ඥානසාර හිමියන්ගේ අභියාචනා ඉල්ලීම ප්‍රති&
අධිකරණයට අපහාස කිරීම චෝදනාව යටතේ නියම වූ වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම නියෝගය ලබා දෙන ලද්දේ අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසිනි.
අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අගෝස්තු 8 වෙනිදා වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවිය යුතු බව නියම කළේය.
එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අභියාචනාධිකරණයට කරුණු දැක්වීය.
එහිදී ජනාධිපති නීතිඥවරයා ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවේ තිබෙන නීතිමය දෝෂ තුනක් පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කළේය.
මෙම කරුණු මත උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය එම ඉල්ලීමට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය.
ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කරන ලෙසය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයන් ඥානසාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.
රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත්, පළමු සහ දෙවන චෝදනාවන්ට වසර හතර බැගින් ද, තුන්වන චෝදනාවට වසර හයක් සහ අතර වන චෝදනාවට වසර 5 ක් බැගින් බරපතල සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් එම සිරදඬුවම් එකවර එනම් වසර හයකින් ගෙවිය යුතු බව නියම කළේය.
ඥානසාර හිමියන්ගේ අභියාචනා ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි