ජ.වි.පෙ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක්.🙄

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    exHgDzx.jpeg

    රූපවාහිනී නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ නියෝජිත නලින් හේවගේ විසින් සිදුකළ 88 -89 භීෂණ සමයේ දී ඝාතනයට ලක්වූයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පුකාරයින්, හොරුන් වැනි පුද්ගලයන් යන ප්‍රකාශයට විරෝධය පළකරමින් නව ජනතා පෙරමුණ අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්‍‍ඝෝෂණයක් පැවැත්වීය.

    මෙහිදී අදහස් දැක්වූ විරොධතාකරුවන්
    ’88/ 89 භීෂණ සමයේ සාමාන්‍ය ජනතාව අපේ ඇස් ඉදිරිපිට වෙඩි තියලා ඝාතනය කරපු හැටි දැක්කා. සමාජ සේවකයින්, සමාජයේ යහපත් වැඩ කරපු මිනිස්සු ඝාතනය කළා.

    අතීතයේ අපේ සියලු දේ විනාශ කරපු මිනිස්සු දැන් නැවත මේ එන්න හදන්නේ මොකාට ද, රටේ විද්වතුන්, මාධ්‍යෙව්දීන්, ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු ජවිපෙ රටේ බලය ගන්න දගලනවා.දැනටත් ජවිපෙ කරන්නේ ජනතාවට වෛර කරන එක, මියගිය මිනිසුන්ටත් කරන අපහාසයක් මේක. මැරුණු මිනිස්සුන්ට තවමත් ජවිපෙ වෛර කරනවා. අපි රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්තවාදට වළපල්ලට යවන්න’
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    Ara phottu harak denna nisa mu kiyapu eka hariyata meter une ne. Mu kariya wage mini marapu eka accept kala. Okata kiyanne "extrajudicial killing " kiyana eka.

    3% inne Jeppo DNA tiyena un. Eka taama wadi wela ne. Wadi wela tiyenne hitha riduna lapati ponnayo tika eheta heththuwela aapu paawena chanda tika tama. Oya tikath nathi wenawa mun wage harak kata ariyama.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    88 89 නෙමේ 71 ඉඳන් කරේ ඕව ,

    සමාව ගත්තම හරි බැනපු එකකට වගේ කාට හරි අසාධාරණ හේතුවකට .

    මිනි මරපුවට සමාව ගන්න නෙමේ , සම්බන්ද උන් දැන් පණපිටින් ඉන්න arrest කරලා නඩු දාන්න ඕන ,

    විජේවීර බල්ලාගේ ඉඳන් හැම එක්ම ත්‍රස්තවාදියෝ විදිහට නම් කරන්න ඕන .

    තව army ,පොලිස් රිංගගෙන මිනි මරපු උන්වත් සම්බන්ද උන් දැන් පණපිටින් ඉන්න arrest කරලා නඩු දාන්න ඕන .

    කරවපු දේශපාලනේ කරපු උන් දේශද්‍රෝහියෝ විදිහට නම් කරලා උන්ගේ සැමරීමක් වත් public කරන්න තහනම් කරන්න ඕන ,

    තව බල්ලල්ලු කියල හිටපු උන්ටත් ඒකම කරන්න ඕන ,

    jvp කරලා මිනි නොමරපු ,දේපල විනාස නොකරපු , නිකන් poster ගගහ ගීපු උන්ව පුනුරුත්තාපනය කරන්න ඕන .

    මිනි මරපු (ඔය 3නෙම උන් ළමයි පවා මාරුව ) , ස්ත්‍රී දුෂණ කරපු උන් (3නේම උන් කරා ), අදාල නැති අහිංසක මිනිස්සුන්ගේ අතපය කපපු , වධ දීපු හැම එකෙක්ම එල්ලන්න ඕන දැන් පන පිටින් ඉන්න නීතය ඉස්සරහට ගෙනල්ල ,

    හුත්තේ සමාවකින් ඇති වැඩක් නැහැ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ජෙප්පො කාර්යාලේ ඉස්සරහ ගෙවතු වගාවක් දාලා නේද. ශෝක් තණකොල ටික
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    දේශපාලනය වෙනුවෙන් කරුනාඅම්මන්ට සමාවදීලා උප සභාපති කරපු මිනිස්සුද මේ කියලා හිතෙනකොට.....
    කොහොමත් කවුරුහරි මරල හෝ වෙන ඔනෙම අපරාධයක් කරලා තියනවනම්, ඔප්පු කරන්න පුලුවන්නම් දඩුවම් කරන්න ඔනේ
    දැන් ඔය කතා කතාකරලා අවුරුදු 30+... මොන විකරා දේශපාලනයක්ද මේ.
    උන් වැරදිනම් උන්ට දඩුවම් නොකරපු චන්ද්‍රිකා, රනිල්, මහින්ද, හිටන් ඔය ඔක්කොම වග කියන්න ඔනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    89 JVP එකෙන් මැරුවේ කසිප්පු කාරයො ස්ත්‍රී දූෂකයෝ උනත් JVP එක කොහොමද ඒ විදියට මිනිස්සු මරන්නේ ?
    JVP එකට කොහෙද බලයක් තියෙන්නේ වැරදි කරයන්ට දඩුවම් දෙන්න
     
    • Haha
    Reactions: Ritash9001

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අධෝ මාර සෙනගක් ඉන්නවා.
    ලේසි වෙන්නෙ නෑ.
    මම නම් කියන්නේ ඕක වටලන්න ඕන.
    ඕන තරම් සෙනග ඉන්න එකේ මොකට බෝඩ් කෑලි උස්සගෙන ඉන්නවද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,672
    28,716
    113
    ජවිපෙ මගින් විජය කුමාරතුංග ඝාතනයකර අදට වසර 30යි.

    විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09දා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවි දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකුවූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ.කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය.ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

    සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය. ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජේෂ්ඨයින් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

    ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය. ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පලකල සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසදාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පලකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

    උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කල හැකිය. විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතල ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය. කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි.

    එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’. විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කලේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිලියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ගාමිණී ‍ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,672
    28,716
    113
    විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිව් දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කල ඔහු පසුව ලංගම රියදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කල අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය. සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අගුලානේ පිහිටි ඔහුගේ හිතවෙතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප්‍රකාශ කලේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ. විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛකයා ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි. රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කණිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය.ලයනල් පවුලේ වැඩිමලාය. ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කල මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත. ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කල අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි. මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය. හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි. ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය. ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත. අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ. ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය.

    ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයෙනි" (වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව අළලා Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසින් රචිත අතිශය සංවේදී සත්‍ය කථාව වන 'ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1,289ක් ඇතුළත්ය.මිල රුපියල් 1,500/-කි. "ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය මිලදී ගන්නේනම් නුගේගොඩ සරසවි සහ දිවයින පුරා පිහිටි එහි ශාඛා වලින්ද, මරදාන සුරස, ගොඩගේ, දයාවංශ ජයකොඩි, නුගේගොඩ කියවන නුවණ, රාජගිරියේ සුපිපි, කොටුවේ එම්. ඩී. ගුණසේන සහ එහි සියළුම ශාඛා වලින්ද, කොහුවල විජිත යාපා සහ සියළු ශාඛා ඇතුළු පොත් සාප්පු වලින්ද ලබාගත හැකිය. වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 / 011-5234384 යන දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑල: [email protected] විමසිය හැකිය.)

    The rest of the article

    - https://www.facebook.com/media/set/?set=a.10210864373431571&type=3
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,993
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විජේවීර මැරුණම එකපාරටම රට සන්සුන් වෙලා, ප්‍රශ්න අමතක වුනා. මිනී මරපු හොරකම් කරපු ජෙප්පොයි ආමිකාරයොයි පොලිස්කාරයෝයි පරාමිලිටරිකාරයොයි නිදහසේ සමාජයේ හැසිරෙන්න පටන්ගත්ත.

    seth meyers wish GIF by Late Night with Seth Meyers

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    exHgDzx.jpeg

    රූපවාහිනී නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ නියෝජිත නලින් හේවගේ විසින් සිදුකළ 88 -89 භීෂණ සමයේ දී ඝාතනයට ලක්වූයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පුකාරයින්, හොරුන් වැනි පුද්ගලයන් යන ප්‍රකාශයට විරෝධය පළකරමින් නව ජනතා පෙරමුණ අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්‍‍ඝෝෂණයක් පැවැත්වීය.

