන් සම්පුර්ණයෙන්ම අතහැරියා. මොකද අවදානම් ගන්න බය මිනිස්සුන්ට කවදාවත් සාර්ථක වෙන්න බැහැ. ඇත්තටම මම සෑහෙන්න සතුටින් දැන් ඉන්නේ. අනිත් එක අපි ජීවත් වෙන්නේ රසසාවක් කරන්න නෙවෙයි. අපි රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. ඔන්න ඔයා දෙක පටලව ගත්ත මිනිස්සු අන්තිමට තමනුත් අසමත්. තමන්ගේ වටා පිටාවේ ඉන්න මිනිස්සුන්ටත් විඳවන්න වෙනවා. මම මේ හැම දෙයක්ම මම මගේ experience එකත් එක්කම share කලේ මම වගේ සෑහෙන්න දෙනෙක් ජෝබ් එක නිසා සෑහෙන්න කලකිරීමකින් ජීවත් වෙන නිසා. ඒක නිසා අදම පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න ඔයාට කොතනද වැරදුනේ කියලා. අයෙමත් ලගදීම මේවගේ ජීවිතේට වැදගත් වන කරුණු සෙට් එකක් එක්ක සෙට් වෙමු. හැමෝටම ජය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom