ඥාණසාර හිමි නිදහස් කරේ

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ඥාණසාර හිමි නිදහස් කරේ

    දේශද්‍රෝහී ජනාධිපති අයිඑස් ත්‍රස්තවාදයට තවත් මරාගෙන මැරෙන කාඩරයන් සියයක් තල්ලුකරමින් ඥාණසාරට ජනාධිපති සමාව ලබාදෙයි..! ඒකත් කෙළේ සම්පූර්ණ නීති විරෝධීවයි..!!
    (ලංකා ඊ නිව්ස් -2019.මැයි.22, ප.ව.6.45) මරාගෙන මැරෙන ප්‍රහාර මාළාවක් එල්ල කළ ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් අන්තවාදී ත්‍රස්තවාදයට තවත් මරාගෙන මැරෙන කාඩරයන් සියයකගේ තල්ලුවක් දෙමින් දේශද්‍රෝහී ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ රටේ සියළු නීති රීති කඩ කරමින් වසර 19 ක සිර දඬුවම් විඳිමින් සිටි බෞද්ධ අන්තවාදී බොදු බල සේනා නායක ගලගොඩ අත්තේ ඥානසාරට ජනාධිපති සමාව ලබා දෙමින් අදාල ලිය කියැවිලි අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාරය වෙත අද දහවල් යවා තිබේ.

    වසර 6 කට අත් හිටුවන ලද වසර 19 ක සිර දඬුවමක් ඥානසාර සිර දඬුවම් විඳිමින් සිටියේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් නොවන අතර ඔහු දඬුවම් වින්දේ ගංගොඩවිල අධිකරණය තුලට කඩා පැන විනිසුරුවරයාට නඩු අහන්නට බලපෑම් කරමින් සිදුකරන ලද අධිකරණයට අපහාස කිරීමේ වරදට ය. එහි පැමිණිලිකරුවා වූයේ ඒ අවස්ථාවේ නඩු අසමින් සිටි විනිසුරුතුමා සහ නීතිපතිවරයා ය. අභියාචනාධිකරණය විසින් දුන් සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කළේ කිසිදු සංශෝධනයකින් තොරව ය. එසේ තිබියදී ජනාධිපති ගමරාළ ‘ජනාධිපති සමාවදීම’ යටතේ හෝ ඥානසාර නිදහස් කරන ලද්දේ ඒ පිලිබඳ කටයුතු කළ යුතු නීතියට අනුව යමින් නොව සම්පූර්ණයෙන්ම නීති විරෝධීව ය.

    සමාව දුන්නේ නීතිය බල්ලා දමා..
    නීති ප්‍රකාරව යම් සිරකරුවෙකුට ජනාධීපති සමාව දිය හැක්කේ ඒ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගේ විරෝධයක් නොමැති නම්, අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසමේ විරෝධයක් නොමැති නම්, නීතිපතිවරයාගේ විරෝධයක් නොමැති නම් සහ අධිකරණ අමාත්‍යාවරයාගේ විරෝධයක් නොමැති නම් සහ බන්ධනාගාරයෙන් සිරකරුගේ පැවැත්ම පිලිබඳ වාර්තා හොඳ නම් පමණි. ගමරාළ ජනාධිපති ඥාණසාරට නිදහස ලබා දීම සඳහා සලකා බලා ඇත්තේ බන්ධනාගාර වාර්තාව පමණි. නීතිපතිගේ, අධිකරණ අමාත්‍යාංශයේ සහ තීන්දුව දුන් විනිසුරුවරුන්ගේ අනුමැතිය අත්‍යාවශ්‍යම වුවද ගමරාළ නීතිය බල්ලාට දමා ක්‍රියා කර ඇත.

    කෙසේ වෙතත් යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීම හැර ජනාධිපතිගේ අන් සියළුම ක්‍රියාවන්ට එරෙහිව අධිකරණය ඉදිරියට යා හැකි බැවින් ගමරාළගේ නීති විරෝධී සමාව දීමට එරෙහිව යමෙකු හෝ යම් සංවිධානයක් නීතිය ඉදිරියට යනු ඇතැයි විශ්වාස කෙරේ. මන්ද යත් එසේ නොකළහොත් ඉදිරියේ පත්වන ඔ්නෑම ජනාධිපතිවරයෙකුට මේ නීති විරෝධී ක්‍රියාව පූර්වාදර්ශයක් වන බැවිනි.

