ජ‍පුර සිසුන්ට සමාව!

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජ‍පුර සිසුන්ට සමාව!

ජ‍පුර සිසුන්ට සමාව!

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනය විරෝධීව හැසිරීම හේතුවෙන් දඬුවම් ලැබු සියලු සිසුන්ට සමාව ලබාදීමට විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ සියලු සිසුන්ට කුමන ආකාරයක හෝ කොන්දේසියක් පැනවීමකින් තොරව පන්ති තහනම් කිරීම් ඇතුළු සියලු දඬුවම් අහෝසි කෙරෙනු ඇත.

පසුගිය 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සහනය ලබාදෙන බව විශ්ව විද්‍යාලය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සිසු දරුවන්ගේ පවුල් වල මව්පියන්ගේ බලවත් ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම දරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට මානසික හා ශාරිරික සුවය ලබාදීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දහවල් විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසු නායකයින් තිදෙනා නිදහස් කරන ලෙස බලකිරීම සඳහා මෙය සංවිධානය කරන බව වාර්තා වෙයි.

අද‍දෙරන ‍