ඥාති සංග්‍රහය

DLoudT

Member
Jul 9, 2015
93
8
0
150926134024_daham_sirisena__un_640x360_b_nocredit.jpg


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කරන සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමි පවතී.
ජනාධිපතිවරයා ඊයේ සිකුරාදා සැසි වාරයට සහභාගී වෙමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ජන මාධ්‍යය ඔස්සේ පළ කෙරුණ අතර විදේශ ඇමති මංගල සමරවීර සහ අධිකරණ හා බෞද්ධ කටයුතු භාර ඇමති විජේදාස රාජපක්ෂ සමඟ දහම් සිරිසේන ජනාධිපතිවරයා අසළින්ම හිඳ ගෙන සිටින ආකාරය එමගින් පෙන්නුම් කෙරෙයි.
දහම් සිරිසේන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක් කරනු ලැබුණේ කවර පදනමකින්ද යන්නයි බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රශ්න කරනු ලබන්නේ.
වෙනසක් නැහැ
ඉහත කී ඡායාරූප පළ කෙරුණ සැණින් එක් අන්තර්ජාල පාඨකයෙක් කියා සිටියේ ‘අලුත් ක්‍රමයත් පරණ ක්‍රමයෙන් වෙනසක් නැහැ’ යනුවෙනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනවාරි අට වෙනි දින ඡන්ද විමසීමට පෙර කලින් පැවති මහින්ද රාජපක්ෂ පාලනය දෝෂ දර්ශනයට ලක් කිරීමේදී භාවිතා කළ එක් දේශපාලන සටන් පාඨයක් වුණේ ‘ඥාති සංග්‍රහයයි’.
එම ඥාති සංග්‍රහයට තිත තබන බවයි ඔහුගේ ප්‍රතිඥාව වුණේ.
‘මේක නරක ගමනක්.මට තේරෙනවා පියෙක් පුතාට හැම අවස්ථාවක් ම ලබා දීමට මනාප බව. ඒත් ඒකට එක්සත් ජාතීන්ගේ සමුළුව යොදා ගත යුතුද? ඔඩු දුවා ඇති ති සංග්‍රහ දේශපාලනය අවසන්න් කිරීම අමාරු නමුත් ජනාධිපතිවරයා එය සිදු කළ යුතුයි’ තවත් සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාරයකින් පැවසෙයි.

‘ශ්‍රී ලංකාවේ පවුල් දේශපාලනය කියන්නේ යහපාලනයටද?’ සමාජ මාධ්‍ය ජාලයේ තවත් ප්‍රශ්නයකි
සිරිසේන ජනාධිපතිතුමනි! හරිම කනගාටුයි!ඔබත් හදාන්නේ මහින්ද රාජපක්ෂ ගිය පාරේ යන්නද?’ තවත් ප්‍රශ්නයකි.
‘මෙය පෞද්ගලික මුදලින් ගිය ගමනක් කියල කියන්න පුළුවන්.එත එහෙම ගියත් ඔහු ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ අසුන් ගන්නේ කොහොමද?’ තවත් ශ්‍රී ලාංකිකයෙක් ප්‍රශ්න කරයි.
සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙවැනි ප්‍රකාශන දස දහස් ගණනිනි හුවමාරු වෙමින් පවතින්නේ.
බලයට පත් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ සිදු කළ සංචාරයටත් සිය පුතු දහම් සිරිසේන සහභාගී කර ගත්තේය.

Source : BBC
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    JVP එකට එකපාරක් දීලා බැලුවනම් හරි.

    දැන් පරක්කු වැඩියි :dull:දීල බලන්න ඕන දීල බලන්න ඕන කියලා 18 කලිනුත් ගොඩක් උන් කිවුවා.එත් අන්තිමට පරණ ගොන්කමම කරා:growl:
    ආයේ ඉතින් ලබන චන්දෙ වෙනකල්ම මේ දෙගොල්ලොන්ට බැන බැන ඊළඟ එකේදී ජවිපෙට දෙන්න ඕන කියලා ආයෙත් චන්දෙ ලං උනාම පරණ ගොනකමම කරපන් :dull:
     

    Similar threads