    ඥානසාර සමග රහසිගත ගිවිසුමක්..
    ඥාණසාර එළියට ගැනීම සඳහා පසුබිම හදමින් පසුගිය 18 දා ජනාධිපතිවරයා, උතුරේ ආණ්ඩුකාර බච්චා රාඝවන්, බස්නාහිර ආණ්ඩුකාර බච්චා අසාද් සාලි සහ බුකී තිලංග සුමතිපාල සමග ඥානසාර බැලීම සඳහා බන්ධනාගාරයට ගියේ ය. බරපතල වැඩ සහිතව සිර දඬුවම් විඳින නමුත් සිරගත වූ දා සිට බන්ධනාගාර රෝහලට වී සැප විඳින ඥානසාර එහිදී හමුවූ අතර සාකච්ඡාව කෙළේ රෝහලේ සිටි සියළු සිරකරුවන් ඉවත් කර රහසිගතව ය. වාර්තා වන අන්දමට ඥානසාර සමග රහසිගත ගිවිසුමකට පැමිණ තිබේ. ඒ නම් නිදහස ලැබීමෙන් පසු ගෝඨාභයට සහයෝගය නොදී තමාට සහාය දෙන බවට වූ ගිවිසුමකි. ඒ ගැන සාකච්ඡා කිරීමට 18 දායින් පසුව ද අසාද් සාලි ඥානසාර හමුවී තිබේ. සියළු ගිවිසුම් අවසන් කිරීමෙන් අනතුරුව අද ඥානසාර නිදහස් කිරීමේ ලියකියැවිලි ජනාධිපති විසින් යවා තිබිණ.

    ඥාණසාර සහ මුස්ලිම් අන්තවාදයේ එකිනෙක පැවැත්ම..
    බෝම්බ පිපිරීමෙන් පසු මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ගැන ඥානසාර කලින් කියා තිබුනා යයි මතයක් රට තුල ගොඩ නැගූ නමුත් තව්හිද් ජමාද් මුස්ලිම් අන්තවාදය හැදූ රාජපක්ෂලා එය ගොඩ නැගුවේ ඊට පසුබිම සැලසෙන බොදු බල සේනා අන්තවාදයද සමගාමීවම ගොඩ නගමිනි. දෙකටම මුදල් ගෙවූයේ එකම අරමුදලකිනි. මුස්ලිම් අන්තවාදයේ අනතුර ගැන ඥානසාර පමණක් නොව සාමකාමී මුස්ලිම් නායකයන් සියළුම දෙනාම පාහේ අනතුරු අඟවා තිබිණ. ගණන් නොගත්තේ අන් කිසිවෙකු නොව ඉන්දියාව 5 වතාවක්ම කියද්දී නෑසූ කන්ව සිටි ජනාධිපති ගමරාළ ය. පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානී නි.පොලිස්පති වරයා ඊයේ ඇප මත නිදහස ලැබීමෙන් පසු හෙළිකර සිටියේ තමා සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලිය අත් අඩංගුවට ගැනීමට සියල්ල සැලසුම් කර තිබියදී ඊට සතියකට පෙර තමාව බොරු චෝදනා නගා අත් අඩංගුවට ගත් බවයි. ඔහු කියන ඒ බොරු චෝදනාව නැගුවේ අන් කිසිවෙකු නොව ජනාධිපති ගමරාළගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලැබූ නාමල් කුමාර ය. ඒ අනුව ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ්රාන්ලා මරාගෙන මැරුණාට ඊට අවශ්‍ය සියළුම අවස්ථාව සලසා දී ඇත්තේ ආරම්භයේ දී රාජපක්ෂලා වුව පසුව දේශද්‍රෝහී ජනාධිපති ගමරාළ බව අපූරුවට පැහැදිලිය.

    දැන් ඥාණසාරට නිදහස ලබා දීමෙන් ජනාධිපති ගමරාළ සිදුකරන්නේ ඊළඟ මරි මෝඩ කමය. රටට විනාශය ය. ඥාණසාර සම්බන්ධ වී සිංහල මුස්ලිම් ගැටුම් සමනය කළ තැනක් ලංකාවේ කොතැනකවත් නැත. බේරුවල, ගිංතොට, තෙල්දෙණියේ ආදී සියළු තන්හි දක්නට ඇත්තේ ඔහු මැදිහත් වී වාර්ගික ආගමික ගැටුම් ඇවිලවූ අවස්ථා ය. ඒ අනුව රටේ මෙවැනි උණුසුම් අවස්ථාවක ඥානසාර වැනි බෞද්ධ අන්තවාදියෙකු නිදහස් කිරීමෙන් සිදුකරන්නේ මුස්ලිම් අන්තවාදය තව තවත් පෝෂණය කිරීමකි. ආරක්ෂක හමුදා අන්තවාදී ජාලය හැකිතරම් අල්ලද්දී ජනාධිපති ගමරාළ කරන්නේ නොමේරූ හැඟීම් බර තරුණ මුස්ලිම් තරුණයන් අන්තවාදය වෙත තව තවත් තල්ලු කිරීමයි. මේ දේශද්‍රෝහී පාලකයා ‘මා යනවා නම් යන්නේ නිකම් නොව ගිනි තියාගෙන’ යයි කීවේ නිකම්ම නොවන බව දැන්වත් තේරුම් ගත යුතුය.



    ---------------------------
    by (2019-05-22 13:17:07)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    LankaEnews ballo me tikata oya pal haalla liwwada nathnam kalin liyala thiyan hitiyada?:lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Lankaenews is the media that create wreak havoc in the society. They might be receiving good money for their actions. If you believe this shit, you must also be a maniac.
     

    Similar threads