ජ වී පෙ - JVP

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,649
    113
    පෘථිවිය
    ජ.වී.පෙ යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ.

    1965 මැද භාගයේදී ආරම්භ වුනු විමුක්ති සංවිධානයකි.

    මෙහි මුලික අඩිතාලම දමන්නේ රෝහණ විජේවිරයි

    71 කැරැල්ල

    1971 දී ආයුධ සන්නද්ධ අරගලයකින් මොවුන්ගේ පළමු සමාජ අවතීර්ණය සිදුවුනි.

    71 කැරැල්ල යනු වැඩිහිටි කාගේත් භීතියට ලක්වූ වියසනයකි.

    මුලිකවම බණ්ඩාරනායක ආණ්ඩුව වෙත එල්ල කෙරුණු මෙම ප්‍රහාරය, මුළු රටේම වියපත විය.

    මධ්‍යම සහ දකුණු පළාත්වල වැඩි කොටසක ජ.වී.පෙ කැරලි කරුවන් විසින් අත්පත් කරගන්න ලදී.
    බෝම්බ සෑදීම, තුවක්කු පොලිස් කාර්යාලවලින් පැහැර ගැනීම වැනි දරුණු ක්‍රියා ඔවුන් එවකට ක්‍රියාත්මක කරන ලදී
    බෝම්බ සැදීමේ කම්හලක් ඉතා රහසිගතව පවත්වාගෙන ගියත්, එම කම්හල පුපුරා යන්නේ අත්වැරදීමකින් බෝම්බයක් පුපුරා යාමෙනි.
    නෙලුම්දෙනියේ ඇතිවුණු මෙම සිද්දියෙන් බෝම්බ රාශියක් ආරක්ෂක අංශවලින් සොයාගන්න ලදී.

    මෙම අවස්ථාවේදී රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වන අතර ඔහු යාපනයේ සිරගත කළේය.

    රෝහණ ගේ සිරගතවීම අතරතුර සෙසු සාමාජිකයින් අප්‍රේල් 5 (71) කැරැල්ල ක්‍රියාත්මක කළේය.
    පුරා සති දෙකක් පමණ දරුණු සටන් අවිලුනි.

    රටේ සම්පත් විශාල ලෙස ගිනිබත් කිරීම් වලට ලක් වුනේය. බස් රථ, කාර්යාල සහ රටේ නොයෙකුත් ආණ්ඩුවට සහය දෙන වියාපාර මෙසේ විනාස කිරීමට කැරලි කරුවන් ක්‍රියා කළේය.

    සාමාන්‍ය ජනයා 5000ක් පමණ මෙම කැරැල්ලෙන් අනිසි ලෙස දිවි පිදුවේය.

    තවද රටේ යොවුන් 30000ක් පමණ මෙම කැරැල්ලෙන් දිවි පිදුවේය. විශේෂයෙන් වයස 16 සිට 35 දක්වා පිරිමි සහ ගැහැණු කැරැල්ලට එක වුනු අය විය.

    රෝහණ විජේවීර වසර 20ක සිර දඩුවමකට යටත් කළේය.


    දෙවැනි කැරැල්ල 88-89

    1987 දී ඉන්දියානු මැදිහත් වීමක් සිදුවෙමින් පවතින වකවානුවේ, නැවත ප්‍රතිසංවිධානය වුනු විමුක්ති පෙරමුණ තමන්ගේ පළමු කැරැල්ලට සමාන නව මුහුණු වරකින් අලුත් සටනක් ක්‍රියාත්මක කරන ලදී.

    රජයට සහය දැක්වූ 3000ක් පමණ සහ රජයේ ආයතනවල ප්‍රධානින්, පන්සල්වල හිමි වරුන් විශාල සංඛ්‍යාවක් ජ.වී.පෙ සාමාජිකයින්ගෙන් මැරුම් කෑවේය.

    මෙම කැරැල්ල රටේ සියලු පාසැල්, වියාපාර, රජයේ ආයතන වසා දැමුවේය.
    පාසැල් වසරකට වඩා කාලයක් වස දැමුණු අතර, විභාග වලටද තිත තබන ලදී.

    ජ.වී.පෙ සාමාජිකයින් ගමින් ගමට විවිධ නීති පනවන ලදී, කඩවල් විවුර්ත කිරීම අවම කරන ලෙසද, කඩවල් වැසීමට තුන්ඩු කරමයද, එසේ නොකර සිටි කඩ හිමියන් පසු දින කඩය ඉදිරිපිටම ටයර් දමා පුළුස්සා දමන ලදී.
    අවමන්ගල්යක් තිබෙන නිවෙස්වල දින 2කට වඩා තබා නොගැනීමත්, මිනි පෙට්ටිය දණහිසෙන් පහලින් ඔසවාගෙන යාමත් ඔවුන් අන කරන ලදී.

