ටස්මේනියානු යක්ෂයා - Tasmanian Devil
Tasmanian Devil නම ඇහුව ගමන් මතක් වෙන්නේ
අර පොඩි කාලේ බලපු කාටූන් එක!
අහුවෙන ඕන දෙයක් කැරකි කැරකි කන කොච්චර කෑවත් බඩගිගිනි වෙන ලොකු ඔලුවක් ඇති හාදයා!
ආ, ඔන්න බලාගන්න! 
ඒ කාටූන් එක බැලුවම හිතෙන්නේ මූ මහා දරුණු ගනයේ ක්‍රිමිනල් දෙන පොරක් කියලානේ!
ඒත් මෙයා එහෙම්මමත් නෑ.

මෙයා තමයි පොර 
අපි මෙහෙම පටන්ගමු:
Tasmanian Devil හෙවත් ටස්මේනියානු යක්ෂයා කියන්නේ, දැනට ඉතිරිව ඉන්න විශාලතම මාංශ භක්ෂක් වෙනවා මෙයාලගේ කැටගරි එකේ!
මෙයා අයිතිවෙන්නේ Marsupials (මාර්සුපියැල්ස්) කියන ක්ෂීරපායි කැටගරි එකට.
Marsupials (මාර්සුපියැල්ස්) කියන්නේ, කිරිබී වැඩෙන sub category එකක් Marsupialia වල!
හික්ස්! පොඩ්ඩක් ටැපලෙනවා නේද?
හරි Marsupial (මාර්සුපියැල්) කියන්නේ
: මේ ගොල්ලෝ ක්ෂීරපායි වර්ගයක් වන අතර, විශේෂත්වය වන්නේ මේ ගොල්ලෝ සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට පෙර උපත ලබා පසුව අම්මගේ බඩ මත පොඩි මල්ලක වැඩෙන එක.
කවුරුත් දන්න කැන්ගරු අයියලා තමයි මේකට හොඳම උදාහරනේ!
දැන් කට්ටියට තේරෙන් ඇතැයි කියලා හිතනවා ඕං!

මේ ඉන්නේ ටස්මේනියන් යකා පැටැව් තියන් ඉන්න විදිහ
ඒ වගේම දැනට ඉන්න සියලුම Marsupials ලා ඉන්නේ ඔස්ට්‍රේලියා සහ ඇමරිකාවල විතරයි.
මේ ඉන්නේ යාළුවෝ සෙට් එක වමේ ඉඳලා දකුණට ගත්තොත් නම් පිළිවෙලින්:
නැගෙනහිර අළු කැන්ගරු, වර්ජිනියා ඔපෝසම්, දිගු නාසය සහිත බණ්ඩිකූට්, ටස්මේනියානු යක්ෂයා සහ මොනිටෝ ඩෙල් මොන්ටේ!!!

හරි වටේ ගියා ඇති දැන් බලමු පොර කව්ද කියලා?

පොර කට්ට කළුයි ඒ වගේම ඇඟේ සුදු පැල්ලම් තියෙනවා. පෙනුම භයංකාරයි!
ඔලුව ඇඟට වඩා ලොකුයි.
මේ ගොල්ලෝ අඩි 2 විතර දිගට ලොකුවෙනවා. බර කිලෝ 8 ත් 10 වගේ වෙනවා. පිරිමි සත්තු ගැහැණු සත්තුන්ට වඩා තරමක් ලොකුයි. ඒ වගේම තමයි මේ ගොල්ලන්ගේ කෑගැහිල්ල නම් හරිම අප්‍රසන්නයිලු.
මේ ගොල්ලන්ගේ කෑගැහිල්ලේ තරම කොහොමද කියලා බලන්න

මේ ගොල්ලන්ගේ ඇඟිලි ගත්තොත් දිගු ඇඟිලි පහක් තියෙනවා, හතරක් ඉදිරිපස දෙසට වෙන්න තියෙන අතර එකක් පැත්තෙන් එළියට එන්නලු පිහිටන්නේ. එහෙම තියෙන නිසා මෙයාට පහසුවෙන් ආහාර රඳවා ගන්න පුලුවන් වෙනවා. ආ, තවපොඩ්ඩෙන් අමතක වෙනවා වලිග කෑල්ලකුත් තියෙනවා නොවැ.
මේ ගොල්ලෝ එලියට එන්නේ වැඩිපුරම රෑට තමයි. දවල්ටත් ඉන්නවා. ඉන්නේ පඳුරු වල හෝ වළවල් වල.
මේ ගොල්ලෝ කෑමකද්දී හරිම පෙරේතයි. ඒ වගේම හරිම සැරයි. ඒ වගේම මේ ගොල්ලන්ගේ හකු හරිම හයියයි. කටුත් එක්කම ලොකු මස් කෑලි කඩාගෙන කන එක මේ යකාට හරි සුළු දෙයක්.
මේ ගොල්ලන්ගේ හකුවල ශක්තිය නොදෙවෙනි වෙන්නේ හයීනලට විතරයි කියලා කියනවා.
ඕන මළකුනක් නිකන් දුන්නොත් මේ ගොල්ලෝ කාලා දාවි. සාමාන්‍යයෙන් දිනකට ඔවුන්ගේ ශරීර බරෙන් 15% ක් මස් වලින් අනුභව කරනවාලු,
කෙසේ වෙතත්, මේ ගොල්ලන්ගේ ශරීර බරෙන් 40% ක් මිනිත්තු 30 කින් ආහාරයට ගන්න පුලුවන්ලු.
වැඩිපුරම කන්නේම මලකුණුම තමා. තව කුරුල්ලන්, මාළු, පළතුරු, එළවළු ද්‍රව්‍ය, කෘමීන්, ඉස්‌ගෙඩියන්, ගෙම්බන් සහ උරගයින් වගේ දේවලුත් කනවලු.
තව අසනීප, අබ්බගාග සත්තු සෙට්වුනොත් පනපිටින් වැඩේ දෙනවලු.
ඒ වගේ වෙලාවට අසනීප, දුර්වල සතා කොච්චර ලොකු වුනත්, මෙයා බඩගින්නේ ඉන්නවෙලාවට පැන පැන මස්කෑලි කඩාගෙන කන එක ගේමක් නෙමෙයිලු.

තව මේ ගොල්ලන්ට හොඳට පීනන්න වගේම ගස් නගින්නත් පුලුවන්ලු.
මේගොල්ලෝ දක්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා දූපතේදී විතරයිලු.
මේකත් බලලම යන්න
තව කියන්න ඕනා මේ දාන විස්තර කාගෙන්වත් කොපි කරපු ඒවා නොවෙන බව. 

Last edited: