ජෝන්බාස් වැවටත් කෙළියි
ජෝන් ඇමතිතුමා පාරම්පරික බෞද්ධයන් ඉන්න ගමකටත් කෙළින්නයි යන්නේ. කමක් නෑ සහජීවනය යහපාලනය නේ.
මහගල්ගමුව වැව (යකා බැඳි වැව) ගල්ගමුව නගරයට ඉතා නුදුරින් පිහිටා ඇත්තේය. මනස්කාන්ත පරිසරයක පිහිටි මෙහි ජල ධාරිතාවය සිර කිරීමට මහා ගල් පර්වතයක් යොදා ගෙන ඇත. ජලයේ සම්පූර්ණ බර ගලට සිර වේ. වැවේ ධාරිතාවය කෙසේද යත් සම්පූර්ණයෙන් පිරී වානෙන් ගිය කල එක දිගටම කන්න හතක් කුඹුරු වැඩ කිරීමට හැක. ඒ යටතේ කුඹුරු අක්කර 800 ට වඩා වැඩි අතර ඉන් පවුල් 400 ක් පමණ පෝෂණය වන්නේය. මේවායින් විවිධ ජාතීන් හා ආගම්වලට අයත් ජනතාව අද භුක්තිය විඳින අතර වැව් රක්ෂිතය හෙක්ටයාර 200 ට වඩා වැඩි ප්‍රමාණයක් පවතී. මෙම වැව් රක්ෂිතය ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති එකම අධි සංවේදී (සීතල උෂ්ණත්වය සම්මිශ්රිත) වන ගහනයද වේ.
" ඔය වැව් රක්ෂිතය වාරිමාර්ග, වනජීවී වන සංරක්ෂණ හා සෞඛ්‍ය යන දෙපාර්තමේන්තු හතරකට අයත් ප්‍රදේශයේ සිංහල, මුස්ලිම්, දෙමළ ජාතීන්ද, බුද්ධාගම, ක්‍රිස්තියානි, බර්ගර්, හින්දු යනාදී ආගම්වලට අයත් ජනතාවක් ජීවත් වෙනවා. ඔවුන් හොඳ සහ්ජීවනයෙන් අනාදිමත් කලක පටන් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බෞද්ධ ජනතාව 58000 ට වඩා ඉන්නවා. ක්‍රිස්තියානි ඉන්නේ 634 දෙනයි. පසු ගිය කාලයේ වැව් ඉස්මත්තේ ක්‍රිස්තියානි පල්ලියක් ඉදි කළා. ඊට වැව් රක්ෂිතයෙන් අක්කර 5 ක් දීලා තිබෙනවා. ජුසේ වාස් මුනිඳුන්ගේ දේවස්ථානයක් තමයි පිහිට තිබෙන්නේ. නමුත් දැන් ඒ පල්ලිය විශාල කරන්න කියලා වැව් රක්ෂිතයෙන් තවත් අක්කර 72 ක් ඉල්ලනවා. ජෝන් අමරතුංග ඇමැතිතුමා මාර්ගයෙන් තමයි ඔය වැඩපිළිවෙළ කරන්නේ.
ඒකට අපි විරුද්ධ වුණා. බෞද්ධ උරුමයක් ඇති වැවත් වටිනාකමක් ඇති වැව් රක්ෂිතයත් බේරා ගන්න අපි සටන් කළා. ආගමකට විරුද්ධව අපි වීදි බැස්සේ නෑ. පළාතේ තිබෙන පොදු වස්තුවක් මේක. අප ප්‍රදේශයේ නිරන්තරයෙන්ම වල් අලි ගැටලු තිබෙනවා. මේ වැව් රක්ෂිතය වල් අලින්ට හොඳ තෝතැන්නක්. ඒ නිසා ගම් වදින වල් අලි ප්‍රමාණය අඩුයි. මේ රක්ෂිතයේ වල් අලි වර්ග 4 ක් ජීවත් වෙනවා. කහල්ල පල්ලේකැලෙන්, තේක්ක වත්තෙන් හා සුළු වශයෙන් විල්පත්තුවෙන් සංක්‍රමණය වන අලින් ප්‍රදේශයේම උපන් ආවේණික අලින් කියන හතර වර්ගයයි. අලි මිනිස් ගැටුමට පිළිතුරක් ලෙස මේ වැව් රක්ෂිතය ඉතා අනභිභවනීය සේවාවක් වෙනවා.
