ඥාණ ගවේෂණ විහාරාධිපති දැරියක් බරපතළ දුෂණය කරයි.. අත්අඩංගුවට…

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    පහළොස් හැවිරිදි දැරියකට බරපතළ අපයෝජනයක් කළ විහාරාධිපති හිමිනමක් සහ හිමිනමගේ සහෝදරයකු සහ ඊට අනුබල දුන් දැරියගේ අත්තම්මා සහ නැන්දා දොඹගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම දැරිය කොළඹට ආසන්න ප්‍රදේශයක ඥාතියකුගේ නිවෙසේ සිට පාසල් යන අතර ඉකුත් නොවැම්බර් මාසයේ පාසල් නිවාඩුවට තම නිවෙසට පැමිණ ඇත. යාබද නිවසේ පදිංචි ආත්තම්මා සහ නැන්දා ඇයව ලියන්ගොල්ල ඥාණ ගවේෂණ විහාරස්ථානයට කැඳවාගෙන ගිය අවස්ථාවේදී විහාරස්ථානය තුළදී විහාරාධිපති හිමියන් ඇයට බරපතළ අතවරයක් සිදුකර ඇති බවත්, පසුව විහාරාධිපති හිමියන්ගේ සහෝදරයකුද අත්තම්මාගේ නිවෙසේදී දැරියට බරපතළ ලිංගික අතවරයක් සිදුකර ඇති බවත් සඳහන්ය.

    අත්තම්මා විසින් දැරිය, විහාරාධිපති හිමියන්ගේ සහෝදරයකුට අතවර කිරීම සඳහා ඉඩ සලසාදී ඇති බවට ගමේ ප්‍රචාරයක් යෑමෙන් පසු දැරියගේ දෙමව්පියන් ඒ පිළිබඳ දැරිය පාසල් යෑම සඳහා පදිංචිව සිටින නිවෙසේ ඥාතිවරියට දැනුම්දී ඇත. ඥාතිවරිය විසින් දැරියව වෛද්‍යවරයකුට පෙන්වීමෙන් පසු සිද්ධිය පිළිබඳ අනාවරණයවී ඇත. පසුව දැරියගේ මව විසින් දොඹගහවෙල පොලිසියට පැමිණිලි කර තිබේ.

    පරීක්ෂණ පැවැත්වූ පොලිසිය හිමිනමත්, හිමිනමගේ සහෝදරයාත්, ස්ත්‍රී දූෂණයට අනුබල දුන් දැරියගේ අත්තම්මා සහ නැන්දාත් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත්කර ඇත. දොඹගහවෙල වැඩබලන පොලිස් ස්ථානාධිපති උ.පො.ප. සිල්වා මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    EK atheists…
    36e8se.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ඥාණෙ කෙසේ වෙතත් වෙන මොකක් ද නම් හොදට ගවේෂණය කරලා වගේ. වයසක උපාසක අම්මත් හරි ෂෝක්. ශ්‍රද්ධාව ඉයවහා ගියපු කෙනෙක් වගේ. :dull:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඥාණෙ කෙසේ වෙතත් වෙන මොකක් ද නම් හොදට ගවේෂණය කරලා වගේ. වයසක උපාසක අම්මත් හරි ෂෝක්. ශ්‍රද්ධාව ඉයවහා ගියපු කෙනෙක් වගේ. :dull:
    මේවත් අර කලින් මුස්ලිම් අයට විරුද්දව ලියපු වගේද දන්නෙත් නෑ. මෙහෙම කරලා ඒතිස්ට් හා ආගමික බෙදීම්ක් හදන්නත් පුලුවන් . එහෙම කරලා ජවිපෙ මර්ක්ස්වාදියෝ බුද්ධාගමට ගරහනවා වගේ තැනකට එන්න හදන්නත් පුලුවන් . දැන් කොහොමත් අයිස් කැම්පේන් හැමදේම කැම්පස් ජවිපෙ ඉලක්ක කරලනෙ කරන්නෙ.

    ඔය කැම්පේන් හැම දේම එකක් වෙන්න පුලුවන් තව ටික කාලෙකින් . ගංජා ,අයිස් ගහන ආගමක් අදහන්නෙ නැති ජෙප්පො බෞද්දයන්ට ගරහනවා කියන තැනට ඊළග මතය හදන්නෙ.
    ------ Post added on Dec 30, 2022 at 10:37 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මේවත් අර කලින් මුස්ලිම් අයට විරුද්දව ලියපු වගේද දන්නෙත් නෑ. මෙහෙම කරලා ඒතිස්ට් හා ආගමික බෙදීම්ක් හදන්නත් පුලුවන් . එහෙම කරලා ජවිපෙ මර්ක්ස්වාදියෝ බුද්ධාගමට ගරහනවා වගේ තැනකට එන්න හදන්නත් පුලුවන් . දැන් කොහොමත් අයිස් කැම්පේන් හැමදේම කැම්පස් ජවිපෙ ඉලක්ක කරලනෙ කරන්නෙ.

    ඔය කැම්පේන් හැම දේම එකක් වෙන්න පුලුවන් තව ටික කාලෙකින් . ගංජා ,අයිස් ගහන ආගමක් අදහන්නෙ නැති ජෙප්පො බෞද්දයන්ට ගරහනවා කියන තැනට ඊළග මතය හදන්නෙ.
    ------ Post added on Dec 30, 2022 at 10:37 AM
    ඔව් එහෙම වෙන්නත් පුළුවන්. කිරියෙත් නිරාගමික පාට් එකෙන් කතා කරන සමහරු ඇත්තටම නිරාගමික අය නෙවේ කියලා තමයි ඒ අයගෙ කියුම්වලින් මට නම් තේරෙන්නෙ. ලොකුම ප්‍රශ්ණෙ තියෙන්නෙ මෙච්චර සිද්ධි රටේ සිද්ධ වෙනකොට මහනායක උන්නාන්සෙලා මේවා ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි කියන එක? ඒගොල්ලො ඉන්නෙ දේශපාලුවොන්ගෙ අත්වල පිරිත් නූල් බදින්න විතර ද? ඕවට ඇස් කන් පියාගෙන ඉන්න එකෙන් වෙන්නෙ කොහෙවත් ඉන්න හොර චීවරධාරියො ටිකක් නිසා මිනිස්සු බුද්ධාගමෙන් ඈත් වෙන එක. 😐😑