    මෙහිදී අදහස් දැක්වූ විරොධතාකරුවන්
    ’88/ 89 භීෂණ සමයේ සාමාන්‍ය ජනතාව අපේ ඇස් ඉදිරිපිට වෙඩි තියලා ඝාතනය කරපු හැටි දැක්කා. සමාජ සේවකයින්, සමාජයේ යහපත් වැඩ කරපු මිනිස්සු ඝාතනය කළා.

    අතීතයේ අපේ සියලු දේ විනාශ කරපු මිනිස්සු දැන් නැවත මේ එන්න හදන්නේ මොකාට ද, රටේ විද්වතුන්, මාධ්‍යෙව්දීන්, ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු ජවිපෙ රටේ බලය ගන්න දගලනවා.දැනටත් ජවිපෙ කරන්නේ ජනතාවට වෛර කරන එක, මියගිය මිනිසුන්ටත් කරන අපහාසයක් මේක. මැරුණු මිනිස්සුන්ට තවමත් ජවිපෙ වෛර කරනවා. අපි රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්තවාදට වළපල්ලට යවන්න’
    නව ජනතා පෙරමුණේ මොළේ තියෙන කීපදෙනෙක් බෝඩ් වලින් මූන වහන් ඉන්නව
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ජවිපෙ මගින් විජය කුමාරතුංග ඝාතනයකර අදට වසර 30යි.

    විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09දා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවි දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකුවූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ.කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය.ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

    සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය. ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජේෂ්ඨයින් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

    ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය. ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පලකල සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසදාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පලකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

    උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කල හැකිය. විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතල ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය. කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි.

    එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’. විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කලේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිලියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ගාමිණී ‍ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.
    adeh JVP ekada maruwe adane danne
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිව් දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කල ඔහු පසුව ලංගම රියදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කල අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය. සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අගුලානේ පිහිටි ඔහුගේ හිතවෙතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප්‍රකාශ කලේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ. විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛකයා ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි. රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කණිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය.ලයනල් පවුලේ වැඩිමලාය. ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කල මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත. ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කල අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි. මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය. හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි. ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය. ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත. අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ. ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය.

    ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයෙනි" (වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව අළලා Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසින් රචිත අතිශය සංවේදී සත්‍ය කථාව වන 'ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1,289ක් ඇතුළත්ය.මිල රුපියල් 1,500/-කි. "ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය මිලදී ගන්නේනම් නුගේගොඩ සරසවි සහ දිවයින පුරා පිහිටි එහි ශාඛා වලින්ද, මරදාන සුරස, ගොඩගේ, දයාවංශ ජයකොඩි, නුගේගොඩ කියවන නුවණ, රාජගිරියේ සුපිපි, කොටුවේ එම්. ඩී. ගුණසේන සහ එහි සියළුම ශාඛා වලින්ද, කොහුවල විජිත යාපා සහ සියළු ශාඛා ඇතුළු පොත් සාප්පු වලින්ද ලබාගත හැකිය. වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 / 011-5234384 යන දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑල: [email protected] විමසිය හැකිය.)

    The rest of the article

    - https://www.facebook.com/media/set/?set=a.10210864373431571&type=3

    ඔන්න ගවේශනෂීලී මාද්යවේදියෙකුගේ සටහන.. ඕඅක බැලුවම වැඩේ සෙට් කරලා තියෙන්නේ කවුද කියලා සාක්ෂි එක්කම තියෙනවා
     
    • Haha
    Reactions: monson and EVC