    ජ.වී.පෙ සාමාජිකයින් ඝාතනය කල ප්‍රසිද්ධ පුද්ගලයින් අතර
    විජය කුමාරතුංග
    සාගරිකා ගෝමස්
    ප්‍රේමකීර්ති ද අල්විස්

    ජ.වී.පෙ සාමාජිකයින් ඝාතනය කල පැවිදි හිමි වරුන් අතර
    කොටිකාවත්තේ සධ්දා තිස්ස හිමි
    පොහොද්දරමුල්ලේ ප්‍රේමලෝක හිමි

    මයිකල් පොල් රොඩ්රිගෝ යන කතෝලික පියතුමන්


    ජ.වී.පෙ සාමාජිකයින් ඝාතනය කල රටේ නමගිය නීතිඥයින්
    අමරා වෙල්ලපුලි
    ගාමිණී මැදගෙදර
    ලෙස්ලි යටන්වල

    ජ.වී.පෙ සාමාජිකයින් ඝාතනය කල විශ්වවිද්‍යාල කථිකාචාර්ය සහ චාන්සලර් වරු
    චන්ද්‍රරත්න පටුවවිතන මොරටුව විශ්වවිද්‍යාලය
    දයා පතිරණ කොළඹ විශ්වවිද්‍යාලය
    ස්ටැන්ලි විජේසුන්දර කොළඹ විශ්වවිද්‍යාලය


    ජ.වී.පෙ සාමාජිකයින් ඝාතනය කල දේශපාලඥයින්
    අනුර ඩැනියල්
    දයා සේපාලි
    එස්මි අමරසිරි
    ජි වී එස් සිල්වා
    හර්ෂ අබේවර්දන
    ජිනදාස වීරසිංහ
    එල් ඩබ්ලිව් පණ්ඩිත
    ලෙස්ලි රණගල
    ලයනල් ජයතිලක
    මෙරිල් කාරියවසම්
    නන්දලාල් ප්‍රනාන්දු

    තවත් බොහෝ රටේ නමගිය පුද්ගලයින් ජ.වී.පෙ සාමාජිකයින් ඝාතනය කලේ ඔවුන් රජයට සහ පාසල් වැසීමට, විශ්වවිද්‍යාල වැසීමට සහ නඩු වලට පෙනිසිට්ම යන කරුණු වලටය.
    මෙම වකවානුවේ භීතිය කෙතරම් පතුරිනද යත්, නිවෙස්වල හවස 6 පසු කිසිදු එළියක්/ බල්බයක් දල්විමද තහනම් කරේ ජ.වී.පෙ සාමාජිකයින් විසිනි. මෙසේ නොකළ අය නිවෙස්වලට පැමිණ ගොස් ඝාතනය කළේය.

    ටයර් සැයවල මිනිස්සු පිළිස්සෙමින් තිබෙන දර්ශන බොහෝ නගරවල සුලභ දසුනක් විය.

    ජ.වී.පෙ සාමාජිකයින් ද අත්අඩංගුවට පත්වුණු පසු ඔවුන්ටද අත්වුණේ ටයර් වටකොට ගිනිබත් කිරිමමය.

    මෙම කැරැල්ලෙන් රටේ 60000 ක පමණ තරුණ ජිවිත සහ විද්වත් ජිවිත අහිමි වුනේය.

    පුරා වසර 2ක් පමණ පවතී මෙම භීතියෙන් අහිංසක ජ.වී.පෙ සාමාජිකයින් නොවන ළමයින්ද අත්අඩංගුවට පත්වන්නේ පෞද්ගලික කෝන්තර පියවාගන්නට මරණය ලබදිමෙන්ය.

    දරුණු වදකාගාර සංස්කෘතියක් බිහි වන්නේ මෙම කැරැල්ලෙන් වන අතර රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස, ලක්ෂ්මන් විජේරත්න වැන්නවුන් බටලන්ද වදකාගාරය අරඹන්නේ ජ.වී.පෙ සාමාජිකයින් අල්ලාගෙන ගොස් වදදී ඔවුන්ගේ ප්‍රදනින් අල්ලාගන්නට සලසුම්කිරිමටය.

    රෝහණ විජේවීර සමාජයෙන් කොන් වී, වෙස්වලාගෙන සැඟව සිටින විට අත්අඩංගුවට පත්වෙන අතර එදිනම ඔහුව බොරැල්ල කනත්තේදී ඝාතනය කලේ කළු පරිච්චේදයට තිත තැබීමෙනි.

    එම අවස්ථාව වන විටත් රටේ වසර දෙකක අනාගතය සහ යොවුන් පරපුර මාරු තුරුලට ගොස් අවසන්ය.

    71 කැරැල්ලේදී යොවුන් දායකත්වය රටේ අනාගතයට 80, 90 භාගයේ වැදගත්ව සිටි පිරිසක්වන්නට ඇත.
    88-89 කැරැල්ලේදී අහිමින් වුනු විද්වතුන්, යොවුන් පරපුර 2000 වසර වලදී රටේ ගුණාත්මක භාවයට දායකවන්නට සිටි පුද්ගල කොට්ටාසයක් වන්නටද පිළිවන.

    මෙසේ මෙම වියසන වලට වගකිවයුතු කිසිවෙකුටත් සමාජයෙන් අදටත් සමාව නොලැබෙනු ඇත.
    apr1971-1.jpg
    rohana_wijeweera.jpg
    _78936700_rally.jpg
    jvp_12-300x197.jpg
    anti-jr-graffiti-dec-88.jpg
    EV7l1GxXQAELNJC.jpg
    JVP-Madirigiriya-88-89.jpg
    JVP-88891.jpg
    Black_July_-_from_Commons.jpg
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මේ උඹ හරි හොඳට හොයල බලලානේ ඕක ලියන්න ඇත්තේ. මට කියපන් ඉස්සෙල්ල උනේ ජවිපෙ සන්නද්ධ උන එකද? එහෙම නැත්නම් නිරායුධව හිටපු ජවිපෙ තහනම් කරපු එකද?

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,697
    113
    මාලඹේ
    JVP කියන්නේ රටේ ඉන්න අමුම අමු මිනීමරුවෝ සෙට් එක . දැන් බොරුවට ආත්මේ මාරු කරලා වගේ කෑ ගැහෙන්නේ. ඕකුන් එදත් කරේ අහිංසක මිනිස්සුන්ගේ රත්රන් ටොන් ගණන් හොරකම් කරපු එක
     

    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    71 කැරැල්ලේදී යොවුන් දායකත්වය රටේ අනාගතයට 80, 90 භාගයේ වැදගත්ව සිටි පිරිසක්වන්නට ඇත.
    88-89 කැරැල්ලේදී අහිමින් වුනු විද්වතුන්, යොවුන් පරපුර 2000 වසර වලදී රටේ ගුණාත්මක භාවයට දායකවන්නට සිටි පුද්ගල කොට්ටාසයක් වන්නටද පිළිවන.


    Pata paksha bedhayakin thorawa mun thun golloma lankawa ada wati athi ththwayata waga kiwa Uathui. Dan Ahasin path una wage innenam .
     
    • Like
    Reactions: Solo Rider

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    jvp එකයි ltte එකයි රට විනාශ කරලා..රට පරම්පරා ගානක් පස්සට දමල ..අහනවා රට දියුණු නැත්තේ මොකද කියල. මෙහෙම හරි ඉතුරු වෙච්ච එක්ක ලොකු දෙයක්.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    jvp එකයි ltte එකයි රට විනාශ කරලා..රට පරම්පරා ගානක් පස්සට දමල ..අහනවා රට දියුණු නැත්තේ මොකද කියල. මෙහෙම හරි ඉතුරු වෙච්ච එක්ක ලොකු දෙයක්.

    :yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම හිතන්නේ ජ.වි.පෙ. සහ යූ.එන්.පී දෙකම රටට මහා විනාශයක් කරපු පක්ෂ. ඒ දෙකෙන්ම වැඩිම හානිය කළේ යූ.එන්.පී එක.
    පුදුමෙ කියන්නෙ අවුරුදු ගාණකට පස්සේ ජ.වී.පෙ.ත් ගිහිං රනිල්ගේ ඔඩොක්කුවේ වාඩි වුණා.
    ඊළඟට ආපු චන්ද්‍රිකා, මහින්දලත් ඉතින් යු.එන්.පී එකට බැන බැන උන්ගේ ජරා ප්‍රතිපත්තිම තමයි ක්‍රියාත්මක කලේ, හිතවත්තුන්ට පත්වීම් දිදී. එකම දේ රට කොටින්ට පාවල නොදීපු එක විතරයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකෝ බන් මේ ටිකේ 88-89 ගැන ඔච්චර ත්‍රෙඩ් වැටෙන්නේ.ජෝ සීයා උන්ගේ ඉතිහාසය අලුතෙන් ලියනවා වගේ සීන් එකක්වත් යනවද මෙහෙත්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    මොකෝ බන් මේ ටිකේ 88-89 ගැන ඔච්චර ත්‍රෙඩ් වැටෙන්නේ.ජෝ සීයා උන්ගේ ඉතිහාසය අලුතෙන් ලියනවා වගේ සීන් එකක්වත් යනවද මෙහෙත්
    නැහැ බන් මේ දවස්වල පට්ට ගුණ ගායනා තොගයක් ගියා ජෙප්පෝ ගැන. වෙන එකක් තියා. එදාම හදපු එකවුන්ට් එකකින් පුදුම වර්ණනාවක් කරලා තිබ්බා. මම නම් දැකලා තියෙන්නෙ මං කටින් බතල හිටවන ජෙප්පෝ විතරයි. අපේ කේක් ඉන්නවා FB ඒකේ මෙන් ටෝක් වැඩකට ගියාම වැඩේ කෙසේ වෙතත් බෝතලේ නම් මුලින්ම ගේනවා.