


බොදු බල නානසාර නිකායේ තවත් චීවරධාරියෙක් පොලිස් අත් අඩංගුවට---
(ලංකා ඊ නිව්ස් -2014.ජන.21, ප.ව.5.30) බොදු බලයේ ඥානසාරගේ අඩිපාරේ ගිය තවත් චීවරධාරියෙක් හොරණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. බීමත්ව කැබ්රියක් පදවා රිය අනතුරක් සිදුකළ මෙම චීවරධාරියා හොරණ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේ ය. චීවරධාරියා බීමතින් පැදවූ කැබ් රථයට පුද්ගලයින් දෙදෙනෙකු ගැටී තුවාල ලබා ඇති අතර පසුව කළ සොයා බැලීම් වලදී දැනගන්නට ලැබී ඇත්තේ බීමත් චීවරධාරියා සමාජ සේවා අමාත්‍යංශයට අනුයුක්තව සේවය කරන චීවරධාරියෙක් බවයි. මොහුගේ සමාජ සේවයේ තරම මෙම සිදුවීමෙන් කාට කාටත් පසක් වී තිබේ. සිද්ධිය යටපත් කිරීමට චීවරධාරීන් ද පොලිසියද කටයුතු කරන බව ප්‍රදේශවාසීහු පවසති.
බොදු බලයේ ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාද බීමතින් ලොරියක් පදවා ත්‍රීවීලර් රථයක් හප්පා එහි රියැදුරුට තුවාල සිදුකළ අයෙකි. පසුව අධිකරණයේදී වරද පිලිගෙන දඩ මුදල් පවා ගෙවා ඇති නමුත් සංඝ නායක හිමිවරුන් විසින් කිසිදු ද`ඩුවමක් ලබා දුන්නේ නැත.
මෙවැනි වැරදි කරන චීවරධාරීන්ගේ සිවුරු ගලවා ශාසනයෙන් එළවා නොදැමීම නිසා තව තවත් චීවරධාරීන් එම වැරැද්දම සිදුකරමින් චීවරයද දරමින් බෞද්ධ බැතිමතුන්ද මුලා කරමින් කරදරයකින් තොරව විසීමට අවස්ථාව සැලසී ඇත.
මෙවැනි තක්කඩියන් සිවුරු දරන්නේ ජනතාව මුලා කිරීමට පමණි. මොවුන්ට එරෙහිව සංඝ සමාජය ක්‍රියා නොකරන්නේ නම් ගිහි සමාජය හෝ මෙවැනි තක්කඩියන්ට එරෙහිව ක්‍රියා කොට සැබෑ බෞද්ධ ශාසනය බේරා ගත යුතුය. මෙවැනි තක්කඩියන්ගේ තට්ටයට කුරුඳු පොලූ දානයෙන් සංග්‍රහ කොට ගා සිවුරු ගලවා පූජනීය ස්ථානවලින් එළවා දැමිය යුතුය.
Source
http://www.facebook.com/photo.php?fbid=656144404450728&set=a.219828384749001.57957.219430344788805&type=1&theater
http://www.lankaenews.com/Sinhala/news.php?id=24080