තවත් එකක් මේ රක්ෂිතයේ සෞඛ්‍යයට අයිති කොටසේ ගල්ගමුව මහ රෝහලට ජල මූලාශ්‍රය සැපයීමට සැලසුම් කර තිබෙනවා. ධීවර කටයුතු බොහෝ සෙයින් කර ජීවත් වන විශාල ජන කොටසක් ඉන්නවා. ඉතිං ඔය අතරේ තමයි මෙම රක්ෂිතයේ යට කී පල්ලිය වැඩි දියුණු කිරීමට රජය කටයුතු කළේ. ඔවුන් ජාතික ජුසේ වාස් මුනිඳුන්නේ දේවස්ථානය ලෙස නම් කර එය ඉදිකිරීමට සැලසුම් යොදා තිබෙනවා. ඒකට අපි විරුද්ධ වුණා. අපි ඉල්ලා සිටියා ජුසේ වාස් ජාතික දේවස්ථානය කියලා නම් කරන්න කියලා මොකද ජාතික යන වදන ඉදිරියට ආවම එම ප්‍රදේශයේ ඉඩම් බලය අදාළ ආගමික ස්ථානවලට තිබෙනවා. ඒ අනුව ඔවුන් මුළු වැව් රක්ෂිතයම තමන් සතු කර ගන්නවාමයි. ආගම් ලෙස ඒ බල තල ලැබී තිබෙනවා.
මොකද මේකේ ඔවුන්ගේ යටි අරමුණක් තියෙනවා. ඒක තමයි ප්‍රදේශයේ ජීවත්වන්නේ ක්‍රිස්තියානි ආගමිකයන් 634 යි. මේ පල්ලිය මඩු පල්ලියට දෙවැනි කොට තමයි නිර්මාණය කරන්නේ. එවිට එය නඩත්තු කරන්න නම් තව ආගමිකයන් ඉන්න ඕනෑ. ආගමිකයින් ගෙන්වා ගන්න නම් ඔවුන්ට ඉඩම් ලබා දිය යුතුයි. එවිට දෙන්නේ යට කී වැව් රක්ෂිතය නෙමෙයිද? එතකොට කොයි අපිට වැව් රක්ෂිතයක්. වල් අලි කොහාටද යන්නේ සිදුවන පාරිසරික හානිය? එයාලට එවැනි විශාල පල්ලියක් හදා ගන්න ඕනෑනම් ක්‍රිස්තියානි ආගමිකයන් ජීවත්වන බහුල ප්‍රදේශ ලංකාවේ ඕනෑතරම් තියෙනවා.
අපි හොඳ සහජීවනයෙන් ආගම්වාද, වර්ගවාද නොවී ජීවත් වුණා. ඒ නිසා තමයි මීට පෙර ඔය ඉඩම් අක්කර 5 දුන්නේ. දැන් ඒ සහජීවනය නැති කරන්න මේ යහපාලන ආණ්ඩුවේ එක්තරා ඇමැතිවරයෙක් හා තවත් ප්‍රාදේශීය දේශපාලකයින් කිහිප දෙනකු අරඅදිනවා. අපි ඒකට විරුද්ධයි. දිවි හිමියෙන් අපි ඔය පරිසරයත් වැව් රක්ෂිතයත් වැවත් රකිනවා. රකිනවාමයි. මේ ප්රශ්නය ටික දවසකට යට ගිහින් තිබුණා. නමුත් ඒක අළුයට ගින්දර වගේ යළි උඩ එනවා. පසුගිය දිනක ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරියට ජෝන් අමරතුංග ඇමැතිතුමා ලිපියක් යොමු කරලා තියෙනවා මේ ඉඩම් මනින්න කියලා. වන සංරක්ෂණයෙන් ඒ සඳහා අවසර ඉල්ලලා තිබෙනවා. මම යළිත් කියන්නේ ඒ ඉඩම් ටික එක දෙපාර්තමේන්තුවකට නොවෙයි දෙපාර්තමේන්තු 4 කට අයිතිය කියන එක."
-
සංගප්පාලේ අමරවංශ හාමුදුරුවෝ