ඥානසාර හිමිට කිතුහඞ ඉතිහාස පාඩමක් උගන්වය
කතෝලික සභාව ආගම ප‍්‍රචාරය කිරීම පිණිස රටවල් ආක‍්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැති බව ‘කිතුහඞ’ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
පසුගියදා බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාරහිමි විසින් පාප්තුමන් මෙරට බෞද්ධයන්ගෙන් සමාව ගත යුතු යයි කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස එම ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් මේබව කියා සිටී.
ලබන වසරේ මුලදී සිදුවීමට නියමිත අතිඋතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකාගමණය යම් යම් පිරිස් එක්වී කඩාකප්පල් කිරීමේ කුමන්ත‍්‍රණයක් පවතින බවද එහි දක්වා තිබේ.
සම්පූර්ණ නිවේදනය මෙසේය.
පොදු හදවත් රිදවන නිශ්ඵල ප‍්‍රකාශ කිරීම් වලින් වලකින්න
බොදුබල සේනාවේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසු ගිය දිනක‘පාප්තුමා බෞද්ධයින්ගෙන් සමාව ගත යුතුයි’ යනුවෙන් මාධ්‍යයට කර තිබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික ගිහි සංවිධානයක් ලෙස කතෝලික ජනතාව හා කතෝලික සභාව වෙනුවෙන් මෙලෙස පැහැදිලි කරනු කැමැත්තෙමු.
පළමුව උන්වහන්සේ කරන ලද එම ප‍්‍රකාශය සම්බන්ධව අප සංවිධානය ප‍්‍රමුඛ කතෝලික සභාවේ සාමාජිකයින් විමතියටත්, කණගාටුවටත් පත් වූ බව සදහන් කරනු කැමැත්තෙමු.
වසර සියයකට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් නැවත මෙලෙස මතභේදාත්මක ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරීම එක් අතකින් විමතියට කරුණක් බව ඕනෑම අයෙකු පිලිගන්නා දෙයකි. එලෙසම වසර සියගානකට පෙර සිදු වූ සිද්ධියකට එයට කිසිසේත්ම සම්බන්ධ නැති පුද්ගලයෙකු පාදක කරගැනීමත්. වසර සිය ගණනකට පෙර සිද්ධියක් නිසා වත්මන් කතෝලික හා බෞද්ධ සංහිදියාවට හානි වන අන්දමේ ප‍්‍රකාශ කිරීමත් එක් අතකින් ප‍්‍රශ්නකාරීවේ.
කතෝලික දහම සම්බන්ධයෙන් ඉතිහාසයේ පටන් ඉතා හොදින් සොයා බැලූවහොත් පෙනී යන කරුණ නම් කිසි විටෙකත් කතෝලික සභාව ආගම ප‍්‍රචාරය කිරීම පිණිස රටවල් ආක‍්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැති බවයි. විවිධ අවස්ථාවලදී කතෝලික දහම වැළද ගත් විවිධ රජවරු හා රටවල් සිය පෞද්ගලික දේශපාලන හා ආර්ථක ප‍්‍රතිලාබ වෙනුවෙන් ආගම ඉදිරියට දමා යටි අරමුණකින් විවිධ රටවල් ආක‍්‍රමණය කළ බව එහිදී විවරණ වනු ඇත. මෙරටට පැමිණි පෘතුගීසීන්ගේ පවා මුඛ්‍ය අරමුණ ආගම ප‍්‍රචාරය නොව සිය වෙළෙදාම පිණිස රටවල් ආක‍්‍රමණය කිරීම බව ඕනෑම අයෙකුට වැටහේ. එනිසාම ලංකාව ආක‍්‍රමණය කරනු ලැබුවේ කතෝලික සභාවේ නායකයෙකු වන අති උතුම් ශුද්ධෝත්තම පියතුමෙකු හෝ කතෝලික පූජකයෙකු නොවේ.
මෙරට එකළ ආක‍්‍රමය කරන ලද්දේ පෘතුගාලයේ, ඕලන්දයේ හා එංගලන්තයේ රජය නියෝජනය කරන රාජ්‍ය දූතයින් හා එම රජයට අයත් භට සේනාවේ. ඔවුන් වැළ`දගෙන සිටියේ කතෝලික හෝ ක‍්‍රිස්තියානි දහම නිසා එයට වතිකානයට චෝදනා කළ නොහැක.
පූජ්‍ය ඥානසාර හිමි පවසන පරිදි එකළ ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීම වෙනුවෙන්, වෙහෙර විහාරස්ථාන විනාශ කිරීම වෙනුවෙන්, බෞද්ධයින් ඝාතනය
කිරීම වෙනුවෙන් සමාව ගත යුත්තේ වත්මන් ශුද්ධෝත්තම පියතුමා නොව වත්මන් පෘතුගාලයේ, ඕලන්දයේ (නෙදර්ලන්තයේ) හෝ එංගලන්තයේ රාජ්‍ය නායකයින් විසිනි.

Last edited: