ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යා

    ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යානයක්

    image_4247c0a901.jpg
    සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් නැමැති චන්ද්‍රයාගේ රහස් සොයන්න ඇමෙරිකාවේ නාසා ආයතනය නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් නිර්මාණය කිරීමට සූදානම් වේ. ‘ඒවියේටර්’ යනුවෙන් නම් කළ එම ඩ්‍රෝන යානය ඇමෙරිකාවේ අයිඩහෝ සරසවියේ තාක්ෂණ විද්‍යාඥ ජේම්ස් බාර්න්ස් සහ ඔහුගේ 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ නිර්මාණයකි. යානය නිපදවන්න වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කි. එහෙත් එය සෙසනුරුගේ ටයිටන් චන්ද්‍රයා වෙත යැවීමටත් ගවේෂණ කටයුතු සිදු කිරීමටත් වැය වන මුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 715 ක් පමණ වනු ඇතැයි නාසා ආයතනය පවසයි.


    සෙනසුරු ග්‍රහයාට අයිති ටයිටන් චන්ද්‍රයා අපේ සඳට වඩා විශාලය. එය බුද ග්‍රහයාටත් වඩා විශාල බවයි තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ටයිටන් වන්ද්‍රයා විද්‍යාඥයන්ට ලොකු අබිරහසක්. එහි රහස් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාවක් ලැබී නැහැ. ටයිටන්ගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශක සෘණ 178 සිට 178 තෙක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාට තිබෙනවා ඝණ වළාකුළුවලින් පිරුණු වායු ගෝලයක්.ගවේෂණයට ඩ්‍රෝන යානයක් සුදුසු යැයි විද්‍යාඥයන් තීරණය කළේ ටයිටන්ගේ එම ඝණ වායු ගෝලය නිසාය. ටයිටන්ගේ ඝණ වායු ගෝලයේ ‘ඒවියේටර්’ යානයට දීර්ඝ කාලයක් ගුවනේ රැඳී සිටින්න හැකියාව ලැබෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    ප්ලූටෝනියම් බල ප්‍රභවයකින් ක්‍රියාත්මක ‘ඒවියේටර්’ යානයේ බර කිලෝ ග්‍රෑම් 120 කි. මෙහි සවි කළ අති ප්‍රබල කැමරාවලින් ටයිටන් චන්ද්‍රයාගේ ත්‍රිමාණ ඡායාරූප ගැනීමක් සිදුකෙරෙනු ඇත. ‘ඒවියේටර්’ මෙහෙයුම වෙනුවෙන් වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කි. ‘ඒවියේටර්’ ප්‍රධාන අරමුණ ටයිටන්ගේ භූ විෂමතා හඳුනා ගැනීමය.

    පියැසරි මෙහෙයුම් අවසන් වුණාට පසු චන්ද්‍රයාගේ මතුපිටට ගොඩ බා පස් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමටත් ‘ඒවියේටර්’ යානයට බලාපොරොත්තු වේ. ‘ඒවියේටර්’ යානය ටයිටන් චන්ද්‍රයාට රැගෙන යනු ඇත්තේ නාසා රොකට්ටුවක් මගිනි. එම රොකට්ටුවේ කැප්සියුලයක් තුළ ඇසුරුම් කෙරෙන ‘ඒවියේටර්’ යානය සක්‍රීයවී ගවේෂණ කටයුතු ආරම්භ කරන්නේ ටයිටන් චන්ද්‍රයාගේ වායු ගෝලයට ඇතුළු වීමෙන් පසුවය.


    ලුසිත ජයමාන්න

    https://www.nasa.gov/press-release/...pment-for-missions-to-comet-saturn-moon-titan
     
    • Like
    Reactions: Pessimist

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    අපේ උන් ඕවට බයේ කේන්දර හදනවා. කපුටන්ට ගිතෙල් කවනවා
     

    Similar threads