ඥාණසාර හිමිගේ තවත් එක් භුමිකාවක පැතිකඩක්

**************************************************************
1975 වසැරේ ගාල්ලේ මහමෝදර රෝහලේදී උපතලද ඥාණසාර හිමියන්ගේ උපන් ගම වන්නේ ගාල්ල ඇල්පිටියේ ගලගොඩඅත්තේ නම් ග්‍රාමයයි. උන් වහන්සේ ගේ ගිහි නම වශයෙන් හැඳින් වුයේ නුවන් සිසිර කුමාර ලෙසයි. කරන්දෙණිය සේනානායක විද්‍යාලයෙන් සිප් සතර හදාරා පසුව 15 වෙනි වියේදී ජයබිම ආරණ්‍ය සේනානසනයෙන් පැවිදි දීවියට එළඹිය . තමන් දේශපාලනයට පිවිසෙන්නේ සිහල උරුමය හා සම්බන්ධවීමෙනි. පසුව සිහල උරුමයෙන් ඉවත්ව බොදු බල සේනා සංවිධානය පිහිටා ගන්නා උන් වහන්සේ , එම සංවිධානයෙන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ වැද පරාජයට පත් විය. පසුව බොදු බල සේනා සංවිධානයේ ලේකම් තනතුරට තෝරා පත්කර ගන්නා ලදී.
මෙරට දේශපාලනය තුල මෙන්ම සමාජය තුලද උන් වහන්සේ ගේ නම නිරන්තරයෙන් සාකච්චාවට භාජනය විය.ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන යුගයේදී ඥාණසාර හිමියන් සතුව අසීමාන්තික බලයක් තිබුණු බව අප කවුරුත් දන්නා කාරණයකි. උන් වහන්සේ මේ රටේ සිංහල බෞද්ධ ජනයාගේ උරුමයන් රැකීමට පෙරට ආ යතිවරයාණන් වහන්සේ නමක් ලෙස යම් පිරිසකගේ නොමද ගෞරව ආදාරයට ද පාත්‍ර විය. එමෙන්ම මේ රටේ මුස්ලිම් ජනයා අතර උන් වහන්සේ පිළිබඳව නිර්මාණය වුයේ යහපත් චිත්‍රයක් නොවන බව එම සමය තුලම දැකිය හැකි විය. නිරන්තරයෙන් මුස්ලිම් දහමේ නීති රීතින්, ආගමික ව්‍යප්තවාදයන් , අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව හඬක් නැගිය.එම විරෝධය තීරණාත්මක මොහොතක පිපිරී ගියේ 2013 වසරේදී අලුත්ගම ධර්ගා නගරයේදීය. මුස්ලිම් ජීවිත තුනක් ඇතුළු ඔවුන්ගේ දේපල රැසකට අලාභ හානි එම ප්‍රදේශයේදී සිදුවිය. බොදු බල සේනාව මෙසේ රැලි නගා නැගී සිටින විට නැගෙනහිර පළාතේ තවුහිත් ජමාත් කල්ලි කිහිපයක්ම ගොඩ නැගුනු අතර , ඉන් එක් සංවිධානයක් වන සහරාන් ගේ මව් සංවිධානය වන අබ්දුල් රසාක් ගේ ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානය මේ රටේ බුද්ධි අංශයට ද අනුයුක්ත කර තිබුණි. ගෝටාභය රාජපක්ෂ විසින් බොදු බලසේනා හා තෞහිත් ජමාත් සංවිධාන එකවර පෝෂණය කල බවද , මෙම කල්ලි දෙකටම වැටුප්ගෙවූ බවද මේ වන විට ප්‍රසිද්ධ කරුණකි.මේ අතරින් තෞහිත් ජමාත් කල්ලියට බුද්ධි අංශ වැඩ කටයුතු වෙනුවෙන් වැටුප් ගෙවූ බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිද මේ වන විට පිළිගෙන ඇත.
