'ජෝන් සීනා' රෙස්ලිං වළල්ලට සමුදෙන දිනය අද 😦😦😦

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,338
    8,494
    113
    'ජෝන් සීනා' රෙස්ලිං වළල්ලට සමුදෙන දිනය අද



    රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට අද (13) ක්‍රීඩාකිරීමට නියමිතය.

    මෙම තරගය මෙරට වේලාවෙන් හෙට (14) අලුයම පැවැත්වේ. ඒ අනුව අද තරගයෙන් පසු ජෝන් සීනාගේ වසර 20කට වැඩි වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් වනු ඇත.

    ඔහුගේ අවසන් තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන 'GUNTHER'ය.

    රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනා, 2001 වසරේ WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටියි.

    ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනාඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව වේ.

    අඩි 6යි අඟල් 1(185cm)ක් උස, කිලෝග්‍රෑම් 114ක් බර දැඩි දේහධාරී පෙනුමක් ඇති ජෝන් සීනා, මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවේ.