ජ.වි.පෙ. නාම යෝජනා අත්සන් කරති

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජ.වි.පෙ. නාම යෝජනා අත්සන් කරති

ජ.වි.පෙ. මන්ත්‍රීවරු කුසලානයෙන් නාම යෝජනා අත්සන් කරති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 18:32
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නාම යෝජනා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද අත්සන් කළෝය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලය වූ කොළඹ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයේදී මෙම අත්සන් තැබීම සිදු වූයේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඉදිරියේදීය.

මෙහිදී කොළම දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර්, කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක, ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් යන මහත්වරුන් මෙළෙස අද නාම යෝජනාවලට අත්සන් තැබූහ.

N04.jpg


N02.jpg


N03.jpg


N01.jpg


N.jpg