අලුත්ගම ධර්ගා නගරයේ සිදුවීමේ සිට මෙරට දේශපාලනයේ විවේචන රැසක් එලල් වූ හිමි නමක් ලෙස ඥාණසාර හිමියන් සමාජය තුල දිස්විය. කෙසේ වුවද බොදු බලසේනාව සමාජය තුල යම් කැපී පෙනෙනෙ තත්වයක් දිනාගත් අතර, එය දෙස් විදෙස් බලවේගයන්ට කදිම උපාය මාර්ගයක් සේ භාවිතයට ගතහැකි මෙවලමක් බවට පත් විය. මෙම කාලය තුලදී බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ලෙස තනතුරක් නිර්මාණය කල අතර , එයට දිලන්ත විතානගේ නම් මෘදුකාංග ඉන්ජිනේරුවරයා පත් විය. ඔහු කලක් නොර්වේ රාජ්‍යයේ අධ්‍යාපනය ලැබූ අයෙකි.
මෙම සිදුවීමෙන් නොබෝ දිනකට පසුව ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් උතුරේ යුද්ධය මුලික කොටගනිමින් යුධ අපරාධ චෝදනාව එල්ල වූ අතර , එයට විරෝධය පා උන් වහන්සේ බොදු බල සේනා කාර්යාලයේදී පුවත්පත් සාකච්චාවක් පැවැත්වීය. එහිදී උන් වහන්සේ මෙසේ පැවසිය.
අපිට මේ මානව හිමිකම් චෝදනා එල්ලවෙනකොට අපේ පැත්ත ගත්තේ බහුතරයක් මුස්‌ලිම් රටවල්. මේ දේවල් නිසා අපට මුස්‌ලිම් රටවල සහයෝගයත් අහිමිවෙලා අපි තවත් හුදෙකලාවෙයි කියලා දේශපාලන විචාරකයෝ කියනවා...
එක රටේ වැරදි විදේශ ප්‍රතිපත්තිය මහත්තයෝ. මම ජනාධිපති නම් මම අනිවාර්යෙන් එකතුවෙන්නේ බටහිර බලවේගයත් එක්‌ක. "
ඉන්පසුව ජනමාධ්‍ය තවත් ප්‍රශ්නයක් නගමින් මෙසේ ඇසීය ...
" ඒ කියන්නේ ඔබ වහන්සේලා නෝර්වේ වැඩිය කාරණාව සම්බන්ධයෙන් එල්ලවන විවේචනවල යම් නිවැරදි බවක් තිබෙනවා කියන එකද?"
උන් වහන්සේ දිලන්ත විතානගේ සමග නොර්වේ වැඩි පුවත පළමු වරට හෙළිවන්නේ එහිදීය.උන් වහන්සේ ගේ පිළිතුර වුයේ හතර බීරි කතාවකි. ජාතික ව්‍යාපාරයකට නායකත්වය දෙන නායකයෙකු යයි තමන් වහන්සේ විසින්ම හඳුන්වා ඇති මුත් , පිළිතුරු දෙන්නේ අපුරු තර්කයක් ගොඩනගමිනි. මුලින්ම ඥාණසාර හිමිගේ පිළිතුර දෙස අවධානය යොමුකරමු.
.
" අපි එහේ ගියේ නෝර්වේ එක්‌ක එකතුවෙන්න නෙමෙයි. අපි ගියේ එහේ ඉන්න එල්.ටී.ටී.ඊ හිතවාදීන් නොවන දෙමළ ප්‍රජාව මුණගැහිලා අද මේ රටේ දමිල ජනතාව මූලධර්මවාදී නිකායන්වල ගොදුරු බවට පත්වීම වැළැක්‌වීම සඳහා වන වැඩපිළිවෙලක් සකසන්නයි අපි ගියේ. එමගින් මූලධර්මවාදයට වැට බඳින්නත්, ආගමික සහජීවනයක් ඇතිකරන්නත් තමයි අපට අවශ්‍ය වුනේ. අවාසනාවකට වගේ ඒ එකඟත්වය ක්‍රියාත්මක වුණේ නැහැ. "
මුලධර්මවාදීන්ගේ ක්‍රියා ශ්‍රී ලංකාව තුල සිදුවන බව අප කවුරුත් දන්නා කාරණයකි. එය ක්‍රිස්තියානි , ඉස්ලාම් මෙන්ම බෞද්ධ නිකායන්ටද සමව එල්ල වී ඇති චෝදනාවකි. මුලධර්මවාදය ක්‍රියාත්මකවන්නේ මෙරට තුල වුවද එය සංසිඳ වන්නට මෙතුමන්ලා ඇතුළු උපාසක පිරිස පිටත්ව යන්නේ ඇමෙරිකාව , නොර්වේ , ප්‍රංශය වැනි රටවලටය. මුලධර්මවාදයට එරෙහිව වැට බැඳීමට සැබෑ වුවමනාවක් තිබේනම් එය ක්‍රියාත්මක කරන ජනයා ජනයා ඉලක්ක කරගෙන නොර්වේ වැඩීමට ප්‍රථම යායුතුවන්නේ උතුරු නැගෙනහිර පළාත් වලට නොවේද ? එසේ වැඩියායැයි කිසියම් ජනමාධ්‍යක ඔබ දැක ඇතිද ? නොර්වේ සංචාරයේදී මේ රටේ කොටෝ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි එරික් සොල්හයිම් මෙන්ම දෙමල ඩයස්පෝරාවද ඥාණසාර හිමියන් හමු වී ඇත.එයට සාක්ෂි දරමින් මේ සමග දෙමල ඩයස්පෝරාව සමග උන් වහන්සේ පෙනී සිටින චායාරුපයක්ද අමුණා ඇත.
මා මීට වසර 5 ක සිට නගන අභියෝගයක් වන්නේ බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන හරහා මෙරටට ක්‍රියාත්මක වන මුස්ලිම් විරෝධය තුල ඇති කටුක සත්‍යයයි .මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් එල්ල කල ප්‍රහාරයන්ගේ අරමුණ වුයේ ඔවුන් ජනතාවක් ලෙස එක් අන්තයකට තල්ලු කිරීමයි.මෙය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අකර්මනය කිරීම උදෙසා මේ රටේ දමිල ජනතාවද එක් අන්තයක් වෙත තල්ලු කළේය. ජාතිවාදී කෝලාහල වලින් පිරුණු මෙම ගමන් මග මා දකින දේශප්‍රේමී සළු පිලි හැඳගත් උපාසකයින්ගේ කුඨ ප්‍රයත්නය මෙයයි.
අද දවසේ ගෝලීයකරණය තුල නව යටත් විජිතවාදය පෙරට වඩා නව මාවත් සොයමින් රටවල් කරා ඇදී එමින් පවතී. උග්‍ර ආර්ථික අර්බුධය හමුවේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරම කඩා වැටීමකට ලක් වී අවසන්ය. රටවල් බලහත්කාරයෙන් යටත් කිරීමත් , ඒකීය රටවල් බෙදා වෙන්කිරීමත් ඔවුන්ගේ පාලනයට එරෙහිව නගන ප්‍රතිප්‍රහාරය අඩපන කිරීමත් ඉන් බලාපොරොත්තු වේ. පලස්තීනය ඉෂ්රායෙලයෙන් ආරම්භ කරමින් , සෝවියට් රුසියාව, යුගොස්ලාවියාව, අප්‍රිකාවේ බොහෝ රටවල්ද , කොරියාවද , ඉන්දියාව - පක්ස්තානය ද අද වන විට බෙදා වෙන්කර අවසන්ය. මේ සෑම තැනකම ඉතිරිකර ඇත්තේ සදාකාලික ගැටුම හා එකිනෙකා අතර වෛරය පමණි. ඒ සෑම තැනක සුරාකෑමද, සම්පත් කොල්ලකෑමද කිසිදු හිරිකිතයකින් තොරව සිදුවේ.
අද වනවිට එකී තත්වය වෙනත් දිශාවකින් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සංවිධානයක් ලෙස INTERNATIONAL CRISSES GROUP හැඳින් විය හැක. එයට නායකත්වය ලබාදෙන්නේ විශ්‍රාමික ධනපති රටවල නායකයින්ය. ඔවුන්ගේ ජීවිතයේ විශ්‍රාම සමයේද කෙළවන්නේද ලෝකයේ සහජීවනයෙන් ජීවත් වන රටවලටය. . රටවල් බෙදා වෙන් කිරීමට සොයාගත් අලුත්ම මාදිලිය වන්නේ භාෂාව මත පදනම් වූ සංකල්පයයි. එය මුලින්ම ඔවුන් අත්හදා බැලුවේ නැගෙනහිර ටිමොරයේය. එහිදී එය සාර්ථක වීමත් සමගම සර්බියාවෙන් කොසොවෝ රට බෙදා වෙන්කර දැමීය. එහිදී ජනමත විචාරණයට පාදක වුයේ අල්බේනියානු භාෂාව කතා කරන ජන කොටස් වෙන් වීමට ඉල්ලා ඇති බවය. එම යෝජනාව එක්සත් ජාන්තින්ගේ මණ්ඩලයට යොමුකරමින් ස්ථිර කර ගැනීමට කොසොවෝ රට බෙදීම වෙනුවෙන් පෙනී සිටි INTERNATIONAL CRISSES GROUP සමත් විය.මෙම සංවිධානයේ ප්‍රමුඛයා වශයෙන් කටයුතු කරන ලද්දේ ලංකාවේ බෙදුම්වාදයටද දැඩි බලපෑමක් කල හිටපු පින්ලන්ත ජනපති Martti Ahtisaari ය. ඔවුන්ගේ ඒ ප්‍රයත්නයද ඉතාමත් සාර්ථක ලෙස විය. එම කුට උපක්‍රමය බටහිරට එරෙහි වුවන්ද උපයෝගී කරගන්නා ආකාරයක් පසුගිය කාලය තුල යුක්රේනයෙදී අප දුටුවෙමු. රුසියාව හා යුක්රේනය අතර ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසුව යුක්රේනයෙන් ක්‍රිමියාව රුසියාවට ඇඳා ගැනීමට පුටින් විසින් ඉතා සරලව භාවිතා කලේ රුසියන් භාෂාවය. එය බටහිර සුඩානය වෙන් කිරීමටද එකසේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන් විසින් උපයෝගී කරගන්න ලදී.
මේ සෑම කුමන්ත්‍රනයක්ම ජාත්‍යන්තර ප්‍රජාව හුදකලාවේ ක්‍රියාත්මක කිරීමක් නුදුටුවෙමු. ඔවුන් එය මෑනීමට යොදාගත්තේ ස්වදේශික බලවේගයන්ය. අප රට තිස් වසරක දිග් ගැසුණු බෙදුම්වාදී යුද්ධය තාවකාලික යුධමය පරාජයක් ලැබුවද එය විවිධාකාරයෙන් බෙදුම්වාදය ජයග්‍රහණය කරා යාමට පිඹුරුපත් සකස් කර අවසන්ය, ඇමෙරිකාවේ සි , අයි, ඒ. නොර්වේ හි ක්‍රියාත්මක වන නොරාඩ් සංවිධානය මෙන්ම ඉන්දියාවේ රෝ සංවිධානයද , දෙමල ඩයස්පෝරාවද අද වන විට ලාංකීය භුමිය බෙදා වෙන් කිරීම වෙනුවෙන් ප්‍රසිද්දියේ මෙන්ම අප්‍රසිද්දියේ පෙනී සිටී. . මේවන විට අප රටේ පාලකයන් ඉන්දියාව විසින් බිත්තියටම හේත්තු කර අවසන්ය. මෝදී වැනි ජාතිවාදී අගමැතිවරයෙකු ගෙන් වත්මන් පාලනයටද මතු බිහිවන කිසිදු පාලනයකටද බුරුලක් නොලැබෙනු ඇත. ඉන්දියාවේ මෝදී ඇතුළු බෙදුම්වාදයට හිතවත් කල්ලියේ උපාය 13 වෙනි සංශෝධනයට ට වඩා එහා ගිය දේශපාලන විසඳුමකි. එනම් ජනමත විචාරණයකි. එහිදී අපට එරෙහිව ක්‍රියාත්මක වන සියලු බලවේගයන් විසින් උපයෝගී කරගන්නේ බෙදුවාදයට උපකල්පනය කල නව න්‍යාය වන භාෂාව මත බෙදීමය, මෙතෙක් කලක් උතුරු නැගෙන හිර විසු මුස්ලිම් ප්‍රජාව සිංහල ආණ්ඩුව සමගද , සිංහල ප්‍රජාව සමගද සමගියෙන් විසු බව අප දන්නා කරුණකි. ප්‍රභාකරන් විසින් උතුරු ප්‍රදේශයෙන් සියලු මුස්ලිම් ජනයා පැය කිහිපයකින් පලවා හැරීමට හේතු වූ කාරණයද සිංහල ජනයා වෙනුවෙන් මේ රටේ මුස්ලිම් ජනයා දැරෑ පක්ෂපාතිත්වයයි . උතුරු නැගෙන හිර පලාත්වල දෙමළ ජනයාට පසුව වැඩිම ප්‍රතිශතය වශයෙන් ජීවත් වන්නේ මුස්ලිම් ජනයාය. . එය එකට එක් වූ කල දෙමල භාෂාව කතා කරන පදනමෙන් 87 % ක ජන ප්‍රතිශතයක් බිහිවේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනමතවිචාරනයෙදී රටට එරෙහි බලවේග කිසිදු පැකිලීමකින් තොරව මෙම ජන වර්ග දෙක එකතු කරනු ඇත. ප්‍රභාකරන් වසර 30 ක යුද්ධයෙන් අත්පත් කරගැනීමට නොහැකි වූ ප්‍රතිපලය ඉතාමත් සරල මාවතකින් ජය ගනු ඇත. යම් රටක ජාතින් වශයෙන් වෙන්වීමට භාෂාව පදනමින් යම් යෝජනාවක් ජාත්‍යන්තර ප්‍රජාව කියා ගන්නා කපටි ආක්‍රමනිකයින් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සම්මත කර ගත හොත් , මේ රටේ ඉනියා දේශප්‍රේමීන්ට කල හැකි කජ්ජක් නැත. මෙතෙක් පැවතී සිංහල මුස්ලිම් සමගිය විනාශ කර දැමීම තුල ඔවුන්ගේ සියලු පාර්තනාවන් මල් පල ගන්වනු ඇත. මුස්ලිම් ප්‍රජාව තුලද සිංහල ජනයා කෙරෙහි ගොඩනැගෙන වෛරය මෙම තීරණාත්මක හෝරාවේදී යම් දිනක ක්‍රියාවේ යොදවනු ඇත්තේ දමිල ජනයා සමග එක්ව තීරණාත්මක දේශපාලනයක නිරත වෙමිනි. මේ උදැවෙමින් තිබෙන්නේ එකී දිශානතියට තල්ලු වන මාවතයි. ඥාණසාර හිමියන්ගේ මුස්ලිම් විරෝධය තුල ඇති එක්තරා කර්කෂක සත්‍යක් වන්නේ මෙම භූමිකාවයි.