Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්.🙄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ මගින් විජය කුමාරතුංග ඝාතනයකර අදට වසර 30යි.

විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09දා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවි දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකුවූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ.කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය.ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය. ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජේෂ්ඨයින් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය. ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පලකල සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසදාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පලකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කල හැකිය. විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතල ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය. කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි.

එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’. විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කලේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිලියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ගාමිණී ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.

[QUOTE="monson, post: 29774016, member: 30005"] [B][SIZE=6]ජවිපෙ මගින් විජය කුමාරතුංග ඝාතනයකර අදට වසර 30යි.[/SIZE][/B] විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09දා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවි දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකුවූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ.කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය.ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය. සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය. ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජේෂ්ඨයින් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය. ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පලකල සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසදාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පලකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි. උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කල හැකිය. විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතල ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය. කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’. විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කලේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිලියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ගාමිණී ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom