Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
40 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්.🙄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිව් දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කල ඔහු පසුව ලංගම රියදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කල අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය. සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අගුලානේ පිහිටි ඔහුගේ හිතවෙතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප්‍රකාශ කලේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ. විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛකයා ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි. රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කණිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය.ලයනල් පවුලේ වැඩිමලාය. ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කල මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත. ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කල අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි. මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය. හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි. ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය. ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත. අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ. ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය.

ජවිපෙ 2වැනි කැරැල්ල ග්රන්ථයෙනි" (වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව අළලා Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසින් රචිත අතිශය සංවේදී සත්‍ය කථාව වන 'ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1,289ක් ඇතුළත්ය.මිල රුපියල් 1,500/-කි. "ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය මිලදී ගන්නේනම් නුගේගොඩ සරසවි සහ දිවයින පුරා පිහිටි එහි ශාඛා වලින්ද, මරදාන සුරස, ගොඩගේ, දයාවංශ ජයකොඩි, නුගේගොඩ කියවන නුවණ, රාජගිරියේ සුපිපි, කොටුවේ එම්. ඩී. ගුණසේන සහ එහි සියළුම ශාඛා වලින්ද, කොහුවල විජිත යාපා සහ සියළු ශාඛා ඇතුළු පොත් සාප්පු වලින්ද ලබාගත හැකිය. වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 / 011-5234384 යන දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com විමසිය හැකිය.)

The rest of the article

- https://www.facebook.com/media/set/?set=a.10210864373431571&type=3

[QUOTE="monson, post: 29774022, member: 30005"] විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිව් දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කල ඔහු පසුව ලංගම රියදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කල අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය. සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අගුලානේ පිහිටි ඔහුගේ හිතවෙතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප්‍රකාශ කලේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ. විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛකයා ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි. රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කණිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය.ලයනල් පවුලේ වැඩිමලාය. ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කල මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත. ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කල අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි. මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය. හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි. ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය. ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත. අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ. ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය. ජවිපෙ 2වැනි කැරැල්ල ග්රන්ථයෙනි" (වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව අළලා Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසින් රචිත අතිශය සංවේදී සත්‍ය කථාව වන 'ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1,289ක් ඇතුළත්ය.මිල රුපියල් 1,500/-කි. "ජවිපෙ 2වැනි කැරැල්ල" ග්‍රන්ථය මිලදී ගන්නේනම් නුගේගොඩ සරසවි සහ දිවයින පුරා පිහිටි එහි ශාඛා වලින්ද, මරදාන සුරස, ගොඩගේ, දයාවංශ ජයකොඩි, නුගේගොඩ කියවන නුවණ, රාජගිරියේ සුපිපි, කොටුවේ එම්. ඩී. ගුණසේන සහ එහි සියළුම ශාඛා වලින්ද, කොහුවල විජිත යාපා සහ සියළු ශාඛා ඇතුළු පොත් සාප්පු වලින්ද ලබාගත හැකිය. වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 / 011-5234384 යන දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑල: [email]ejournalists@gmail.com[/email] විමසිය හැකිය.) The rest of the article - [URL]https://www.facebook.com/media/set/?set=a.10210864373431571&type=3[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom