ඥානසාර හිමි වසර 04 කට නැවතත් ඇතුළේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඩුවමක් නියම කර තිබේ.
    2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම තීන්දුව අධිකරණය ලබා දුන්නේය.

    ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින්
    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.



    මෙම නඩුව මීට මසකට පමණ පෙර පසුගිය පෙබරවාරියේ කැඳවූ අවස්ථාවේ හිමියන්ට අවාසි සහගත ආකාරයේ තීන්දුවක පූර්ව ලක්ෂණ පෙන්නුම් කර තිබුනි. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයේදී මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදින පවසා තිබුණි.
    සාක්ෂි විභාගය එදින අවසන් වීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව මාර්තු මස 28 වැනි දින ලබාදෙන බවට විනිසුරුවරයා නියම කර තිබූ අතර ඒ අනුව වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම විය.



    මීට පෙර ද ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම වුවද ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී නිදහස් කර තිබුණි.
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩුවක් විභාග වන අවස්ථාවක අධිකරණයට බලෙන් පැමිණ
    අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබියදී ජනපති සමාව ලබාදී තිබුනි.

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කුරගල අපහාස නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙද්දී
    නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග නීතිඥ සංජය ආරියදාස විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදින පවසා තිබුණි
    අන්න සමාවත් ඉල්ලල බයියන්ව පාවාදීල නේද? මයිනා මීක් කියලද @2osama @N A K A M U R A @JBLs @weer 11 @erozan
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    ආපහු රට ජාතිය බේර ගමුත ? :lol:

    hh1d5IP.jpeg


    Sorry අමතක උනා. දැන් මානව හිතවාධි ජෙප්පෙක් නේ :lol:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,413
    4,043
    113
    Le Mahii: සාදු පොඩ්ඩක් ඇතුලට යමු
    NanaSar: එහෙයි මහත්තයෝ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    පිටේ හංවඩුවකුත් ගහලා ඇතුලට දාන්න ඕනේ හොර ගණයව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රට බේරාගන්න අවස්ථාවක් එන්න ද යන්නේ.