ජෝතිපාලයන් අවසන් උපන් දින සාදයේදී මරණයේ පෙර නිමිති දුටු හැටි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka

    ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර් ජෝතිපාලයන්ගේ 85 වැනි ජන්ම සංවත්සරය යෙදී ඇත්ත පෙබරවාරි 12. ඒ නිමිත්තෙන් රන් එෆ් එම් ගුවන් විදුලියේ රන්සර රාත්‍රියට සහභාගී වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකයකු මෙන්ම එච් ආර් ජොතිපාලගේ සමීපතම සගයකු වන පද්මසිරි කොඩිකාර ජෝතිපාල පිළිබඳව බොහෝ දෙනකු නෑසු කතාවක් දිග හැරියේය.
    දේශීය සංගීත ක්ෂේත්‍රයේ යෝධ ලකුණු දෙකක් වුවද ආචාර්ය අමරදේවයන් සහ එච් ආර් ජෝතිපාලයන් සිටියේ අන්ත දෙකකය. එහෙත් ඔවුන් දෙදෙනා එක් ගීතයක දී එකට එක්ව ඇත්තේ පුදුම ආකාරයටය. පද්මසිරි කොඩිකාර මේ ගැන කීවේ මේ ආකාරයෙනි.

    “ බොහෝ දෙනෙක් දන්නැති කරුණක් තමයි ආචාර්ය අමරදේව මාස්ටර් සංගීතවත් කළ සිංදුවක් ජෝතිපාල ගායනවා කරනවා කියන එක. මේ කතාවට මමත් සම්බන්ධයි. ඒ නිසා මම ඒ විස්තර් හොඳටම දන්නවා. දවසක් ජොතිපාල මට කතා කළා. පද්මේ හෙට මොනව හරි වැඩක් දාගෙන තියෙනවද කියල මගෙන් ඇහුවා.මට එදා විශේෂ වැඩක් නොතබුණු නිසා මමත් ජෝති එක්ක මේ ගමනට ගියා.“

    “ගියේ සිංදුවක් පටිගත කරන්න ස්ටූඩියෝ එකකට. එතනදී තමයි මමත් දැනගත්තේ මේ සිංදුවේ සංගීත අධ්‍යක්ෂණය අමරදේව මාස්ටර් කියල. මේ ගීතය කියන්න සූදානම් කර තිබුණේ ශ්‍රිමති තිලකරත්න ගායන ශිල්පිණියත් එක්ක. අපි ස්ටූඩියෝ එකට යනකොට ඒ අය ඇවිත් හිටියා.“

    “කිසිම පුහුණු කිරීමක් පෙරහුරුවක් නැතිව ජෝති කිව්ව හරි මාස්ටර් වැඩේ කරමු කියල. අමරදේව මාස්ටර් ගේ මුහුණේ ඉරියව්වලින්ම කියන්න පුළුවන් වුණා ඔහු හිටියේ සතුටකින් නෙවේ කියල. කිසිම පුහුණු කිරීමක් වත් නැතිව එක පාරටම ස්ටූඩියෝ එකට ගිය එකට මාස්ටර්ට නොරිස්සුම් වෙන්න ඇති කියල මම හිතුවා. අමරදේව මාස්ටර් එයට අනුමැතිය දුන්නට එය කැමැත්තකින් නොකළ බව මට තේරුණා.“

    “දැන් සිංදුව පටිගත වෙනවා… අමරදේව මාස්ටර් එහා පැත්තේ ඉන්නවා… අපිත් ඉන්නවා… සිංදුව පටිගත කිරීම් ඉවර වුණා. අමරදේව මාස්ටර් ඉතාම සතුටින් හිනාවෙලා ඕ.කේ ජෝති කියල කිව්වා. දැන් මාස්ටර් සතුටින්… අපි පටිගත කරලා අමරදේව මාස්ටර්ට සමුදෙන්න හදන වෙලාවේ මාස්ටර් ඇවිත් ජෝතිපාලට කියනව සොරි ජෝති කියල.“

    “මට මේක ප්‍රශ්නයක් . මම වාහනේ ආපහු එනකොට ජෝතිගෙන් ඇහුව මොකද අර මාස්ටර් සොරි ජෝති කිව්වේ කියල.“

    “ඒ වෙලාවේ ජෝති මාස්ටර් කියපු කතාව කිව්වා මේ විදිහට“

    “පද්මේ…මම මේ රෙකෝඩින් එක කරල ඉවර වුණාම ඇතුළට ආපු මාස්ටර් මාර කතාවක් කිව්ව. මාස්ටර් ඇහුව මගෙන් ජෝති ඔයාට මතකද හැටේ දශකයේ මුල දවසක මම ඔයාට සිංදුවක් කරල දෙන්නම් කියල කියනවා. මම කිව්ව නෑ මාස්ටර් මට මතක නෑ කියල. එහෙනම් මතක් කර ගන්න. ඔයාට මම සිංදුවක් කරල දෙන්නම් කියල කියද්දී කරමු මාස්ටර්. මාස්ටර් හදන්න මම ඇවිත් එකපාරම වැඩේ දෙන්නම් කියල ඔයා කිව්වා. “

    පස්සෙ බලනකොට ඒ කතාවට මාස්ටර්ගේ හිත රිදිලා.. මොකද ඒ වෙනකොටත් විශාල පෞරුෂයක් තිබුණු මාස්ටර් ලඟට ඇවිත් ප්‍රවීණයො කලින් පෙරහුරු පුහුණුවීම් කරල රෙකෝඩින්වලට යන්නේ. මම කිසිම ගාණක් නැතිව වැඩේ දෙන්නම් කීවම මාස්ටර් හිතලා තියෙන්නෙ මම එතුමාව ගණන් අරගෙන නෑ කියලා. “

    මම කවදාවත් ආයේ ජෝතිපාලට සිංදුවක් දෙන්නේ නෑ කියල එදා හිතාගත්තා කියල අමරදේව මාස්ටර් මට කිව්වා . ඒත් මම මේ සිංදුව එකපාරටම කිව්ව එක ගැන මාස්ටර් පුදුම වෙලා… එතුමා ඔහු මාව අගය කළා. ඔයා ගැන හිතාගෙන සිටි ආකාරය වැරදියි කිව්වා. එහෙම කියල සොරි ජෝති කිව්වා . යන්න යනකොටත් ආපහු සොරි ජෝති කියල කිව්වා.“

    ජෝති මට කිව්වා.

    තරංගා චිත්‍රපටි අධ්‍යක්ෂ විමල් වෛද්‍යසේකර අමරදේව මහත්තයාට කියල කියෙන්නේ මේ චිත්‍රපටයේ කන්දෙන් ලන්දට කියන සිංදුව ශ්‍රිමති තිලකරත්න එක්ක ජෝතිපාලම කියන්න ඕන කියල. ඒ නිසාම අමරදේව මාස්ටර්ට ජෝතිට සිංදුවක් කිරන්න සිදුවී තිබෙනවා. ජොතිපාල කිව්ව වගේම ආපු ගමන් වැඩේ හරියටම දීල තියෙනවා. ඔහුගේ දක්ෂතාව ගැන අමරදේව මාස්ටර් එතෙක් තබාගෙන සිටි අවතකස්සේරුව නිසා ඔහු අවසානයේ සොරි ජෝති කිව්වා.

    ඒ ගීතය.

    මේ කතාව අවසන් කළ පද්මසිරි කොඩිකාර ජොතිපාලයන් ජීවත් සිටි සැමරූ අවසාන උපන් දිනය ගැන ද අමරණීය මතකයක් අවදි කළේය.

    “මේ 1987 වසරේ පෙබරවාරි මාසේ 12 වැනිදා යෙදුණු උපන් දිනේ. ඊට දින දෙකකට විතර කලින් මට ජෝති කිව්වා මම මගේ උපන් දිනේට පොඩි පාටියක් දානවා. කාටවත් කියන්නේ නෑ. ඒත් ඔයයි විජයයි එන්න. විජයටත් කියන්න කියලා. මම විජය කුමාරතුංගට කිව්වම ඔහු වැඩේට යන්නම ඕන කියල දින වෙන් කර ගත්තා

    “ කතා කර ගත්ත විදිහට විජයයි මායි කොළඹ බුලර්ස් පාරේ හිතවතකුගේ නිවසේ තිබුණු මේ උපන් දින උත්සවේට ගියා. එතනදී විනෝදයෙන් සිටි ජෝති එකපාරටම කීව විජේ මේ මගේ අන්තිම උපන් දිනේ. සමහර විට ඊළඟ උපන් දිනේට මට ඉන්න බැරි වෙයි. ඔයා ගේ ළමයි හතරදෙනා කරදරයක් නොවන්න හොඳින් බලා ගන්න කියලා. ඒ වෙලාවේ විජය පිස්සු කෙළින්න එපා. ඔයා කොහොමද එහෙම වෙන්නේ? කියල ඇහුවා. ඒත් ජොතිපාල කිව්ව සමහර විට මම මිය යයි ඒ දරුවෝ ගැන බලන්න කියල.“

    “විජය ඒ වෙලාවේ කිව්වා හරි මම ඒ දේ බලන්නම් තාත්ත වගේම කියල. ඇත්තටම අපි නොසිතූ විදිහට ඒ අවුරුද්දේම ජූලි මාසේ 07 වැනිදා ඔහු මිය ගියා. විජය ඒ වෙලාවේ රටේ හිටියේ නැහැ. ඒත් ආපු ගමන් මාත් එක්ක ජෝතිපාලයන්ගේ බිරිය සහ පවුලේ අය හමුවෙන්න නුගේගොඩ හයවෙනි පටුමගේ පිහිටි නිවසට ගියා. ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් දරුවන් සම්බන්ධ ඕන දේකට මට කියන්න කියල ජෝති කී ආකාරයෙන්ම ඔහු දරුවන් බලාගන්න බවට පොරොන්දු වුණා.“

    Source..
    https://lankasara.com/si/ජීවිතය/කලා/ජෝතිපාලයන්-අවසන්-උපන්-දි/
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    සමහරුන්ට මැරෙන්න තියෙනවනන් ඒක නිකන් තේරෙනවලු. අපේ නෑ වෙන සීය කෙනෙක් නැති වුනා. නැති වුන දවසෙ එයාගෙ ළමයි හැමෝටම එන්න කියල හිනා වෙලා කතා කර කර ඉද්දි නැති වෙලා තියෙන්නෙ.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93

    Kiyawanna time na dan. Awilla balanna oney. Love this guy❤️